fbpx
11.1 C
New Zealand
Friday, September 13, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පාඨක ප්‍රතිචාර සමීක්ෂණය – ශ්‍රී ලන්කන්ස්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

වසර දෙක හමාරකට ආසන්න කාලයක් පුරා ඔබ අතට පත්වන ‘ශ්‍රී ලංකන්ස්’ පුවත් පතෙහි අපි පසුගිය දිනවල සමීක්ෂණයක් කළෙමු. අපගේ  පාඨක ප්‍රතිචාර ලබා ගැණීම මෙහි එක බලාපොරොත්තුවක් වීය. එම අදහස් උපයෝගී කර ගෙන,  පුවත්පතේ ගුණාත්මක බව කෙසේ ඉහළ දැමියහැකිදැයි සලකා බැලීම දෙවැනි අපේක්ෂාව වීය. අපට ලැබුණු ප්‍රතිචාරය  98% ක් වීය. සමීක්ෂණයේ ප්‍රථිඵල-සාරාංශයක් පහත පළවේ.

  • පුවත්පත හා වඩාත්ම උනන්දුවෙන් කටයුතු කළ බව පෙනී ගියේ වයස 35-44 අතර  කාංඩයය. ප්‍රතිශතය 32% කි. ඊළඟට ක්‍රියාශීලිත්වය පෙන්වූයේ වයස 45-54 කාංඩයය. ප්‍රතිශතය 24%කි.  25-34, 55-64 හා 65-75 පිළිවෙලින් ඊළඟ  වයස් කාංඩ වීය. පාසල් වියේ  දරුවන් හා ජ්‍යේෂ්ඨ පුරවැසි වයස් කාංඩවල අය  ශ්‍රී ලංකන්ස් සමග ඉතා සමිපව කටයුතු කරතත්  ප්‍රායෝගිකමය ගැටලු නිසා මෙම සමීක්ෂණයෙන් ඔවුන්ගේ ප්‍රතිචාර පෙන්නුම් නොකෙරේ.

  • 53% ක ප්‍රමාණයක් පුවත් පත කියවන අය වූහ. 28% ක්  කියවන හා  පළකිරීම සඳහා ලිපි ලේඛන  සපයන වූහ.

  • මුද්‍රිත පුවත්පත 33%ක ප්‍රමාණයක්ද, එහි අන්තර් ජාල සංස්කරණය 32%ක්ද එම සංස්කරණ දෙකම ඊට සම ප්‍රතිශතයක් කියවන බව ද පළ වීය.

  • පුවත්පතෙහි  ලිපි  ලේඛන රචනා ආදිය පළවනුයේ යම් විෂය බෙදීමකට අනුව ය.  සහභාගිවූ අයගේ කැමත්තේ 62% ක් වන  වැඩිම ප්‍රතිශතයක් සම්මුඛ සාකච්ඡා ලිපි වලට ලැබී ඇත. අලුත් ප්‍රවෘත්ති, ඉතිහාසය, කෙටි කතා, පද්‍ය ය , සෞඛ්‍යයට අදාළ ලිපි, දරුවන්ගේ පිටුවලටද ඇගයීම් සහිත ප්‍රතිශතයන් ලැබී ඇත.
  • 22% ප්‍රතිශතයක්, ලිපි ලේඛන සපයන අය,  අප හෝ බාහිර ලේඛකයන් සමග තම ලිපි ලේඛන ඇගයීම් වස් යම් යම් සාකච්ඡා වලට කැමැත්ත පළ කර ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් කැමති  වී ඇත්තේ දුරස්ථ (online)කරන සාමුහික සාකච්ඡාවලටය. 

  • ප්‍රජා පුවත් පතක් ලෙස ශ්‍රී ලන්කන්ස් ප්‍රගතීය අපේක්ෂිත මට්ටමක ඇති බව  53%  ප්‍රමාණයක් දක්වා ඇති  අතර,  මුළු සහභාගිත්වයෙන් 38%ක් පවසන්නේ එම ප්‍රගතිය තම අපේක්ෂිත මටටම ඉක්මවා ඇති බවය. මෙය  තම  අපේක්ෂිත මට්ටමට පහත බව 3% ක ප්‍රමාණයක් සඳහන් කර ඇත. 
  • තම ලිපි ලේඛන සඳහා වන ප්‍රතිචාරය, ඇගයුම හා විවිධ දෘෂ්ටිකෝණවලින් වන විමසුම දැනගැණීමට, යම් ක්ෂේත්‍රයක තම  අත්දැකීම් වලින්  ලැබුණු දැනුම බෙදා ගැණීමට  ඉන් වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙති.

  • 70% ආසන්න ප්‍රතිශතයක් ශ්‍රී ලන්කන්ස් වෙබ් අඩවියට පිවිසෙන අතර, එහි යූ ටියුබ් හා ෆේස්බුක් යන සමාජ මාධ්‍ය පිටු වලට ප්‍රමාණවත් ප්‍රතිශතයක් සහභාගි වන බවට ද පළ වී ඇත. 
  • වැදගත් පුද්ගලයින් සමග තව දුරටත්  සම්මුඛ  සාකච්ඡා, සංචාරක ව්‍යාපාරය  හා මූල්‍ය ක්ෂෙත්‍රය, නවසීලන්තයේ රැකියා අවස්ථා, අප ප්‍රජාවට අගය කළ හැකි සේවයක් කළ පුද්ගලයින්, හා ශ්‍රී ලාංකීය ප්‍රජා සංවිධානවල පැවත්වීමට නියමිත වැඩසටහන් හා ව්‍යාපෘතීන් ආදිය ආවරණය කරන මෙන් බොහෝ දෙනෙකු යෝජනා කර ඇත. 

මෙම ප්‍රතිචාර අනුව පළවන ලිපි ලේඛන වල විවිධත්වය වැඩි කිරීමට අපි බලාපොරොත්තුවෙමු. දෙවැනිව, බොහෝ ලේඛකයන් දන්වා එවූ පරිදි අප හා සංවාදයනට ඔවුන්ට  ඇරයුම් කිරීමට අපි අදහස් කරමු.  

අපගේ ඉලක්ක අරමුණු හොඳින් ළඟා කරගෙන ඇති බව මෙම ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. මෙම කාර්‍යය තව දුරටත් ඉදිරියට ගෙන යාමට ඔබගේ සහාය මතුවටද ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

දායක වූ සියලු දෙනාටම අපගේ ස්තූතිය හා  ප්‍රණාමය පළකර සිටිමු. 

– ශ්‍රී ලංකන්ස් –

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.