fbpx
8.2 C
New Zealand
Monday, September 14, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

‘ඕමිස්ටන්’ ප්‍රීමියර් ක්‍රිකට් ලීගය | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ 2025 වසරේ අලුතින් ආරම්භවු ‘ඕමිස්ටන්’ ප්‍රීමියර් ක්‍රිකට් ලීගය’ නම්වූ ක්‍රිකට් තරඟාවලිය නවසීලන්තයේ ජීවත්වන ලාංකිකයින් හට වැදගත් කරුණක් වනු ඇත. මෙම ලීගයේ නිර්මාතෘ වන්නේ චමීර විජේතුංග නැමැති තරුණයෙකි.

‘ඇයි තරුණයකු ලෙස ඔබ මෙහෙම බරපතල කටයුත්තකට මුල පිරුවේ?’ මම චමීරගෙන් විමසුවෙමි.

‘2023 වසරේ ඉන්දීය සම්භවයක් ඇති ක්‍රිකට් ලීගයකට මගේ ක්‍රීඩා සමාජයට විශේෂ ආරාධනාවක් ලැබුණා. එම ලීගය අවසන් වන තෙක් රැඳුණු මට නවසීලන්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙවන් ලීගයක් ආරම්භ කිරීම ගැන මුල් බීජය සිතට ආවා.’ ඔහුගේ පිළිතුර වීය.

‘ඔබගේ ක්‍රීඩා සමාජය ගැන කෙටි හැඳින්වීමක් අපට දෙන්න පුළුවන්ද?’ 

‘ඕමිස්ටන්’ ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ආරම්භකයා මමයි. 2025 වසර අවසානයට පැමිණි අද වෙනකොට එහි ක්‍රිකට් කණ්ඩායම් 09 කින් සමන්විත වෙනවා. 2024 වසරේ ක්‍රීඩා සමාජයේ වියදම අපිට දරා ගන්න පුළුවන් වුණත් ක්‍රීඩා සමාජ ගණන වැඩිවීම නිසා දැනට ක්‍රීඩක සාමාජිකත්වය 140 ඉක්මවලා. ඒ නිසා මෙම වසරේ වියහියදම් දරා ගන්න බොහොම වෙහෙසෙන්න අවශ්‍ය වෙලා තියෙනවා.’

‘නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ වැඩිම ලාංකික ක්‍රීඩකයින් ඇතුළත් ක්‍රීඩා සමාජයක් ලෙස ඔබ කණ්ඩායම් ලබා ඇති ජයග්‍රහණ ගැන කිව්වොත්?’ 

‘ඕක්ලන්ඩ් ක්‍රිකට් සංගමය මෙහෙයවන 2025 තරඟාවලිවල දී මෙවර ශූරතා දෙකක් සහ අනු ශූරතාවයක් අපට හිමි වුණා. ඒවා එක් දින තරඟ. දැන් අපි දින දෙකක තරඟ සඳහාත් සුදුසුකම් ලබල තියෙනව.’ ඔහු පැහැදිලි කළේය.

‘ඔබ කණ්ඩායම්වල වෙනත් ජාතීන්ට අයත් ක්‍රීඩකයින් නැද්ද?’ 

‘ඉන්නවා …ඉන්නවා ඉන්දීය, බංගලාදේශ, ඇෆ්ගනිස්ථාන්, පකිස්ථාන හා  පෝලන්ත වැනි යුරෝපා රටවලට අයත් කීප දෙනෙකු ද ඉන්නවා.’

‘ඇයි ඔබ ක්‍රීඩා සමාජයට මෙතරම් ඉල්ලුමක් ඇති වෙන්න හේතුව?’ 

‘මෑතදී ආරම්භ කළ ක්‍රිකට් ලීගය නිසා බොහෝ ක්‍රීඩකයින් අපට ආකර්ෂණය වුණා. අනික අපි එකම පවුලක් විදියට සංවිධානය වීමත් විශ්වාසයත් විනිවිද භාවයත් තවත් හේතුවක්. අනික අපි දක්ෂතාවලින් පිරුණු කණ්ඩායම් මෙන්ම වෘත්තීය සුදුසුකම් ලැබු පුහුණුකරුවන්ගෙන් සමන්විත වීමත් වැදගත් කරුණක්.’

නවසීලන්තයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජයක් වන ඕමිස්ටන් ක්‍රිකට් සමාජය විසින් 2025 වසරේ මාර්තු මාසයේදී OPL නමින් ක්‍රිකට් ලීගයක් ආරම්භ කිරීමට සමත් විය. එය වෘත්තීය විස්සයි විස්ස ක්‍රිකට් ලීගයක ආරයක් ලබා ගෙන තිබුණි. අලුතින්ම ආරම්භ කරන ලද මෙය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් කණ්ඩායම් හයක් නියෝජනය කළේය. මෙම ලීගයේ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා පැවැත්වූ ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩා ෆ්‍රැන්චයිස් 06 ම ඉදිරිපත් වු අතර නවසීලන්තයේ විවිධ ක්‍රිකට් ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික  ක්‍රීඩකයින් 120 වැඩි ප්‍රමාණයක් ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වූහ.

දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.