රුබයියාට්හි දහඅට වෙනි පැදි පෙළින් කියැවෙන්නේ ‘රෝස‘ සහ ‘හයසින්ත්‘ මල් ගැනයි. ඛයියාම් විසූ පරිසරය පිළිබඳ වර්ණනාවක් සේ මේ කවිය මතුපිටින් මම දකිමි. එසේ වුවද රුබයියාට් හී අනුගත තේමාවන්, විශේෂයෙන් ජීවිතය, මරණය සහ අනිත්‍යය හා මේ කවිය බැඳී ඇතැයි මට සිතේ.
Verse 18.
‘I sometimes think that never blows so red
The Rose as where some buried Caesar bled;
That every Hyacinth the Garden wears
Dropt in its Lap from some once lovely Head.’
රතු රෝස මල ආදරයේ සංකේතයක් බව සැවොම දන්නා දෙයකි. එසේම ඉතිහාසය පුරාවට වීරත්වයේ සංකේතයක් ලෙස ‘රතු‘ රෝස යොදා ගෙන ඇත. ක්‍රිස්තියානු සාහිත්‍යයේ සහ පුරාණ ග්‍රීක ප්‍රවාද වලින් පවා මෙයට අදාල උදාහරණ සොයා ගත හැක.
ඛයියාම් මේ කවියෙන් රජුන් (සීසර්) මිය ගිය බිම පිපුණු රෝස මලක රතු පැහැය තරම් තද රතු පැහැයක් වෙනත් රතු රෝස මල් වල නැතැයි පවසයි. ඔහු මෙහිදී වීරයෙක් හෝ රජෙක් ලෙස හුවා දැක්වීමට ප්‍රසිද්ධ ‘සීසර්‘ අධිරජයා උපමාකාරකයක් ලෙස යොදා ගෙන ඇත. වීරයන් ගැන කියනා විට මට හිතෙන දෙයක් නම් ‘අයෙකුගේ වීරයෙක් තවෙකුගේ ද්‍රෝහියෙක්‘ විය හැකි බවයි. එසේ වූ කල, කෙනෙකුට වීරයෙක් වැළලූ තැන පිපුණු ‘රතු රෝස‘ මල, ඒ ‘ද්‍රෝහියෙක්‘ යැයි සිතෙනා කෙනෙකුට පෙනෙන්නේ කෙලෙසකදැයි මට නොහැඟේ.
‘හයසින්ත්‘ යනු නැගෙනහිර මධ්‍යධරණි කලාපයට ආවේණික වූ සුවඳැති මල් වර්ගයකි. ඛයියාම් ජීවත්වූ ඉරානය (පැරණි ‘පර්සියාව’) මේ කලාපයේ බැවින් ඔහුට ඉතා පහසුවෙන් ‘ලිය ළඳුන්‘ සුවඳැති, පියකරු හයසින්ත් මලට සම කරන්නට හැකි වන්නට ඇත.
විරුවන් මියැදි පොලොවේ ලූ රතු රුහිර,
පැහැ ගැන්වුයෙද උයනක පිපි රතු රෝස?
අකලට පරව නිදනා ලිය ළදුන් මැද,
පිපුනෙද සුවඳ පිරි ‘හයසින්ත්’ මල් ගොමුව?
*** *** ***
Chrishantha Wevita – Wellington