fbpx
8.2 C
New Zealand
Monday, September 14, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

විභවි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නිදා නොගෙන පැය 72 ක් ගත කරන මිනිසෙකුගේ මොළයේ ක්‍රියාකාරිත්වය වෙනස්. එය සාමාන්‍ය මොළයක් නොව විකෘති තත්වයට භාජනය වූ ඉන්ද්‍රියකි. එවැනි මොළයකට විවිධ සිහින මායාවන් ශබ්ද රූප රාමු දක්නට ලැබීම විඩාවට පත් මොළයේ සිදුවන විශාලතම පරිවර්තනයක් වෙයි.

සමහරුන් දකින අවතාර භූත දර්ශන හෝ අපා දර්ශනවලට හේතුව වෙහෙසට පත් මෙවන් මොළයේ විකෘති නිෂ්පාදනයක් ලෙසද සැලකිය හැක. එසේ නොමැති නම් දේවතා එළි දිව්‍යංගනාවන් හෝ දෙවිවරුන් සමග කතාබස් කිරීම් වැනි දේ සිදුවනුයේද එවැනිම විකෘතිවල ප්‍රතිඵලයක් ලෙසද විය හැක.

මෙවන් කරුණු සිදුවීමට හේතුවිය හැකි තවත් හේතු හා රෝග කාරණා එමට ඇතත් අප දැන් කතා කරන්නේ එයින් එක හේතුවක් වන නින්ද නොමැතිකම ගැන පමණි.

ලෙඩෙකු හෝ මහලු වයසේ දුර්වල තත්වයේ සිටින අයකුට දින ගණනාවකින් හරි හමං නින්දක් නොලැබීම අප සමාජයේ දැකිය හැකි සුලබ දර්ශනයකි. එවන් අයට විවිධ මනෝ රූපයන් මැවෙන්නේ ඉහත නින්ද අඩුවීම වැනි කරුණක් නිසාද විය හැක. මරණාසන්න ලෙඩෙකුගේ තත්වය මීටත් වඩා දරුණුය. ඔවුන්ගේ නින්ද නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවීමට බොහෝ හේතු කාරණා ඇත. මොන කාරණාවකින් හෝ ඇය හෝ ඔහු දකින මනෝ දර්ශනවල සත්‍යතාවයක් තවම ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි හෝ සිද්ධාන්ත දුර්ලභය.

නමුත් මරණාසන්න ලෙඩෙකුට විකාර රූප හෝ විවිධ එළි වර්ණ කිරණ දකින්නට ලැබීම නිසා ඔහු හෝ ඇයගේ ඊළඟ භවය ගැන සමහරු අනාවැකි නැත්නම් ඉඟි පළ කරන අවස්ථා එමට සමාජයේ කතාබහක් දක්නට ලැබුණත් ඒවා ගැන අපට සැක පහළ වන්නේ ලෙඩාගේ මොළයේ විපරිත තත්වයන් මතද එවැනි දර්ශන ඇතිවිය හැකි බැවිණි.

සමහර ආගම් භක්තිකයින් දින ගණනින් නිදි වරමින් විවිධ යාතිකා යාඥා හා සිතට වද දෙන විධිමත් නොවන වැරදි භවනා කරමින් නිදි මැරීම දින ගණනාවක් එක දිගට සිදු කරනවිට විවිධ ආලෝක ධාරා දිව්‍යලෝක තල වැනි මනෝ දර්ශන දැකීමෙන් තමන් විවිධ ආගමික ඥාන ලබා ඇතැයි වැරදි වටහා ගැනීම්ද නිරතුරුවම සිදුවිය හැක.

ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙකු භාවනායෝගීව සිටිය යුත්තේ සිහිය ඇතිව පමණි. අවසිහියෙන් හෝ නිදිමරමින් එක දිගට දින ගණනාවක් මනසට දුක් දීමෙන් භාවනාව වැඩීමක් සිදුකළ නොහැක. එබැවින් යමකු අවබෝධයට පත් වන්නේ හොඳ මනසක් සහ හොඳ සිහිය පිහිටුවීමකින් පමණි.

එබැවින් දින ගණනක් එක දිගට නිදිවර්ජිත ආර්ය මාර්ගයේ ඵල ලබා ගැනීම හෝ  ධ්‍යාන ලබා ගැනීමට කවුරු හරි පෙළඹෙන්නේ නම් එය හරි මාර්ගයක් විය නොහැක.

-විභවි-

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.