fbpx
15.6 C
New Zealand
Sunday, May 5, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අර්බුද විසඳුම් ද බිහිකරයි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පවතින ක්‍රමයක අඩුපාඩු විසඳීමට යම් අර්බුදයක් හටගත යුතු යැයිද මතුවන සෑම අර්බුදයකම ප්‍රතිඵල ඉවත නොදැමිය යුතු යැයිද කියමනක් ඇත.

එන්නත්කරණය හා ඊට අදාළ විද්‍යාත්මක පර්යේෂණ කිරීම, වෛද්‍ය ප්‍රතිකාර හා සේවාවන් සැපයීම වඩාත් ක්‍රමවත් වීම, ණය බරින් පීඩිත රටවලට ණය දුන් රටවල් සහන ලබා දීම, අතිරික්ත එන්නත් හා වෛද්‍යාධාර අනෙකුත් රටවලට මිලට හෝ පරිත්‍යාග ලෙස ලබාදීම වැනි සහයෝගයක් කෝවිඩ් වසංගතයට ප්‍රතිචාර ලෙස ලෝක මට්ටමෙන් බිහි වූයේය. වසංගතයේ අලුත් ප්‍රභේද නිම වී නොමැති අතර  ලෝකයේ රට රටවල ඇති වූ මෙම ධනාත්මක ප්‍රතිචාරයන් එක්තරා විසඳුමක් ලෙස , තවදුරටත් පවත්වාගෙන යාමට වසංගතය විසින් මුළු මිනිස් සංහතියටම වගකීමක් පවරා ඇත.

දශකයේ මතු වූ දෙවැනි අර්බුදය රුසියා යුක්රේන යුද්ධයයි. රුසියාවට පසු යුරෝපයේ ඇති විශාලම රාජ්‍යය වන යුක්‍රේනයේ භූමිය වර්ග කිලෝමීටර හය ලක්ෂයකි. ජනගහණය මිලියන හතලිහකි. රටෙන් තුනෙන් එකකටත් වඩා සරු සාර පොළවක් ඇති යුක්‍රේනය ලෝකයට යකඩ, ධාන්‍ය හා ආහාරයට ගන්නා තෙල් සපයන ප්‍රධාන රටවලින් එකකි.   යුරෝපයේ ‘පාන් බාස්කට්’ එක ලෙස හඳුන්වනු ලබයි. ලෝක ධාන්‍ය අපනයනයෙන් හයවැනියා ද, ලෝක තිරිඟු අපනයනයෙන් නමවැනියා ද වේ. රුසියාවත් සමග ඇති ගැටුම් හේතු කරගෙන යුක්‍රේනය අමෙරිකාව හා යුරෝපීය රාජ්‍යයන්  සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන යයි.

ලෝකයේ ජනාවාස භූමි  ප්‍රමාණයෙන් අටෙන් එකක් වන රුසියාවේ විශාලත්වය දළ වශයෙන් වර්ග කිලෝ මිටර් 17,100,000කි. ජනගහණය මිලියන 145.5 කි. එය  ලෝකයට ඛනිජ තෙල්, රත්‍රං, යකඩ, ධාන්‍යමාළු හා තඹ සපයන ප්‍රධාන රටවලින් එකකි. මේ හා සමානව ආනයන කටයුතු ද කරන බැවින් බොහෝ රටවල් රුසියාවේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා සම්බන්ධව සිටී.

යුක්‍රේනයේ මිතුරන් තම පසමිතුරන් ලෙස සලකන සෝවියට් රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කළ විට අමෙරිකාව හා යුරෝපීය රටවල් යුක්‍රේනයේ මිතුරන් ද සෝවියට් රුසියාවේ සතුරන් ද වීම බලාපොරොත්තු වූ දෙයකි. ලෝකයේ තවත් බලවතෙකු වූ චීනය යුක්‍රේන ආක්‍රමණය මෙතෙක් හෙළා දැක නැත. 

මේ වන විට අමෙරිකාවේ දේශපාලන පක්ෂ අතර පවතින  විරසකය උත්සන්න වී ඇති අතර,  අමෙරිකානුවන්ගෙන් තුනෙන් එකක් ජෝ බයිඩන් නීත්‍යානුකුලව පත් වූ ජනාධිපති ලෙස විශ්වාශ කරන්නේ නැත. ලෝකයේ පවතින දේශපාලන අරගල තුලනය කරන සාධයක් ලෙස ඔහු යටතේ අමෙරිකාවට ඇති පිළිගැනීම සීමාසහිත යැයිද මතයක් ඇත. 

යුක්‍රේන යුද්ධයෙන් පසු අමෙරිකාවේ දේශපාලන පක්ෂ අතර ඇති මේ විරසකය අඩු කරවන සාධකයක් මතුව ඇතැයි ද යුරෝපීය රජ්‍යයන් අතර වූ බෙදීම සමනය වී අලුත් එකමුතු භාවයක් ගොඩනැමින් පවතිනු ඇතැයිද ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති. 

ඒ යුක්‍රේන අර්බුදය විසින් බෙදුණ ජාතීන් යොමු කරනු ලැබූ  විසඳුම් කිහිපයකි.

