fbpx
15.9 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යන්න අත්වැලක් දෙන ලක්දිව් | කුසුම් එදිරිසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

2024 වසරේ ජනවාරි 27 දින ලක්දිව් ඕකලන්ඩ් සුපර් මාර්කට් වෙළඳසැල පැන්මුරා අංක 54 ක්වීන්රෝඩ් වෙත ගෙන ආවේය. ලාංකික හා වෙනත් රටවල සුපර් මාර්කට් එකයාවට ඇති වීදියක් නිසා වෙනදාටත් වඩා එදින අලුත් හැඩතලයක් එම වීදියේ දක්නට ලැබුණි.

“දැන්නම් අපිට ඕන තරම් බඩු ගන්න කඩවල් පිරිලා. හරියට පිටකොටු ගියා වගේ.” ලක්දිව් වෙළඳසැල ඉදිරිපිට දී නිශාන්තට මම කීවෙමි.

“ඔව් අපි අතරේ තරඟයක් නැහැ. අපි බලන්නේ පාරිභොගිකයාගෙ පැත්ත. ඔවුන්ට පහසු නම් ඒක මට සතුටක්.” එම පිළිතුරු දුන් නිශාන්තගේ මුහුණ සිනහවකින් පිරී තිබුණි.

“ඇයි එහා පාරේ ඉඳලා මෙතනට එන්න හිතුනේ?” මම නිකමට ඇසුවෙමි.

“එතන කඩනවා. අලුත් බිල්ඩින් එකක් හදන්න. ඒ නිසා ළඟ හුරුපුරුදු මෙතනට ආවේ.” නිශාන්ත කෙටියෙන් පැහැදිලි කළේය.

මේවන විට ලක්දිව් සුපර් මාර්කට් නවසීලන්තයේ ප්‍රධාන නගර දෙක වන ඕක්ලන්ඩ් හා වෙලින්ටන් නගර දෙකෙහිම වෙළඳසැල් පිහිටුවා අවසානය. ඊට අමතරව ලක්දිව් දේශීය ආහාර හා භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නොබෝදා ලංකාවේදී විවෘත කළේය. ඒ හරහා නවසීලන්තයට ආපනයනය කරන භාණ්ඩ නවසීලන්ත කුඩා නගරවලට පවා බෙදා හැරීම දැනටමත් ආරම්භ කර ඇත.

“කර්මාන්ත ශාලාවක් කිව්වෙ? මොනවද ඒ භාණ්ඩ වර්ග?” මම දැනගැනීමට ප්‍රශ්නයක් ඔහුගෙන් ඇසුවෙමි.

“සහල් වර්ග, ලුනුදියේ බහාලු එළවළු, කරවල, මාළු, තුනපහ, කරවල වර්ග සඳහා මාළු බෝට්ටුවෙන් කෙලින්ම කම්හලට ගෙන එන නිසා ඒවායේ වැලිවත් නෑ. පිරිසිදුයි. අලුත්. ඒවා නවීන තාක්ෂණයෙන් අඩු උෂ්ණත්වයකින් AC හා ශිතකරණ තුළ කරවල බවට පත් වෙන නිසා ගුණාත්මක බව හා රස වැඩියි.”

එය ඔහු අපුරුවට විස්තර කළේය.

“ඉතිං ඉතිං දැන ගන්න ආසයි. ඉතුරු ප්‍රොඩක්ට්ස් ගැනත් කියන්නකො?” මම විමසිලිමත් වුයෙමි.

” අපේම ස්ථානයක සහල් වර්ග ඇසුරුම් කරන නිසා ඒවා ආනයනයට සුදුසු ප්‍රමිතිය ගැන අපිට වගකීමක් දැන් ගන්න පුළුවන්. ශීත කළ එළවළු හා බෝතල් ඇසුරුම් ද ඊට අමතරව අපනයන ප්‍රමිතියට සකස් කිරීමට බලාපොරෝතුවෙන් ඉන්නේ.” නිශාන්තගේ එම වචනවල වගකීමක් ගැබ්ව ඇත.

“ඇයි මෙහෙම වැඩපළක් දැම්මේ? අමුතු කරදරයක් වගකීමක් ගත්තා කියලා හිතෙන්නෙ නැද්ද?” මම සිතට දැනුනු දේ ඔහුට කීවෙමි.

