fbpx
11.5 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මගේ නොවන කතාවක් | කුමාර කොටින්කඩුව | ඕස්ට්‍රේලියාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘මගේ පුතා ගත්තේ මෝටර් වාහන ඉංජිනේරු  සුදුසුකම විතරක් නොවේ. වැඩ පළක වැඩ කරන්න, ගනුදෙනුවන් හා සම්බන්ධ වෙන්න, ජීවත් වෙන්න රස්සාවක් කරගන්න වගෙ ඒවට දැනීමක්. පටන් ගත්තේ රෝමා මෝටර්ස්වලින්,’ මිතුරෙක් මට පැවසීය.

නවසීලන්තයට ආ කාලයේ, මා වගේම ලාංකික මෝටර් මිකැනික්ලා රස්සාවල් හොය හොයා  රට හැම තැනම ඇවිද්දා. ඒ අතර තුර 2006  විතර මට හමුවුණා ලංකාවේ ජපන් ටෙක් එකේ ඉගෙන ගත්ත තවත් කෙනෙක්. එයා රෝමාල්.

අපි හෙව්වේ එකම රස්සාව. එකම ඇබෑර්තු. කොතනක හරි ඇබෑර්තුවක් දැක්කොත් එයා අපිට කිව්වා. අපි එයාට කිව්වා. මාස කීපයකින් මිට්සුබිසි කොම්පැනියේ රැකියාවක් එයාට ලැබුණම අපි ඔක්කොම සතුටු වුණා. ඒත් ඒ කාලෙ ලෝක ආර්ථිකය කඩා වැටෙනකොට නවසීලන්තයේ ව්‍යාපාරත් වැහුණා. මගේ මිතුරාට රැකියාව අහිමි වුණා.

පස්සේ  ඔහු රෑ පීසා බෙදන්න පටන් ගත්තා. දවල්ට පීසා කඩේ හිටපු යාළුවන්ගේ කස්ටමස්ලගේ පරණ වහන රෙපයාර් කළා. ඒ ගමන් දුවන්න බැරි පරණ වාහන මිලට අරගෙන රෙපයාර් කරලා තමන්ගේම විකුණුම් ව්‍යාපාරයක් පටන් ගත්තා.  තමන් නමින් සමාගමක් ලියාපදිංචි කරගත්තා. ව්‍යාපාරය ටිකක් සරු වුණාට දින හතම උදේ ඉඳලා රෑ දහය විතර වෙනකම් වැඩ කරලා මිනිහා හොඳටම හෙම්බත් වුණා.

මේ දවස්වල හෙන්ඩර්සන් ‘Drive Sure’ කියන වාහන පරීක්ෂා කරන ආයතනය පටන් ගත්තම මගේ මිත්‍රයාටත් එතැන රැකියාවක් ලැබුණා. එතනදි  WOF, COF නීති  එයාට ඉගෙන ගන්න සිද්ධ වුණා. ටික දවසකින් ඊට අවශ්‍ය වෘත්තීය සුදුසුකම් ලබා ගත්තා. ඒ ගමන්, නිවාඩු දවස්වල තමන්ගේ ‘ජංගම මෝර්ටස්’ සේවාවෙන් හතරවටේම  මිතුරන්ගේ වාහන, රාත්‍රිය වෙලාව, අවේලාව නොබලා රෙපයාර් කළා. ඔය විදිහට එයාට හිතවත් ගනුදෙනු කරුවන් 200 ක්  විතර හැදුණා. ඒ නිසා රැකියාව අතහැරීම හැර වෙන විකල්පයක් මිතුරාට තිබුණේ නැහැ.

එදා 2013 අවුරුද්ද අප්‍රේල් මාසයේ දිනක මට මතකයි.  ‘කුමාර ඉක්මනට එන්න පුළුවන්ද? මම ඉන්නේ ඇවන්ඩේල්වල.’ හවස තුනට විතර මට මිතුරාගෙන් දුරකථන  ඇමතුමක් ලැබුණා.

‘ඇයි හදිස්සියක්ද?’ මම ඇසුවා.

‘නැහැ එහෙමත් නෙවි. වැදගත් ඉක්මන් වැඩකට.’

මම යන වෙලාවෙ මිතුරා වසා තිබුණ කුඩා ගරාජයක් ළඟ කරකැවෙමින් සිටියා.

‘කුමාර. වෙලාවට ඔයා අවේ. මම මේ බලාගෙන ඉන්නේ ඩේවිඩ් එනකං. එයා තමයි මේ වහපු ගරාජය ඇඩ්වටයිසින් කරලා තියෙන්නෙ. ආහ්! ඔය කියන කොටම ආවේ එයා වගෙයි.’ ඔහු ආ අමුත්තා සමග කතා කළා.

‘Please fill out the documents this week and hand them over to me if you are interested.’  කිවූ අමුත්තා  ගරාජයේ දොරවල් හැර ලියකියවිලි වගයක් මිතුරාගේ අත තැබුවා.