රුසියා යුක්‍රේන ආක්‍රමණය හා චීනයේ නිහඬ පිළිවෙත ගැන නවසීලන්ත අගමැතිනිය නොසතුට පළ කළාය. එහෙත් චීනය නවසිලන්තයේ ප්‍රධානතම වෙළඳ ගනුදෙනු කරුවෙකු වන අතර, අමෙරිකාව සිටිනුයේ චීනයේ සියලු වාණිජ ගනුදෙනුවලින් අඩකටත් අඩු මට්ටමකය. ඒ නිසා, යුක්‍රේන අර්බුදය නවසීලන්තයට කෙතරම් අප්‍රසන්න වුව ද රුසියා ප්‍රහාරය මෙතෙක් හෙළා දැක නැති චීනය සමග ඇති වාණිජමය සුහදභාවය තවදුරටත් තබා ගැනීමට නවසීලන්තයට සිදු වනු ඇත. 

මේ අර්බුද දෙකෙහිම ප්‍රතිඵල ශ්‍රී ලංකාවට බලපා ඇත්තේ මීට වඩා තීව්‍ර හා ව්‍යාකූල ආකාරයකටය. කෝවිඩ් අර්බුදයේ අර්ථික ප්‍රතිවිපාක, නිදහසෙන් පසු මෙතෙක් ගනු ලැබූ ආර්ථික තීරණවල වැරදිත් දේශපාලන ක්ෂේත්‍රයේ මුල් බැසගත් පවුල් වාදයත් ඒ මගින්  සමාජයේ සෑම ස්ථරයකම පැවති දුෂණත් නිසා උග්‍ර වූ බව අද සෑම ශ්‍රී ලාංකිකයෙකුම පිළිගන්නා තත්ත්වයට පත්ව ඇත.  ශ්‍රී  ලංකාව මේසා විශාල ආර්ථික කඩා වැටීමකට පැවති පාලන ක්‍රමයන් වගකිව යුතුයැයි ද පැවති හා පවතින පාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයයි   යන අදහස මේ වන විට සමාජ ගත වී ඇත. ප්‍රධාන පවුල්වල සාමජිකයන් හා හිතවතුන්ට පමණක් සීමාවන පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය පොදු ජනයාටද විවෘත විය යුතුය යන නියමය, ආර්ථික පීඩනයට හා දශක ගණනාවක් තිස්සේ වූ අසතුටුදායක දේශපාලන  පෙළගැස්මට එරෙහිව ගොඩනැගුණු සමාජ විරෝධතාවය විසින් රට තුළ පිළිගන්නා තත්ත්වයට පත්ව ඇත. 

පවුල්වල සාමාජිකයන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනයාගේ නියෝජනයක් ද පාලන තන්ත්‍රයට එක් විය යුතුය.  දළ ජාතික නිෂ්පාදනයෙන් 101 % ඉක්මවමන පරිදි ලබා ඇති රාජ්‍ය ණය ප්‍රමාණයට පාලකයන්ද වගකිව යුතුය, යන අදහස් කෝවිඩ් හා සමග හටගත් ආර්ථික අර්බුදය විසින් සාධාරණීයකරණය කර ඇත. 

දේශීය ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවන විට විවිධ ව්‍යපෘතීන් මූල්‍ය ණය සඳහා රජයක් විදේශ ආයතන  සම්බන්ධකර ගත යුතුය. ශ්‍රී ලාංකිකයන් ඉඩම් හා දේපළවලට වඩාත් ආශක්ත වුව, ණය ලබා ගැනීමට වඩා  එවැනි ව්‍යාපෘතීන්වල යම් ප්‍රතිශතයක හිමිකාරත්වය ආයෝජකයන්ට ලබා දීම ගැන මෙතෙක් රට තුළ පැවති විරෝධතාවය වෙනස් කළ යුතුව ඇති බවට ද ප්‍රකාශ වේ.  

යුක්‍රේන අර්බුදය විසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව වඩාත් දුෂ්කර තත්ත්වයක තබා ඇත. විදේශ විනිමය හිඟය හේතුවෙන් ආර්ථික ප්‍රශ්න වැඩි වූ අතර ඒ නිසා දේශපාලන අස්ථිරභාවය හටගත්තේය. දැන් දේශපාලන අස්ථිරභාවය නිසා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවෙන් සහන ලබා ගැනීම ප්‍රශ්නයක් වී ඇත. අමෙරිකානු හා යුරෝපීය කඳවුරු කෙරේ වඩාත් සමීපව කටයුතු කිරීමේ ඉතිහාසයක් ඇති පක්ෂයක ජනාධිපතිවරයෙකුට මේ නිසා නැවතත් රුසියාව හා චීනය වෙත ළඟා වීම හැර වෙනත් විකල්පයක් මෙතෙක් ඉදිරිපත් වී නැත.

මෙසේ,  ‘පැවති ක්‍රමවල නොගැළපීම් නිසා අර්බුද හටගත් අතර ඒවායින් බිහිවන බිහිකළ විසඳුම්ද ඉවත දැමිය නොහැකි’ තත්ත්වයකට බොහෝ රටවල් මෙන්ම ශ්‍රි ලංකාව ද පත්ව සිටී.

*** *** ***

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.