“ඔව් ලෙහෙසි නැහැ තමයි. වෙනම කාර්යය මණ්ඩලයක් නඩත්තු කරන්න වෙනවා. නමුත් අපේම නිෂ්පාදනයක් නිසා අපට බය නැතිව වගකීමක් ගන්න පුළුවන්. සමහර අවස්ථාවල නවසීලන්තය වැනි රටවලට ආහාර වර්ග ගෙන්වීමේ දී පොඩි හරි වැරැද්දකින් සිදුවන ලොකු පාඩු අලාභ වළක්වා ගන්නත් මේ නිසා අපට පුළුවන්. තව තව…” ඔහුට තවත් යමක් කියන්නට අවශ්‍යව ඇත.

“ඉතිං ඒ ටිකත් කියන්න. හොඳ කතාවක් අපේ පත්තරේට.” මම නවසීලන්ත පුවත්පත ගැන සඳහන් කළෙමි.

“ඒක හොඳයි. ඔය පත්තරේ පටන් ගන්න කාලේ මම අවුරුද්දකටත් වඩා එක දිගටම ආධාර කළා. ලාංකිකයින්ගේ අනන්‍යතාවයක්  මම   ශ්‍රී ලංකන්ස් පත්තරයේ දැක්කා. ඒක ලාංකික ප්‍රජාවට හැම අතින්ම වන සේවයක්.” නිශාන්ත ස්තුති පුර්වකව පැවසීය.

“ස්තුතියි අගය කළාට. ඉතිං අර විස්තරයත් කියන්න.” මම සිහිපත් කළෙමි.

” ලංකාවේ ගම් නියම් ගම්වල ගොවියා මෙන්ම හෙළ නිපයුම්වලට නවසීලන්ත ලාංකිකයින්ද ප්‍රිය කරනවා. අනික ලංකාවේ ගම්වල කුඩා ව්‍යවාසකයින්ට තම භාණ්ඩ ජ්‍යත්‍යන්තරයට හඳුන්වා දෙන එකත් මම හිතන්නේ මව්බිමට මම කරන සේවයක් විධියට.” නිශාන්තගේ මුහුණේ හද්ද පිටිසර මිනිසුන්ට කළ යුතු නව උදාවක් ගැන බලාපොරොත්තු පිරී තිබුණි.

“මම දැක්ක හට්ටි මුට්ටි වේවැල් භාණ්ඩ ගල් වංගෙඩි විතරක් නෙවෙයි විවිධ ගැමි කලා කෘතීන් ඔබ වෙළඳසැලේ විකුනන්න තියෙනවා. ඒක හොඳ දෙයක්. වෙන මොනවද තියෙන විශේෂ නිෂ්පාදන? ” මම ඔහුගෙන් විමසුවෙමි.

“මාලු පැකට් කිරීම ඉතා ඉක්මනින් කරන්න ඕන. ඒවායේ ප්‍රමිතීන්ට ගැළපෙන්න අවශ්‍ය වන මැෂින් ළඟදීම ලැබෙනවා.” නිශාන්ත සැලසුමක් හෙළි කළේය.

ඔබගේ පාරිභෝගිකයන්ට මෙවර අවුරුදු මාසෙ වෙන මොනවත් විශේෂ වට්ටම් දෙන්න හිතන්නෙ නැද්ද? ” මගේ අවසන් ප්‍රශ්නයද ඔහුට යොමු කළේය.

“අපි බලාපොරොත්තු වෙනවා මේ අප්‍රේල් අවුරුදු මාසේ ඉඳලා අපේ පාරිභෝගිකයන්ට ගෙදරට අවශ්‍ය වටින දෙයක් ලොතරැයි ඇදීමකින් ලබා දෙන්න. ” ඔහු දුන් පිළිතුර ගැන මම නැවත විස්තර ඇසුවෙමි.

“හරියටම ඵ්ක විස්තර කරොත් ලක්දිව් ඒකෙන් ඩොලර් 50ට වඩා බඩු ගන්න කෙනෙක්ට  එක් ප්‍රවේශපත්‍රයකුත් ඩොලර් 100ට වඩා නම් ප්‍රවේශපත්‍ර දෙකකුත් ලැබෙනවා. ඒ ආකාරයෙන්   ප්‍රවේශපත්‍ර 10 ක් 12ක් වුවද ලබාගන්න පුළුවන්.” නිශාන්ත කීවේය.

