fbpx
14 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මීවිත, මියැසිය හා මියුලැසිය – 6 | ක්‍රිෂාන්ත වෑවිට – වෙලිංටන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

රුබයියාට්හි දහඅට වෙනි පැදි පෙළින් කියැවෙන්නේරෝසසහහයසින්ත්මල් ගැනයි. ඛයියාම් විසූ පරිසරය පිළිබඳ වර්ණනාවක් සේ මේ කවිය මතුපිටින් මම දකිමි. එසේ වුවද රුබයියාට් හී අනුගත තේමාවන්, විශේෂයෙන් ජීවිතය, මරණය සහ අනිත්‍යය හා මේ කවිය බැඳී ඇතැයි මට සිතේ.

Verse 18.

‘I sometimes think that never blows so red
The Rose as where some buried Caesar bled;
That every Hyacinth the Garden wears
Dropt in its Lap from some once lovely Head.’

රතු රෝස මල ආදරයේ සංකේතයක් බව සැවොම දන්නා දෙයකි. එසේම ඉතිහාසය පුරාවට වීරත්වයේ සංකේතයක් ලෙස රතුරෝස යොදා ගෙන ඇත. ක්‍රිස්තියානු සාහිත්‍යයේ සහ පුරාණ ග්‍රීක ප්‍රවාද වලින් පවා මෙයට අදාල උදාහරණ සොයා ගත හැක. 

ඛයියාම් මේ කවියෙන් රජුන් (සීසර්) මිය ගිය බිම පිපුණු රෝස මලක රතු පැහැය තරම් තද රතු පැහැයක් වෙනත් රතු රෝස මල් වල නැතැයි පවසයි. ඔහු මෙහිදී වීරයෙක් හෝ රජෙක් ලෙස හුවා දැක්වීමට ප්‍රසිද්ධ සීසර්අධිරජයා උපමාකාරකයක් ලෙස යොදා ගෙන ඇත. වීරයන් ගැන කියනා විට මට හිතෙන දෙයක් නම් අයෙකුගේ වීරයෙක් තවෙකුගේ ද්‍රෝහියෙක්විය හැකි බවයි. එසේ වූ කල, කෙනෙකුට වීරයෙක් වැළලූ තැන පිපුණු රතු රෝසමල, ද්‍රෝහියෙක්යැයි සිතෙනා කෙනෙකුට පෙනෙන්නේ කෙලෙසකදැයි මට නොහැඟේ

හයසින්ත්යනු  නැගෙනහිර මධ්‍යධරණි කලාපයට ආවේණික වූ සුවඳැති මල් වර්ගයකි. ඛයියාම් ජීවත්වූ ඉරානය (පැරණි පර්සියාව) මේ කලාපයේ බැවින් ඔහුට ඉතා පහසුවෙන් ලිය ළඳුන්සුවඳැති, පියකරු හයසින්ත් මලට සම කරන්නට හැකි වන්නට ඇත.

විරුවන් මියැදි පොලොවේ ලූ රතු රුහිර,
පැහැ ගැන්වුයෙද උයනක පිපි රතු රෝස?
අකලට පරව නිදනා ලිය ළදුන් මැද,
පිපුනෙද සුවඳ පිරිහයසින්ත්මල් ගොමුව?

*** *** ***

Chrishantha Wevita – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.