“බුද්ධිමත් බව යනු ජීවිතයේ මුහුණ දෙන ගැටළු කරදර බාධකවල වෙනස්වීම අනුව නිර්මාණශීලිව හැඩගැසීමයි. තම ජීවිතයේ හමුවන බාධක කඩා වැටීම් බිඳවැටීම්වලින් අසරණ නොවී විපත්වලට අපි මුහුණ දෙන්න ඕන. මරණය එන දවසක එවි. අපි මැරි මැරී ජීවත් විය යුතු නැත.”
එහෙම කිව්වෙ, මේ සියවසේ විසූ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා වූ ස්ටෙෆන් විලියම් හෝකින් (Stephen William Hawking).
ඔහු 2018 මාර්තු 14 වන දින අවුරුදු 77 ඉක්මවා ජීවත්ව අවසන් හුස්ම හෙළුවේය.
ඔහු ලොව විසූ ධෛර්යවන්තම මිනිසා. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය රැගෙන වැඩි දුර අධ්‍යාපනයට කේම්බ්‍රජ් විශ්ව විද්‍යාලයට ගියා.
වයස 21දී හඳුනා ගනු ලැබු චාලක ශක්තිය දුර්වල වීමේ රෝගය නිසා තවත් අවුරුදු දෙකකින් ඔහු මිය යන බව වෛද්‍ය මතය වුවත් ඔහු ඉන් අධෛර්යයට පත් වුණේ නැහැ. ඔහු දිගටම ඉගෙන ගැනීම ගැන කලකිරුනේ හෝ අධෛර්යට පත් වුණේ නැහැ.
න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ ලොව විසූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා ලෙස සැලකෙන ඔහු සිය නිබන්ධයේ “මහා පිපිරුම් න්‍යාය” අනුව විශ්වය සෑදී ඇත්තේ එක් පිපිරුමකින් නොව පිපිරුම් ගණනාවකින් බවත් ඒ බහු විධ පිපිරුම්වල ශේෂයන් එපිට සක්වළට යැවෙන අභ්‍යවකාශ යානයක් මගින් සොයා ගැනීමට අවශ්‍ය මූලික ගණිත සංකල්පයන් හඳුන්වාදුන් කෘතිය වෙනුවෙන් භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයට හිමිකම් කියන්ට ඔහුට නොලැබුණේ ඔහුගේ නවතම පරේයේෂණය එළි දැක් වූ වහාම ඔහු මෙලොව හැරගිය නිසයි. අවාසනාවකට නොබෙල් ත්‍යාගය මියගිය අයට පිරිනමන්නේ නැත.
රෝද පුටුවට වැටුණට පස්සෙත් ඔහු වැඩියෙන් මහන්සි වුණා. ඔහුගේ බුද්ධියෙන් භෞතික විද්‍යාවට හා තාරකා විද්‍යා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විද්‍යාත්මක න්‍යායන් වගේ ම දාර්ශනික මත ලෝක විද්වතුන් විසින් මහ ඉහළින් පිළිගනු ලැබිය.
1985 දී ස්විට්ස්ර්ලන්තයේ සර්න් පර්යේෂණාගාරයට ගිය ගමනේ දී ඔහු දැඩි ලෙස රෝගී වුණා. ඔහු කෙතරම් අසාධ්‍ය තත්ත්වයට පත්වූවාද කිවහොත්, වෛද්‍යවරු ඔහුගේ ‘ලයිෆ් සපෝට්’ ඉවත් කිරීමට තීරණය කළහ. නමුත් හෝකින් ගුවනින් කේම්බ්‍රජ්හි ඇඩන්බෲක් රෝහලට ගෙන ගොස් සැත්කමක් කළේය. ඔහුගේ ජීවිතය බේරුණ නමුත් කටහඬ නැති වුණේය. පරිගණක සින්තසයිසරයක් හරහා දේශන පැවැත්තුවේ. ලොව පුරා රෝද පුටුවෙන් ගිය ඔහු මෑත ලෝකයේ විසූ දීප්තිමත්ම තරුව ලෙස සැලකෙන්නේය.
ඔහු ලියූ පොත් අතරින් වඩාත් ජනප්‍රිය කෘතිය “A Brief History of Time” පළ වුණේ 1988 දිය. නිකුත් වූ පසු එය සති 237ක් ම ලොව වැඩිම අලෙවියක් ඇති පොත් ලැස්තුවේ ඉහළින්ම හිටියා. එය වසර 20ක් පසු කරන විට පිටපත් කෝටියක් අලෙවි වී භාෂා 40කට පරිවර්තනය වී ඇත.
ජීවිතේ ආපස්සට හැරිලා බැලුවම අපිටත් පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ජීවිතේ සිදු වූ හැම දෙයක්ම පිළිගෙන හිත හදා ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි කවුරුත් දුක් කම්කටොළු, බාධක, කඩාවැටීම්, අඬාවැටීම් එක්ක තමයි ජීවිත ගමන අවසානය වෙත ඇවිදගෙන ඇවිත් තියෙන්නෙ.
ඒත් ජීවිත ගැටුම් හා ප්‍රශ්න දරාගන්න බැරි අය සියදිවි නසාගන්නේය. එහෙම නැත්නම් මනස අවුල් කරගන්නේය. ඒ අතින් තවමත් අවුරුදු හැට හැත්තෑව පැනලත් නිරෝගීව මෙත් සිත් වඩමින් අපි ඉන්නවනම් ඒ වයසක අපි ආත්මශක්තියක් ධෛර්යයක් තියෙන “විලියම් හෝකින්ගෙ” ජන කොටසක්.






