fbpx
9 C
New Zealand
Monday, May 6, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නවීන ලෝකයට ගැලපෙනවා ද? | Dr.Nilakshi Lenora | New Zealand

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අවුරුදු දහස් ගණනක් පැරණි ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යනු අපේ ජීවිත සමඟ එකට බැඳුණු ප්‍රායෝගික මෙන්ම විද්‍යාව අභිබවා ගිය දර්ශනයකි.

වර්තමානයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අසීමාන්තිකව නවීන තාක්‍ෂණයට නතුවී ඇති අතර සංවර්ධිත රටවල් බොහෝමයක් නවීන තාක්ෂණය සමඟ ස්වභාවිකකරණයට නැඹුරුවෙමින් පවතී. මන්ද ස්වභාවධර්මයට පටහැනිව යන තාක්ෂණික ගමනේ අසාර්ථකත්වය ඔවුන්ට දැන් දැන් අවබෝධ වන බැවිනි.

මම මින් අදහස් කළේ නවීන තාක්ෂණය, නවීන සොයා ගැනීම් හා නවීන වෛද්‍ය ක්‍රම සියල්ල අමතක කර නැවත ගල් යුගයට යා යුතු බව නොවේ. මේ සියල්ල සමග පැරැණි වටිනා දර්ශනයන් , ආහාර රටා මෙන්ම වෛද්‍ය ක්‍රම සමග ජීවිතය ගොඩනඟා ගත යුතු බවයි. උකහා ගත යුතු සහ නොගත යුතු දෑ සමඟ ජීවිතය සමබර කරගත යුතු බවයි.

ආයුහ්        +    වේදය
Long life  +    The Science
The science of life

අවුරුදු දහස් ගණනක් පැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මේ වනවිට නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වර්තමාන ජීවන රටාවට ප්‍රායෝගිකව ගැලපෙන අයුරින් ප්‍රයෝග කිරීමට ආයුර්වේද වෛද්‍යවරුන් සමත් වී ඇත. ආයුර්වේදයට උරුමකම් කියන ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරුණු කොට අනිකුත් බොහෝ රටවල් තුළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත වීම සහ ප්‍රායෝගික භාවිතය මීට කදිම නිදසුනකි.

ස්වභාවධර්මයේ ඇති න්‍යායන් හා පදාර්ථ ස්වභාවයට සමපාතව ගොඩනැගී ක්‍රියාත්මක වන මිනිස් ශරීරයේ යහපැවැත්ම  ස්වභාවධර්මය මතම පාලනය වේ. ඒ නිසාමයි මිනිස් ශරීරයේ නීරෝගීතාවය පවත්වා ගැනීමට ස්වභාවික ශාකමය, සත්වමය හා පාෂාණමය ඖෂධ  භාවිතා කරන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සුවිශේෂී වනුයේ.

මේ වන විට ජාත්‍යන්තරය පිළිගෙන ඇති සහ ප්‍රායෝගිකව අත්හදා බලන ‘The personalised treatment’ (රෝගියාගෙන් රෝගියාට විශේෂීකරණය වූ ප්‍රතිකාර ක්‍රමය) ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ භාවිතා කර ඇත්තේ මීට අවුරුදු දහසකට පෙර අතීතයේ සිටයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ රෝගයකට ප්‍රතිකාර කරනුයේ රෝගියාගේ ප්‍රකෘතිය  හා බලය සලකා බලාය. එකම රෝගයට වූවත් රෝගියාගෙන් රෝගියාට ලබා දෙන ප්‍රතිකාර සහ ඖෂධ එකිනෙකට වෙනස් වනුයේ ඒ නිසාය.

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය ප්‍රධානවම දෝෂ, ධාතු, මළ අසමතුලිතතාවය මත පදනම්ව සිදුකරයි. බොහෝ රෝගවලට හේතුවක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන මෙවන් දියුණු යුගයක වූවද ඉහත සඳහන් කළ සංකල්ප ඔස්සේ මනා ලෙස රෝග විශ්ලේෂණය කිරීමට ආයුර්වේදය සමත් වී ඇත. ඒවගේම ඒවාට සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීමට ද හැකියාව ලැබී ඇත.