“එතකොට මොනාද මේකෙන් දෙන්නේ?”

මම නැවත ඇසුවෙමි.

“ගෙදරකට අවශ්‍ය ගෘහ උපකරණ මාසයකට එකක් ලොතරැයි දිනුම් ඇඳීමෙන් ලැබෙනවා. මාස 12ට ඒ වගේ 12ක් ලබාදෙනවා. මාස 12ම ප්‍රවේශපත්‍ර එකතු කරලා අවුරුද්ද අවසානේට මහා දිනුම් ඇදීමක්  තියලා ලොකු දෙයක්, ඒ කියනනේ මෝටර් රථයක් වගේ දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.” ඔහුගේ පැහැදිලි කිරීම සරල විය.

“ඇයි මෙහෙම කරන්න හිතුවේ?”

“මේ වෙද්දි අලුතින් ලංකාවෙන් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ට  නවසීලන්තයේ ස්ථාවර වෙන්න අත්වැලක් වෙන්නයි අපිට ඕන. රූපවාහිනියක්  සෝෆාකට්ටලයක් ශීතකරණයක් වගේ ඒවා තමයි ගෘහ උපකරණයක් ලෙස දෙන්න හිතුවේ. ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ.” ඔහුගේ විශ්වාසය එය වූයේය.

” නවසීලන්ත ලාංකිකයිනට කියන්න වෙන අලුතින් පණිවිඩයක් හෙම නැද්ද? මම ඇසුවෙමි.

“අලුත්ම බලාපොරොත්තුව තමයි ලක්දිව් franchise ආකාරයේ ශාඛා දෙකක් නුදුරේදීම ආරම්භ කිරීම. ඒ කියන්නේ කාට හරි ඕනෙ නම් තමන්ගේ නගරයේ ලක්දිව් ශාඛාවක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය හැමදේටම උදව් කරන්නත් පුළුවන්.” ඔහු ප්‍රථමවරට එම වැදගත් පණිවිඩය නවසීලන්ත ලාංකිකයිනට ලබා දුන්නේය.

“මොනාද ලංකාවෙන් මෙහෙට ගෙන්වන සන්නාමයන්? ” මම කුතුහලයෙන් ඇසුවෙමි.

“KVC, MD, MDK,Fab cakes and short eats, Yara Coconut, Unicom, Elephant house Smack, Silvermil, Alli, නිකාඩෝ, Freeland matara, විජය, දෙරණ, උස්වත්ත, ඩෙල්මේජ් මැලිබන් වගේ ලංකාවේ ජනප්‍රිය නිෂ්පාදන. විශේෂයෙන්ම ලක්දිව සන්නාමය යටතේ එන බොහෝ නිෂ්පාදන අපි ගෙන්වනවා. ඊට අමතරව ලංකාවේ නන් දෙසින් ලැබෙන කූඩා කර්මාන්තකරුවන්ගේ විවිධ නිෂ්පාදන අපි ගෙන්වනවා.” දිගු විස්තරයක් කටපාඩමින් කරන සැටි මම බලා සිටියෙමි.

නිශාන්ත නවසීලන්තයේ සිංහල බඩු කඩයක් ආරම්භ කරන්නේ ඕක්ලන්ඩ් පැන්මුරා නගරයේදීය. එය “ලක්දිව්” නමින් ලාංකිකයින් අතර ජනප්‍රියවු අතර ඉතා කෙටි කාලයකින් “Lakdiv Super Market” ලෙස ඊට නුදුරුම කඩකාමර කීපයක් තම ව්‍යාපාරයට යා කර ගත්තේය. ලාංකික ජනතාවට සේවාවක් සැපයීම නිශාන්තගේ ප්‍රධාන අරමුණක් වුයේය. එබැවින් ලංකාවේ නිපදවෙන ගැමි භාණ්ඩ හා ලාංකිකයන්ට හුරු පුරුදු ගැමි ආහාරවලට වැඩි තැනක් ලබාදීමට ඔහු නිතරම උනන්දු විය. එලෙසම ලාංකික සංස්කෘතිය හා විශේෂයෙන් තරුණ ප්‍රජාව එක්රැස් කර ප්‍රජා කටයුතු රැසක් සංවිධාන කිරීමට නිශාන්ත සමත් වීය.