‘කුමාර මේක මගේ හීනය,’ ඩේවිඩ් පිටව ගියාට පස්සේ ඔහු කිවව්වා. ‘මෙතැන මට ගැලපෙනවා. මගේ ළඟ ජංගම වාහනේ තියෙන උපකරණ ටිකෙන් මේ ගරාජය මම පටන් ගන්නවා. හැබැයි මට තනියම අමාරුයි. මගේ තිබිච්ච සල්ලි යන්තමට තමයි ඇති වෙන්නේ. ඔයාගේ උදව් ඕන.’ මිතුරා අලුත් ප්‍රබෝධයකින් විස්තර කළා.

2013 මැයි මාසයේ ඇවන්ඩේල්වල දී  ඒ වගේ ‘ රොමා මෝටර්ස්’  පටන් ගත්තාම, මමත් මගේ වැඩ ඉවර කරල රෑ රෝමාල්ට උදව්වට ගියා. ඔහුගෙ WOF හා COF සුදුසුකම් නිසා තම වාහනවලට ඒවා ගන්න මිනිස්සු රැස්වුණා. කාලයකදි කුඩා ගරාජය ඉඩකඩ මදි වුණා. ඒ නිසා ඔහු , නිව්ලීන් වල,  මිකැනික්වරු කීපදෙනෙකුට වැඩ කරන්න පුළුවන් ඉඩකඩ තියන විශාල ගොඩනැගිල්ලකට ගියා. එදා දවසට වාහන දහයකට වඩා රෙපයාර් කරල ඉවර කරන්න සිදුවුණා.

ඉතා කෙටි කලකින් ඉලෙක්ට්‍රික් වාහන ගැන පුහුණු පාඨමාලාවක් ද අවසන් කරගත්ත රෝමාල් තමන්ගෙ  විෂය දැණුම දිනපතා දුයුණු කරගත්තා. අද ඔහු එම විෂය බොහෝ දුරට ප්‍රගුණ කර ගෙන තියනවා. මේ අතර නවසීලන්තයේ මෝටර්  මිකැනික් අධ්‍යාපනය ලබන දරුවන්ට ප්‍රායෝගික පුහුණුව ලබා ගන්නත් ඉඩකඩ දෙනවා. එහෙම පුහුණුව ලැබු ඔවුන් අද නවසීලන්තයේ පිළිගත් ආයතනවල ඉහළ තනතුරුත් දරනවා.

ඒ අතර තුර බොහෝ වාහන ආනයනය කරන මෙම පළාතේ කුඩා හා මැදි සමාගම් රැසක්ම වාහන වල සැඟවුණ දෝෂ සොයා ගැනීමට ‘රෝමා මෝටර්ස්’ වෙත එවන්න පුරුදු වෙලා තියනවා. හේතුව රෝමාල්ගේ වෘත්තීය නිපුනත්වයත්  දැනීම අලුත් කරගැනීමේ දක්ෂතාවයත්. මේ නිසා අපගේ හුඟාක් මිකැනික් මිතුරන් පවා වාහනවල විසඳාගත නොහැකි යාන්ත්‍රික දෝෂ සොයාබලා සාදවා ගන්නේ ‘රෝමා මෝටර්ස් මගිනි.

මම 2014  අවුරුදදේ වාහන ගෙන්වා විකුණන  කුඩා පරිමානයෙන් ආරම්භ කරන්න කල්පනා කළා.  ‘අයියේ මගේ ආශාව කාර් සේල් එකක් පටන් ගන්න. මට තනියම කරගන්න බෑ,’ එක් දිනක් මම රෝමාල්ට කියා සිටියා.

‘කුමාර ඔයා මට එදා උදව් කළා. අද මම ඔයාගේ ඉල්ලීමට පිටු පාන්න නෑ,’ දිගු කළක මිතුදමට ගරු කළ රෝමාල් මා නිව්ලීන්වල අලුතින් ආරම්භ කළ ‘Best Car 4 You’ ආයතනයේ ප්‍රධාන බරපැන සහකරු වුණා.

මේ අවස්ථාවේ වාහන අලෙවි කළමනාකරණය ගැන දක්ෂයෙක් වන තාරුකත් සම්බන්ධ කර ගන්නා මෙන් රෝමාල් මගෙන් ඉල්ලා සිටියා. දෙවැනි කාර්සේල් එක පෙන්රෝස්වල පටන් ගන්නටත් දැන් සූදානම් කරලා තියනවා.

රෝමාල්ට සිටින දහසක් විතර වන ගනුදෙනුකරුවන් එකවගේම ඔහුත් එක්ක සුහදයි. ඒ නිසා රෝමාල් සේවාදායකයන් වෙනුවෙන් හදිසි ජංගම මෝටර් රථ සේවාවක් ද ආරම්භ කර තියෙනවා. මගේ මිත්‍රයාගේ වැඩපළෙහි විස්තර මෙසේයි. මට සහතිකයි

ඔබටත් එය ප්‍රයෝජවනත් වේවි.  -Roma Motors, 14 Portage Road, New Lynn, Auckland 0600. 09-8206127-022 365 0179, romal@romaauto.co.nz.  https://www.romaauto.co.nz.

By Kumara Kotinkaduwa – Australia

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.