අලුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික වූ සංස්කෘතික මංගල්‍යයක්. රිදුණු සිත්වල ආදරය තවරන්න, අනෙකාට ගරු කරන්න, අපේ වටිනාකම් අපිටම හඳුනාගන්න උදා වෙන සුබ මුහුර්තයක්. හිරු මීන රාශියෙන් මේෂ රාශියට ගොස් නැවුම් වන්නාක්සේ අපද, අපිට අත්හැරුණු ගුණධර්ම නැවතත් ජීවිතයට එකතු කරගන්නා සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා.