fbpx
11.8 C
New Zealand
Friday, May 17, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

රතු මුහුදේ තත්ත්වය කුමක්ද? | යසසි ගුණරත්න

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ජාත්‍යන්තර මාධ්‍ය  වාර්තා  කරන පරිදි හවුති කැරලිකරුවන් දැනට බාබ් අල්-මන්දාබ් සමුද්‍ර  සන්ධියේ (සෘජුවම සූවස් ඇළ අසළ නොව) වාණිජ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරමින් සිටී. යේමනයේ වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති මෙම පටු ජල මාර්ගය රතු මුහුදට ඇතුල් වීමේ / පිටවීමේ ස්ථානය ලෙස පිහිටා ඇත. ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර ඇති වූ ගැටුමෙන් පසුව හවුති කැරලිකරුවන් ඊශ්‍රායලයට සම්බන්ධ ඕනෑම යාත්‍රාවකට එරෙහිව ඕනෑම ප්‍රමාණයක ප්‍රහාර දියත් කරන බව ප්‍රකාශ කර ඇත.

හවුතිවරුන් යනු කවුරුන්ද?

අන්සාර් අල්ලාහ් (දෙවියන් වහන්සේගේ ආධාරකරුවන්) ලෙසින් ද හැඳින්වෙන හවුතිවරු යනු යේමනයේ අගනුවර වන සානා සහ සෞදි අරාබියට ආසන්න බටහිර සහ උතුරු  ප්‍රදේශ ඇතුළුව යේමනයේ බොහෝ ප්‍රදේශ පාලනය කරන සන්නද්ධ කණ්ඩායමකි.

ඔවුන්  ඉරානය සමඟ පෙළගැසී සිටින  අතර ඔවුන්ගේ ප්‍රහාර  ඊශ්‍රායලයේ ගාසා තීරයට බෝම්බ හෙලීමට සහ එය අවසන් කිරීමට  ජාත්‍යන්තර ප්‍රජාව අසමත් වීමට ප්‍රතිචාරයක් බව පවසා තිබේ

මෑත සතිවලදී හවුති කැරලිකරුවන් විවිධ  යාත්‍රා වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා දියත් කිරීම මගින්  ප්‍රහාර දැඩි කර ඇත. ඊට අමතරව, ඔවුන් බලහත්කාරයෙන් සමහර නැව්වලට නැඟී, යාත්‍රාව සහ කාර්ය මණ්ඩල ග්‍රහණයට ගෙන ඇත.  බහාලුම් නැව්, ටැංකි මෙම ප්‍රහාරවලට ගොදුරු  වී ඇත. මෙම කිසිදු යාත්‍රාවකට ඊශ්‍රායලය  සමඟ කිසි ආකාරයක සම්බන්ධයක් නොතිබූ අතර ඒවා ඊශ්‍රායලයට හෝ ඉන් පිටතට භාණ්ඩ ප්‍රවාහනය කර නොතිබීම සැලකිය යුතු කරුණකි. මෙම  ප්‍රහාර එල්ල වන ප්‍රදේශවලට සිය යාත්‍රා යැවීම්  තාවකාලිකව නැවැත්වීමට බොහෝ නැව් සමාගම් මේ වන විට තීරණය කර ඇත.

සූවස් ඇළෙහි වැදගත්කම

සූවස් ඇළ ගෝලීය වෙළඳාමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.  මෙම තීරය ලොව පුරා බහාලුම් ගමනාගමනයෙන් 30% ක් පමණ හසුරුවන අතර වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන එකකට වඩා වටිනා භාණ්ඩ ප්‍රවාහනයට  පහසුකම් සපයයි. අගුළු නොමැති ලෝකයේ දිගම ඇළ සූවස් ඇළ වන අතර එය රතු මුහුද මධ්‍යධරණී මුහුදට සම්බන්ධ කරයි.