2015 දී ලාංකික තරුණ ප්‍රජාව සමග “Linfield Lions Club” පිහිටුවා ගත් ඔහු සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් 2017 දක්වා පකුරන්ගා ක්‍රීඩාංගනයේදී සංස්කෘතික අංග ඇතුළත් සිංහල දෙමළ අවුරුදු විශේෂාංග රැසක් නවසීලන්ත ලාංකික ප්‍රජාවට ලබා දීමට මහන්සි වීය. 2017 වන විට ලංකාවේ දෙරණ ආයතනය සමග එක්වී පැවැත්වූ අවුරුදු උළෙලට 3000 පමණ ජනතාවක් සහභාගිවීම විශේෂ කරුණක් වුයේය. කැළුම් ශ්‍රීමාල් ඇතුළු දෙරණ ශිල්පීන්ගේ පැමිණීමද සුවිශේෂ කරුණක් වූයේය. ගෝලීය කොරෝනා උවදුර නවසීලන්තය අඩපණ කළ අතර එහි ප්‍රතිවිපාක නිශාන්තගේ ව්‍යාපාරවලට ද බලපෑවේය. නමුත් ලොක්ඩවුන් වු එම කාලය තුළ තම වාහනවලින් ලාංකිකයිනට ආහාර ද්‍රව්‍ය නිවස්වල දොරකඩට සැපයීම ඔහුගේ වැදගත් සේවාවක් විය.

කොරෝනා උවදුර නිශාන්තට දැනුනේ තවත් තම ජීවිතයේ පසු කළ කටුක සුනාමියක් ලෙසය. ඔහු තම ධෛර්යය අත්හලේ නැත. 2022 වෙලින්ටන් අවුරුදු උත්සවයකදී ලාංකිකයෝ නිශාන්තගෙන් ඉල්ලීමක් කළෝය.  ඕක්ලන්ඩ්වලට අමතරව Lakdive Super Market දෙවන ශාඛාවක් 300 High St, Lower Hutt, වෙලින්ටන්වල ද ආරම්භ කළේ එම ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසය.

2023 අලුත් අවුරුද්ද ඕක්ලන්ඩ් ගෘහස්ථ දැල්පන්දු ක්‍රීඩාංගනයේ දෙරණ අනුග්‍රහයෙන් ඉහළින්ම සංවිධානය කළේය. ඊට අමතරව ලාංකික කලාකරුවන්ගේ සංගීත ප්‍රසාංග නවසීලන්තයට ගෙන ඒමේ පුරෝගාමියකුද වීය. ඔහු සංවිධානය කළ ප්‍රසංග අතර 2022 දී කොහිමාරා ගෘහස්ථ සංගීත සංදර්ශනය 1500 ඉක්මවු ටිකට් අලෙවි වු ජනප්‍රිය සංගීත සංදර්ශනයක් ද වූයේය.

“මනුසත් දෙරණ” සමග එකතු වී වාර්ෂිකව අප මව්බිමේ අගහිඟකම් ඇති ප්‍රජාවට කරන සේවයට අමතරව නවසීලන්තයේ පන්සල් හා ප්‍රජා සේවාවලට ඇපකැප වීමට අමතක කළේ නැත. ඕක්ලන්ඩ් නගරයේ පිහිටි ලංකාරාමයේ තරුණ සමිතිවල නායකත්වය ගෙන ආගමික මෙහෙවරක් කළ ඔහු එකල එම විහාරස්ථාන භාරකාරත්වයේ සාමාජිකයකුද විය.

නවසීලන්තයේ ප්‍රථම ලාංකික පුවත්පතක් බිහිවන විට ආරම්භයේ දී එයට නව ජීවයක් ලබා දීමට ඇප කැපවූ ව්‍යාපාරිකයකු ලෙස අපි ඔහුට සුබ පතමු.

වෙබ් අඩවිය:- www.lakdiv.co.nz
ඇමතුම් අංකය:- 09 527 7782

කුසුම් එදිරිසිංහ – ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.