fbpx
8.7 C
New Zealand
Thursday, May 9, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඕස්ට්‍රේලියාවට එරෙහිව වසර 30ක පැරණි වාර්තාවක් අලුත් වෙයි…

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වසර තිහකට පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගාවලියක දී පරාජය කිරීමට පසුගිය  දිනක දි  හැකි විය. විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ගෙවා දමන ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත් කිරීමට මෙයින් හැකි විය.

විශේෂයෙන්ම අප ස්තුතිවන්ත විය යුතුයි, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකික ජනතාවගේ මුහුණට සිනා රැල්ලක් රැගෙන ආවට. අනෙකුත් කණ්ඩායම් පමණක් නොව විවිධ වූ සංචාරකයින් ලංකාවේ සංචාරය කිරීමට පසුබට වෙද්දි කිසිදු පැකිලීමකින් තොරව  ලංකාවට පැමිණීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කටයුතු කළා. ඔවුන් අප රටට පැමිණියා පමණක්ම නොව අනෙකුත් සංචාරකයින් පවා දිරිමත් කිරීමට කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ සිව්වන එක්දින තරඟයෙන් ලකුණු 04 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 258 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ චරිත් අසලංක ලකුණු 110 ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 60 ක් ද ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 254 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා හා ජෙෆ්රි වෙන්ඩෙසේ කඩුලු 2 බැඟින් දවා ගත්තේය .

ඒ අනුව තරඟයක් ඉතිරිව තිබියදී තරඟ පහකින් සමන්විත ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය තරඟ 3 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය .

වසර 30 කට පෙර 1992 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටේ දී ඔස්ට්‍රේලියානු පිල එක්දින තරගාවලියකින් පරාජය කිරීමෙන් පසු එවැනි තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරන පළමු අවස්තාව මෙයයි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.