1869 දී යාත්‍රා සඳහා විවෘත වූ සූවස් ඇළ මේ වන විට තවත්  පුළුල් කිරීමේ කටයුතු බොහොමයකට  භාජනය වී ඇත. සූවස් ඇළ  මාර්ගය මගින් යාත්‍රාවලට රතු මුහුදේ සිට මධ්‍යධරණී මුහුද දක්වා පැය 12 සිට 16 වන කාලයක් තුළ යාත්‍රා  කිරීමට හැකිවන අතර මෙය සාමාන්‍ය  නාවික යාත්‍රාවකට සැලකිය යුතු කාලයක් ඉතිරි කර දෙයි (දින 10ක් පමණ).

දිවා රෑ විවෘත කර ඇති මෙම ජල මාර්ගයෙහි දිනකට යාත්‍රා 70ක් පමණ ප්‍රවාහනයේ යෙදෙන බව පැවසේ . 2022/2023 මූල්‍ය වර්ෂයේ දී එහි යාත්‍රා 26,000ක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වී ඇති අතර  ඉන් 9,000ක් පමණ බහාලුම් නැව් බව වාර්තා වේ. මෙය ඊජිප්තුවේ ආර්ථිකයට සැලකිය යුතු ලෙස දායක වේ. ඩොලර් බිලියන 8.8 ක ආදායමක් ඉපැයූ  සූවස් ඇළ ඊජිප්තුවේ දෙවන විශාලතම ආර්ථික සම්පත ලෙස ලෙස සැලකේ. එසේම එය  රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% කි. එය  දිනකට ඩොලර් මිලියන 24 ක පමණ ආදායමක් ගෙන එනු ලබයි.

යාත්‍රා සඳහා නව සාමාන්‍ය

රතු මුහුද මඟ හැරීම සහ කේප් ඔෆ් ගුඩ් හෝප් හරහා අප්‍රිකාව වටා දිගු මාර්ගයක් තෝරා ගැනීම යාත්‍රා සඳහා “නව සාමාන්‍ය ” බවට පත්ව ඇති අතර මෙම මාර්ගය යාත්‍රා ධාරිතාවට සහ මුහුදු ගමන් කාලසීමාවට සැලකිය යුතු ලෙස බලපායි.

ප්‍රවාහකයන් මෙම යථාර්තයට අනුගත වෙමින් මෙම  තත්ත්වය   දිගු කාලීන ගැටළුවක් වන බවට නිර්ණය කර ඇත. එසේම දීර්ඝ මුහුදු ගමන් නිසා හිස් උපකරණ නැවත ආසියානු රටවලට ගෙන ඒමද ගැටළුවක් වී ඇත.

කුමන වෙළඳාමට බලපාන්නේද?

යුරෝපය, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, මැද පෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, ආසියාව සහ ඕෂනියාව සම්බන්ධ කරන තීරණාත්මක මාර්ගයක් ලෙස බොහෝ වෙළඳ මාර්ග රතු මුහුද මත දැඩි ලෙස රඳා පවතී. ආසියාව/ඉන්දියානු උපමහාද්වීපය සහ යුරෝපය අතර මෙන්ම මැදපෙරදිග සහ යුරෝපය අතර සහ අමරිකාව සහ ආසියා/ඉන්දියානු උපමහාද්වීපය අතර සෘජුවම බලපාන විශේෂිත වෙළඳ මාර්ග ද රතු මුහුද හරහා  වැටී ඇත.

දැනට රතු මුහුද හරහා ගමන් කළ හැකිව තිබූ බහාලුම් නැව්වලින් 90%ක් පමණ Cape of Good Hope  එක වටා හරවා යවා ඇත. මෙම දිගු මාර්ගය ආසියාව සහ යුරෝපය අතර වෙළඳාමට සෘජු බලපෑමක් එක් කරනු ඇත. බලපෑමට ලක් වූ වෙළඳ මංතීරුවල සැපයුමේ සහ ඉල්ලුමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන අසමතුලිතතාවය, මෙම දිගු ප්‍රවාහන කාලය හේතුවෙන්  සෘජුවම බලපාන්නේ නැති මාර්ගවල පවා සාගර භාණ්ඩ ප්‍රවාහන මිල ඉහළ යාමට හේතු වනු ඇත.

 

– යසසි ගුණරත්න-

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.