සුන්දර ප්‍රේමයක හැඟුමක් හදවතට
දැනුනේ කුළුදුලේ පාසැල් බිමේ සිට
කෙලි ලොල් වියේ හිටියත් එක පොකුරකට
දෙනෙතක් වීය රහසින් පෙම් බඳින්නට
සෙනෙහස පතා ලියලා එවු පෙම් හසුනක්
යෞවන හැඟුම් පුබුදාලිය දස දහසක්
ආදර ලොවට කැන්දා දුන් රස පහසක්
අද මෙන් මතුවටත් ඔබ මිහිරිම ගීයක්
අප වෙන් වුවත් නොසිතූ ලෙස හිත් රිදිලා
මතකය රැඳේ එලෙසම හිත තුල රැඳිලා
ඔබ දිවි අතැර ගියදා හද සසල කලා
මතු අත් බවේ හමුවෙමු මිතුරන් වීලා
ඉන්ද්‍රා දයාමණී කොළඹගේ
ඕක්ලන්ඩ්