fbpx
13.5 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2023

Must read

ස්ත්‍රී පුරුෂ සාධාරණත්වය කෙරෙහි අවධානය යොමු කිරීම සෑම සමාජයකම කොටසක් විය යුතුය. එමෙන්ම සමානාත්මතාවය සහ සාධාරණත්වය අතර  වෙනස තේරුම් ගැනීම ද ඉතා වැදගත් ය. මෙවර කාන්තා දින තේමාව බවට පත්ව ඇත්තේ “සම අවස්ථා ප්‍රමාණවත් නොවන්නේ මන්දැයි ලෝකවාසීන් අවබෝධ කර ගනී” යන්නයි. සැබැවින්ම අප සැමට සාධාරණත්වය වැළඳ ගත හැකිය. එය කියන හෝ ලියන දෙයක්  පමණක් ම නොවේ. එය අප සිතිය යුතු,  දැනගෙන අගය කළ යුතු සහ වැළඳ ගත යුතු දෙයකි.

එමෙන්ම අප සැමට තමන් සතු කොටස කරමින් සාධාරණත්වය ඇති කිරීමට බලපෑම් කළ හැකිය. තමන් සිටින ඕනෑම තැනක (රැකියාව කරන තැන හෝ මිතුරන් අතර පවුල තුළ) දී සාධාරණත්වය උදෙසා පෙනී සිටිය හැක. එවිට සාමූහිකව අප සැමට සමාජය තුළ සාධනීය වෙනසක් ඇති කිරීමට හැකි වනු ඇත. එමෙන්ම අප සියලු දෙනාට සාධාරණ ලෝකයක් ගොඩ නැගීමට උදව් කළ හැකිය.

#EmbraceEquity

වර්තමාන පරම්පරාවට තිබෙන ප්‍රශ්නයක්, කුතුහලයක් තමා ඇයි කාන්තාවන්ට පමණක් විශේෂිත වූ දිනයක්?  ‘සියලු සටන් කාන්තාවන් ජයගෙන ඇත,’ යැයි පෙනෙන්නට හැඟෙන්නට ඇති හෙයින්  නූතනයින්ට එසේ සිතෙන්නට පුළුවන්. මොකද අද වන විට කාන්තාවන් විවිධ ක්ෂේත්‍රයන්වල හිනිපෙත්තටම ගොස් ඇති නිසාත් ගෝලීය වශයෙන් ගත් කළ දේශපාලනික නියෝජනය වැඩි වීම, තීන්දු තීරණ ගන්නා මණ්ඩලවල කාන්තා නියෝජනය වැඩි වීමත් ආදිය ගත් කළ කාන්තාවන්ට නිසි තැන නැතහොත් සැබෑම සමානාත්මතාවයක් ලැබී ඇතැයි කෙනෙකුට සිතන්නට හැක. නමුත් කාන්තාවට තවමත් පිරිමි පාර්ශවයට හා සමානව වැටුපක් නොලැබීම, ව්‍යාපාරික හෝ දේශපාලන ක්ෂේත්‍රය තුළ නිසි ස්ථානයක් නොලැබීම සහ ගෝලීය වශයෙන් ගත් කළ කාන්තා අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ඔවුන්ට එරෙහි හිංසනය පිරිමින්ට වඩා දරුණු තත්ත්වයක පවතී. එමෙන්ම ගැහැනිය පිළිබඳ ආකල්පය විශේෂයෙන් දකුණු ආසියාතික සහ  සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ තවමත් රාමු ගත වී ඇත. කාන්තාව දෙස විවෘත මනසකින් බැලීමට එම සමාජය තවමත් සූදානම් නැත. එමෙන්ම කාන්තාවන්හට අපහසුතාවයකින් තොරව තම කාර්යයන්, සේවාවන් ඉටුකර ගැනීමට සුදුසු පරිසරයක් ගොඩනැගීමට ශ්‍රි ලංකික සමාජ තුළ ද තව තවත් සාධනීය වෙනස් වීම් සිදු විය යුතුය.

කෙසේවෙතත් දිනෙන් දින කාන්තාවෝ තම අයිතීන් සහ නිදහස වෙනුවෙන් පෙනී සිටිමින් ජයග්‍රහණයන් ලබා ගනිමින් පෙරටම ගමන් කරමින් සිටිති. ඇතැම් රටවල ජාත්‍යන්තර කාන්තා දිනය නිල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

අද වන විට කාන්තාවන් භුක්ති විඳින නිදහසේ අතීතය සියවසකටත් වඩා පැරණිය.1908 දි ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පහළොස් දහසකට අධික කාන්තාවන් පිරිසක් වඩා හොඳ වැටුපක්, නිශ්චිත වූ වැඩ කරන පැය ගණනක් සහ ඡන්ද අයිතිය ඉල්ලමින් කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්  වසරකට පසු එනම් 1909 දී අමෙරිකාවෙ ‘සමාජවාදී පක්ෂය’ පළමු කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේය. කාන්තා දිනයක් යෝජනා කළේ කොමියුනිස්ට් ක්‍රියාකාරිනී සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජර්මන් ජාතික ‘ක්ලාරා සෙට්කින්’ ය. 1910 දී කෝපන්හේගන් හිදී පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සමුළුවක දී ඇගේ යෝජනාවන් ඉදිරිපත් කළාය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1911 මාර්තු 19 වන දින ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය සහ ස්විස්ටර්ලන්තයේ  විසින් විසින් මිලියනයකට අධික ජනතාවක් විසින් පළමුවරට ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරන ලදි.

1975 වර්ෂයේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය කාන්තා දිනය සැමරීමට පටන් ගත් විට කාන්තාව පිළිබඳ තීන්දු, තීරණ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් පළමු තේමාව වූයේ ‘අතීතයේ සැමරීම අනාගතය සඳහා  සැලසුම් කිරීම’ යන්නයි. අද  වන විට ජාත්‍යන්තර කාන්තා දිනය  සමාජ, දේශපාලන සහ ආර්ථික  තුළ කාන්තාව කෙතරම් ඉදිරියට පැමිණ ඇත්ද යන්න සමරනු ලබයි. 

අදින් වසර සියයකටත් එහායින් කාන්තාවන් හෙළු ලේ, දහඩිය,කඳුළුවල අභිමාන යයි විසි එක්වන සියවසේ කාන්තාව අත්විඳිමින් සිටින්නේ. 

By Dimuthu Wijesooriya

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.