fbpx
17.1 C
New Zealand
Sunday, October 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

විභවි – රාගයේ දෙවන වේශය ද්වේශය ද?

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ආදරය ලොව දස දෙස පැතිරිය යුතු මානවකයාට අවශ්‍යම ගුණාංගයකි. නමුත් ආදරය ප්‍රේමය රාගය එක වගේම පෙනුනට එහෙමම නැත. නමුත් මෙම තුන් ඉරියව්වටම සීමාද නැත.

මවකට, දරුවන්ට, පෙම්වතියට, මලකට හෝ සුවඳකට දැනෙන හෝ කණට ඇසෙන ශබ්දයකට කරන ආදරය එකිනෙකට වෙනස්ය. මුලින්ම ආදරයක් ඇතිවී දෙවනුව ප්‍රේමය බිහිවෙතියි සමහරු මත දරති. ආදරයට දෙපාර්ශවයම එකඟ විය යුතු නැතත් ප්‍රේමය ඇතිවන්නේ ආදරය කරන අන්‍යෝන්‍ය සම්මුතියක් සමගය. මලකට හෝ හඳට ආදරය කරන්නට මල හෝ හඳ කැමති විය යුතු නැත.

තම තමන් කැමැති ලෙස යමකු හෝ ද්‍රව්‍යයක් අල්ලා ගැනීම රාගයේ ස්වභාවයයි. බුදු දහමේද ප්‍රතික්ෂේප කර ඇත්තේ තදින් යමකට බැඳීම නැත්නම් ‘උපාදානය’ වීමයි. නමුත් මලක ලස්සන දැකීමට රහතන් වහන්සේගේ කෙනෙකුට වුවද හැකිය. එතුමන්ලා ලස්සන දැක්කාට බැඳීමක් නැත. ආදරය ඊට වඩා වෙනස්ය. එය සත්‍යය ක්‍රියාවකි. එය මෙත්තා, මුදිතා, උපේක්ඛා, කරුණා සිතකින් ලැබෙන මෛත්‍රීගත හැඟීමකි. එබැවින් ආදරය හා රාගය එකක්ම නොවන බව පැහැදිලිය.

ආදරය හා ප්‍රේමය එකිනෙකාට සමානුපාතිකය. මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය එයට උදාහරණ වෙයි. අසල්වැසියාට ප්‍රේම කරන්න යැයි ක්‍රිස්තුස් වහන්සේද පැවසුවේ එය මෛත්‍රීගත සිතිවිල්ලක් බැවින යැයි සිතිය හැක.

ආදරය, ප්‍රේමය, රාගය යන ත්‍රිත්වයම එකට වෙළෙනවිට එය නව යෞවනයේදී වඩාත් පංච කාමයන්ට නැඹුරු වෙයි. එම කාමය තුළ ඇත්තේ ස්වභාවධර්මයා විසින් ජීවියාට තම පැවැත්ම ගෙන යාමට ලබාදුන් තිළිණයකි.  මලක් විහඟුන් තමන් වෙත ඇද බැඳ තබා ගන්නට ආකර්ෂණීය සුවඳ පාට හා විවිධ උපක්‍රමවලින් සමන්විත වනවාසේම හෝ නව යෞවනය විකසිත වන්නේද තම විරුද්ධ ලිංගිකයා වෙනුවෙන් තම අඟපසඟ සරු වන්නේද හොර්මෝන්වල බලපෑමත් සමගය.

නමුත් වයසත් සමග හොර්මෝන්වල පහළවැටීම නිසා වැඩිහිටියන් වන විට මල් පරවී යන්නාසේම තම සිතින් හා ගතින් එම ආශාවන් අවම වීමද අපට වටහා ගත හැක. කුසගින්න පිපාසය හෝ කෙල ගිලීම් යනු ජීව විද්‍යාත්මක ප්‍රේරණයකි. ආදරය හෝ ප්‍රේමයද එවැනිම ගුණාංගයකි.

මාතෘදාරක ප්‍රේමයට හේතුවන හෝමෝනය ‘ප්‍රොජෙස්ටරෝන්’ වෙයි. යෞවනයේ ප්‍රේමයෙන් උත්තේජනය වීමට යුවතියන්ට ඊස්ට්‍රජන් හෝමෝන හා යෞවනයන්ට ටෙස්ටොස්ටෙරෝන්ද හේතු වෙයි. ඩොපමීන්, සෙරටීන්, නොරිෆ්නේෆ්රින්, ඔක්සිටොසින්, වාසොප්‍රිසීන් වැනි හොමෝන ලිංගික ක්‍රියා උද්දීපනය කිරීමටත් සතුට ඇති කිරීමටත් ඉතා මෙහෙයක් සිදු කරන අනෙකුත් හෝමෝන අතරට එක්වෙයි.

පෙම්වතුන් අතර ස්පර්ශය,දැකීම, හඬ ඇසීමට පෙලඹවන්නේ මෙම හෝමෝනයන්ය. එබැවින් රාගය, ආදරය යනු හෝමෝනවල ද ප්‍රතිඵලයකි. නමුත් රාගයෙන් හෝ ආදරයෙන් තදින් උපාදානය වීම භයානකය.

මන්ද රාගය හා වෛරය අතර ඇත්තේ කෙස් ගහක පරතරයක් නිසාය. තදින් බැදුණු රාගයක් නැති වූවිට ඇතිවන්නේ රාගයේම දෙවැනි වේශය වූ ද්වේෂයයි.

වීභාවී

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.