උතුම් වූ වෙසක් සම්බුදු තෙමඟුල සමරනු වස් වසරක් පාසා අඛණ්ඩව සිදු කරනු ලබන දාන ශීල භාවනා වැඩසටහන මෙවරද අති උත්කර්ෂවත් අයුරින් ක්රයිස්චර්ච් සමාධි බෞද්ධ විහාරස්ථානයේදී මැයි මස 14 වන සෙනසුරාදා දින සීල භාවනා වැඩසටහනකින් සහ 15 වන ඉරුදින දින භාවනා වැඩසටහනක් සහ අටවිසි බුද්ධ පුජා පින්කමක් ගිහි පැවිදි දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් සිදුකරන්නට යෙදුනි. තවද විහාරස්ථ දායක සභාවේ සංවිධානයෙන් බත්, තේ පැන්, අයිස්ක්රීම් ඇතුලත් දන්සැලක් පැවැත්විය. විහාරස්ථානය පුරා විදුලි ආලෝක සැරසිලි වලින් සහ වෙසක් කූඩු වලින් ආලෝකමත් විය.
ගයාන් ලසන්ත බුවනෙක.
ඡායාරූප සහාය – සංඛ විදානගමගේ
By Gayan Lasantha Buvaneka.
Photo Credit – Sankha Vidanagamage