උදාහරණ :-

සියලූම පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව ද දරුඵල නැතිවීමට හේතු සොයා ගැනීමට නොහැකි අවස්ථා බොහොමයකදී පිත් දෝෂය කිපීම මගින් ශරීර උෂ්ණ අධික බවට ආයුර්වේදී ප්‍රතිකාර කිරීමෙන් නීරෝගී, දරුඵල සාර්ථක කරගත හැකි වීම.

රෝග නිධානය  රෝගයේ  වර්ධනයට හේතුව සොයා ගත නොහැකි සියලූම කුෂ්ඨ(සමේ රෝග) වලට අතිසාර්ථක ආයුර්වේදීය ප්‍රතිකාර තිබීම.

ශරීරයේ ප්‍රතිශක්තීකරණය, බලය හා තාරුණ්‍ය බව රැක ගැනීම මෙන්ම වර්ධනය කර ගැනීමට ප්‍රතිකාර රැසක් තිබීම.

ඖෂධ නිසියාකාරව නොමැති අක්මාව සම්බන්ධ රෝගවලට (Fatty Liver) සාර්ථක ප්‍රතිකාර තිබීම.

ආඝාත (Paralysis) රෝගයේ දී දුබලතාවයට පත්වන මාංශ, ස්නායු නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාවක් තිබීම.

ජීවිත කාලය පුරාම වේදනානාශක භාවිතා කරන ආම වාත රෝගය (Rheumatoid Arthritis) නිට්ටාවට සුව කිරීමට හැකියාවක් තිබීම.

සුව කිරීමට නොහැකි යැයි කියන සන්ධිගත වාත (Osteoarthritis) රෝගයේ දී ඇතිවන දනහිස් වේදනාව, කාටිලේජ් ගෙවීම සම්පූර්ණයෙන්ම සුව අතට පත් කිරීම.

නින්ද නොයාම, මානසික පීඩනය, මතකය නැතිවීම  ආදී බොහෝ මානසික ලෙඩ රෝගවලට ශිරෝධාරා වැනි  අනර්ඝ ප්‍රතිකාර ඔස්සේ සම්පූර්ණ සුවතාවයක් ලබා දීම

“ස්වස්තස්‍ය ස්වස්ත රක්ෂනම් –  ආතුරස්‍ය විකාර ප්‍රශමනම් ”

රෝගියෙකුගේ රෝගයකට ප්‍රතිකාර කිරීමටත් වඩා නීරෝගී පුද්ගලයාගේ නීරෝගී බව රැක ගැනීම වඩා උතුම් වේ.

ශරීර නීරෝගීතාවය පවත්වා ගැනීමට අන් කිසිදු වෛද්‍ය ක්‍රමයක නැති  ශෝධන, ශමන, තර්පන, රසායන හා වාජීකරන ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේදය සතුයි. මේ නිසාම තමයි ආයුර්වේද වෛද්‍යවරුන් සෑම විටම හුදෙක් රෝගයකට ඖෂධ නියම කිරීමම පමණක් විනා රෝගියාගේ චර්යා හා ආහාර රටාවන්වල පත්‍ය අපත්‍ය කියාදෙන්නේ  නමුත් ඇතැම් විට සමාජයේ මේ පිළිබඳව ඇත්තේ වැරදි අවබෝධයකි. එනම් ආයුර්වේද බෙහෙත් ගන්නාවිට ආහාර ගැනීම පවා වෙනස් කළ යුතුය යන්නයි. නමුත් අප විසින් උපදෙස් ලබා දෙන එම පත්‍ය අපත්‍ය ආයුර්වේද බෙහෙත් සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැත. ආයුර්වේද හෝ අන් කුමන වෛද්‍ය ක්‍රමයකට අදාළ ඖෂධ ගත්තත් ඒත් සමගම අදාළ උචිත චර්යාවන්  ඔබ පාලනය කළහොත් ඔබේ රෝගය සුව වීම තව ඉක්මන් කරන අතර නැවත වැළඳීම වැළක්වීමට උදව් කරනු ඇත.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කිසිවිටෙක රෝග ලක්ෂණ පමණක් යටපත් කර දීර්ඝ කාලීනව ජීවිත කාලය පුරාම භාවිතා කිරීමට ඖෂධ ලබා නොදෙයි. රෝග ලක්ෂණවලට නොව රෝග මූලයට/නිධානයට ප්‍රතිකාර සිදුකරනු ලබයි.

