fbpx
19.1 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

වසර 50කට පෙර ශ්‍රී ලංකාව මුල්වරට දිනූ ලෝක ශූරතාවය – ලෝක ශූර MJM ලාෆීර් | සුපුන් රජිත හෙට්ටිආරච්චි | ශ්‍රී ලංකා

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

වර්ෂ 1973 ඉතිහාසයට එක් වන කරුණු කාරණා අතර මෙරට ක්‍රිඩා ක්ෂේත්‍රයට ද ප්‍රධාන තැනක් හිමි වන්නේ එම වර්ෂයේ දී අප රටට ලෝක ශූරතාවයක් හිමි වූ නිසාය. එම ගෞරවය ශ්‍රී ලංකාවට දිනා දුන් පුද්ගලයා පිළිබඳ හෝ එවැනි ජයග්‍රහණයක් පිළිබඳ හෝ බොහෝ දෙනා නොදැනුවත් වීම කණගාටුවට කරුණක්.

1930 වර්ෂයේ මැයි මස 27 වෙනි දින SLM ජුනයිඩ් සහ සලාහා උම්මුනා යුවලට දාව උපන් දරුවා කෙදිනක හෝ ලෝක ශූරයෙක් වනු ඇතැයි එදා කිසිවෙක් නොසිතූ බව ඉඳුරා පැවසිය හැකිය. නමුත් එම දරුවා හැදුනු වැඩුනු පරිසරය ම එම ගමන් මග ඔහුට විවර කර දුන්නාක් වැනිය. වැඩිහිටියන් බිලියඩ් ක්‍රිඩා කරන අයුරු කුඩා ලාෆීර් බලා සිටින්නට ඇත්තේ දැඩි උනන්දුවක් සහ ආශාවකිනි.

වයස අවුරුදු 12 පමණ වන විට නිවසේ කෑම මේසය මත කොස්සේ ආධාරයෙන් කුඩා ලාෆීර් බිලියඩ් ක්‍රිඩාවේ නිරත වන්නේ ඒ ආශාව නිසා වන්නට ඇත. කෑම මේසය මත එලු සරමක් මතුපිට තැබූ වීදුරු ටීක් බෝලවලට ඉලක්කය මාන බැලු ලාෆීර් අවසානයේ නතර වන්නේ 1973 වර්ෂයේ ලෝක ආධුනික බිලියඩ් ශූරයා (වර්තමානයේ ලෝක බිලියඩ් ශූරතාව) බවට පත්වෙමිනි. එම වර්ෂයේ නොවැම්බර් දෙසැම්බර් කාල සීමාවේ ඉන්දියාවේ බොම්බෙ නගරයේ පැවති ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී ලාෆීර් අතින් පරාජයට පත්වන්නේ ද ඉන්දියානු ක්‍රිඩකයෙක් වීම ද විශේෂත්වයකි. ඒ සතීෂ් මොහාන් නැමැති දක්ෂ ක්‍රිඩකයෙකි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ඉතිහාසයට එක් වන්නේ මෙරටට හිමි වූ පළමු ලෝක ශූරතාවය ලෙසිනි. මෙම තරගාවලියේ දී නවසීලන්ත ක්‍රිඩකයාට එරෙහිව විනාඩි 49යි තත්ත්පර 47ක දී ලකුණු 859ක් ලබා එවකට ලෝක වාර්තාවක් බිහි කිරීමට ද ඔහු සමත් විය.

1967වර්ෂයේ කොළඹ දී පැවති ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයේ දී එංගලන්තයේ ලෙස්ලි ඩ්‍රිෆීල්ඩ් හමුවේ පරාජයට පත් වූ ලාෆීර්ට ලෝක අනුශූරතාව හිමි විය.

ඊට අමතරව ජාතික ස්නූකර් ශූරතා 17ක සහ ජාතික බිලියඩ් ශූරතා 16 ක හිමිකාරිත්වය ද M J M. ලාෆීර් නාමය ඉදිරියේ සටහන් වී ඇත.

ලෝක ශූරතාව දිනා නැවත මව්රටට පැමිණි ලාෆීර්හට 1973 වර්ෂයේ දෙසැම්බර් මස 22 දින ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණි. ඔහු සහ ඔහුගේ බිරිඳ වූ මිස්රියා ද නංවා ගත් විවෘත රථය කටුනායක සිට කොළඹ වෙත පැමිණියේ අසීමිත ජනතා ප්‍රසාදයක් ද සමගිනි.

අවුරුදු 51ක් ආයු වැළඳු ලාෆීර් මහතා1981 අප්‍රේල් 17වන දින ජීවිතයට ද සමු දුන්නේය.
එදා ඔහු ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් නිකුත් කළ රුපියල් 5.25 වටිනාකමක් සහිත මුද්දරයක් ද නිකුත් කෙරුණි. එමෙන්ම ඔහුගේ මරණයට කලකට පසු කොළඹ මහනගර සභාව විසින් මැසෙන්ජර් වීදියේ නම M J M ලාෆීර් මාවත ලෙස නම් කරන ලදී. එසේ නොවන්නට ඔහු පිළිබඳ මතකය තව දුරටත් ඈත් වන්නට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකාව පළමු වරට ලෝක ශූරතාවයක් දිනා වසර 50ක් ගතව ගිය ද බොහෝ දෙනෙකුට එම ජයග්‍රහණය සිහිපත් කිරීමට හෝ අමතකව තිබීම කණගාටුවට කරුණක්.

1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම පිළිබඳ බොහෝ දෙනා දැනුවත් අතර වරෙක විස්සයි විස්ස ලෝක ශූරතාව මෙන්ම තවත් සිව් වතාවක් ක්‍රිකට් ලෝක අනුශූරතා දිනා ගන්නට ද ඔවුන් සමත් වූ බව ද බොහෝ දෙනා දනිති.

නමුත් MJM ලාෆීර් ලෝක ශූරයා පිළිබඳ බොහෝදෙනා නොදන්නා සේම නිශාන්ත ප්‍රනාන්දු වරෙක කැරම් ලෝක ශූරතාවය දිනා ගත් බවත් මෙම වර්ෂයේ ලෝක කැරම් කණඩායම් ශූරතාවය දිනා ගත්තේ ශ්‍රී ලංකාව බව බොහෝ දෙනා නොදන්නා බවත් නොරහසකි.

සුපුන් රජිත හෙට්ටිආරච්චි – ශ්‍රී ලංකා

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.