නමුත් මෙය බොහෝ දෙනෙක් වැරදි ලෙස වටහාගෙන ඔවුන් සිතන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ කෙරෙන ප්‍රතිකාර සඳහා  දීර්ඝ කාලයක් වැය කිරීමට සිදුවන බවයි .

එය එසේ නොවෙයි.  ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් සෑම රෝගයකට අදාළව ශරීරයේ ඇති දෝෂ අසමතුලිතතාවය නැතිකර ශරීරය නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙනෙයි. එමගින් මානසික, ශාරීරික මෙන්ම ආත්මීය සුවතාවයක් ලබාදෙයි. එපමණක් නොව නැවත රෝගී වීමට බලපාන සාධක ද මැඩලීමට කටයුතු කර නීරෝගීතාවය ප්‍රතිස්ථාපනය කරයි.

ඒ නිසාමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය එක් රෝගයක් උදෙසා ප්‍රතිකාර සෙවීම විනා ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කිරීම, ශරීරයේ දෝෂ සමතුලිතතාවය, ශරීර ධාතු බලගැන්වීම වැනි වටිනා සංකල්ප ඔස්සේ ඕනෑම රෝගයකට සාර්ථකව මුහුණ දීමේ හැකියාව සහ  ශාරීරික බලය ගොඩනැගීමට උත්සුක වන්නේ.

එලෙසම සුවිශේෂී කරුණ වනුයේ භාවිතා කරන ස්වභාවික ඖෂධ වර්ගය. මන්ද ඒවා  නිසි මාත්‍රාවෙන් ගත් කළ කිසිදු අතුරු ආබාධ නොමැති බවට මේ වන විට සියයට සියයක් ප්‍රත්‍යක්ෂ වී ඇත.

නවීන තාක්ෂණය සමඟ නූතන විද්‍යාවේ න්‍යායන් කාලයෙන් කාලයට වෙනස් වුවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති සංකල්ප සහ න්‍යායන් එසේ වෙනස් නොවේ. මන්ද එම සංකල්ප අතීතය, වර්තමානය සහ අනාගතය යන තුන් කාලයටම ගැලපෙන අයුරින් සකස් වී තිබීමයි. මෙම වෛද්‍ය ක්‍රමයේ අප විසින් භාවිතා කරන ඖෂධ වර්ග ද එසේමයි. ප්‍රායෝගික ජීවිතයේ දී වර්තමානයේ ඇති කාර්යබහුලත්වයත් සමඟ ඖෂධ එලෙසම සකස්කරණය කර භාවිතා කිරීම අපහසුය. ඒ නිසාම ආයුර්වේද වෛද්‍යවරුන් මේ වනවිට ඖෂධවල ගුණාත්මක භාවය සහ බලය හැකි උපරිමයෙන් සංරක්ෂණය කරමින් නවීන තාක්ෂණය භාවිතා කර නව ඖෂධ ප්‍රයෝග ආකාර නිෂ්පාදනය කර ඇත. මේ නිසා නූතන කාර්යබහුල ජීවිතයට ඒ වගේම ආසියාතික රටවල් වගේම අනෙකුත් විදේශීය රටවල් තුළත් ලෙහෙසියෙන් මෙම ආයුර්වේද ඖෂධ භාවිතා කිරීමේ හැකියාව දැන් අපට ලැබී තිබෙනවා. කිසිදු සංකූලතාවයක් නොමැතිව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අතීතයේ මෙන්ම වර්තමානයේත් ඒවගේම අනාගතයේත් අපිට එහි වටිනාකම අපේ නීරෝගීතාවය උදෙසා භාවිතා කළ හැක.

Dr. Nilakshi Lenora
Founder/Director of Ceylon Ayurveda
BAMS (Hon’s) Colombo University
Guest Lecturer in University of Canterbury
Pancha Karma and Yoga Practitioner
Registered in NHPNZ (2970)

CEYLON AYURVEDA MEDICAL CENTRE
New Zealand
www.ceylonayurveda.co.nz
info@ceylonayyrveda.co.nz
022 3055 824

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.