fbpx
9.1 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඕක්ලන්ඩ් නර්තන කලා පුහුණුවේ අලුත් පාසල – Ecans New Zealand Dancing Academy

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සති අග, ඕක්ලන්ඩ් මවුන්ට් වෙලිංටන්-ඔටාහුහු මායිමේ තාලම්පොට, උඩැක්කිය, බෙර හඬ හා වන්නම් නර්තනයක ගී

හඬ ඇසෙන එක ස්ථානයක්  වෙයි. ඒ කලබල කාරී පරිසරයෙන් මිදුණ පැනමා පාරෙහි  ඇති  ‘Riverside Community Centre (Taha Awa) හි ප්‍රජා ශාලාවය. අමාලී ශශිප්‍රභා  වීරසිංහ පසුගිය වසරේ  නර්ථනයට කුඩා දරු දැරියන් පුහුණු කරවීම සඳහා තම  ‘Ecans New Zealand Dancing Academy’  ය පටන් ගත් ස්ථානය ය.

මෙහි  සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනවලම, සෑම වයස් කාණ්ඩයකටම, පෙ.ව. 11 සිට ප.ව.1.00 දක්වා උඩරට, පහත රට,  බටහිර, භරත නාට්‍යම්,  Hiphop,Contemporaray, Bollywood  හා Freestyle සඳහා පංති පැවත්වේ. ඊට අමතරව අමාලි ගුරුතුමිය තම  නිවසේදී තරග හා  විශේෂ අවස්ථා වෙනුවෙන් පුහුණු කිරීම් කරයි. එමෙන්ම ශිෂ්‍යයෝ නර්තන ශිල්පයට අදාළ තාලම්පොට, බෙර, තම්මැට්ටම් ආදී භාණ්ඩ වාදනය ප්‍රගුණ කර ගනිති.

ආරම්භයට මාස කිහිපයකට පසු, 2021 වර්ෂයේම එක් ශිෂ්‍යාවක් වූ  දුලක්ෂි  පමෝදා දැරිය නවසීලන්තයේ ‘Sri Lankans Got Talent’ තරගයෙන් දෙවෙනි ස්ථානය  ලබා ගත්තෙන්  ශ්‍රී ලංකන්ස් (Sri LankaNZ) පුවත් පතෙහි අපි මෙම නර්ථන පාසල ගැන තවත් තොරතුරු සෙවීමු.

 

***

‘Ecans New Zealand Dancing Academy’ හි ගුරුතුමිය වන අමාලී ශෂිප්‍රභා උපන්නේ රාජගිරියේය.  ඇයගේ මව වන ඩබ්ලිව්. ජී. දීපානි මහත්මිය ද, ඒ දිනවල නැටුම් ගුරුවරයෙකු ලෙස මහත් ජනප්‍රසදායට පත්ව සිටි විශ්වවිද්‍යාල කථිකචාර්‍යය වරයෙකු හා ඩී. එස්. සේනානායක විද්‍යාලයයේ නැටුම් පුහුණුකරු වූ නන්දන බාලසූරිය ගුරුතුමාගේ මග පෙන්වීම යටතේ  නර්තනය තව දුරටත් ප්‍රගුණ කළාය. ඇය විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායම සමග සංදර්ශන සඳහා ඉන්දියාවේ හා රුසියාවේ සංචාරය කර තිබුණාය. අමාලී ශෂිප්‍රභා තුන්හැවිරිදි කාලයේ සිටම තම මවගේ අඩි පාරේ යමින් නර්තනයට සිත ඇද-බැඳ ගත්තාය.

ප්‍රසාංගික කලාව සඳහා බෙහෙවින් ජනප්‍රියව පැවති කොළඹ මියුසියස් විද්‍යාලයයේ  2009 වර්ෂයේ සිට ශිෂ්‍යයකු වූ ඇය, විෂාද සිල්වා, ශිවන්ති රත්නායක හා දයා නෙල්ලම්පිටිය ඇතුලු ජනප්‍රිය ගුරු මහත්ම මහත්මීන් යටතේ නැටුම් කලාව ඉගෙන ගත්තා ය. විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායම සමග ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, හා බැංකොක් වැනි රටවල ප්‍රසංගයන් සඳහා සංචාරය කළා ය.

ඇය ද සහිත මියුසියස්  විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායම සමස්ථ ලංකා නාට්‍ය තරග කිහිපයකින්ම ජයග්‍රහණ ලබා  ගත්තෝය. වරෙක බස්නාහිර පළාතේ විද්‍යාලාන්තර තරගයකදී  සකුන්තලා ඉඟි නළුවෙහි ප්‍රධාන චරිතය රඟපාමින් ඇය දෙවෙනි ස්ථානය ලබා ගත්තාය. 2017 වර්ෂයේ ‘FIA Battle Championship’ තරගයෙන් ඇය සමග වූ කණ්ඩායම ජයග්‍රහණය කළෝය.

***

2013 වර්ෂයේ ‘ජාතික ව්‍යාපාරික කළමණාකරණ’ (NIBM) ආයතනයේ මානව සම්පත් කළමණාකරණය පිළිබඳ උපාධිය ලබාගත් අමාලි ශෂිප්‍රභා ජේම්ස් ෆින්ලේ සමූහ ව්‍යාපාරයේ විධායක ශ්‍රේණියේ රැකියාවක්ද,  Aartiz  Technologies Private Limited  ආයතනයේ මාණ්ඩලික සම්බන්ධීකරණ නිලධාරිනියකද ලෙස සේවය කර ඇත. ඒ අතර  ඇය ‘එලිසබත් මෝයර්’ විදුහලෙහි ප්‍රාථමික හා ජේෂ්ඨ නාට්‍ය ගුරුවරියක ලෙස සේවය ආරම්භ කළාය. ඒ සමගම ප්‍රසිද්ධ නාට්‍ය නිෂ්පාදකයෙකු වන,  මෑතකදී ‘දඟමල්ල’ ළමා රූපවාහිනී නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් ජනප්‍රසාදයට පත් වූ  නාලක සමරතිලක මහතා මෙහෙය වූ ‘වයිත්ලීෆ් ප්‍රාසාංගික කලා විද්‍යලයේ පාසල් දරුවන්ගේ කුෂලතා වර්ධන ගුරුතුමියක ලෙස සහභාගි වූවාය.

එම වර්ෂයේ  ‘වයිත්ලීෆ් ප්‍රාසාංගික කලා විද්‍යලය’ දිවයිනේ විදුහල් දහයකින් තෝරාගත් දූ දරුවන් දෙසීයක් සමග ‘එක් දින ළමා නාට්‍ය සංදර්ශනයක්’ පැවැත්වී ය. පියුමී සමරප්පුලිගේ මහත්මිය හා අමාලි ශෂිප්‍රභා  නාට්‍ය තිර රචනය කළ අතර, වැඩ සටහන මෙහෙයවූයේ නාලක සමරතිලක මහතා ය.

අමාලි ශෂිප්‍රභා ගුරුතුමිය 2021 දී මවුන්ට් වෙලිංටන් පැනමා පාරේ ‘Ecans New Zealand Dancing Academy’ පටන් ගත්තේ මේ අත්දැකීම් හා පළපුරුද්ද  සමගය. එප්සම්, රෙමුරා, මවුන්ට් වෙලිංටන්, පැන්මුවා, ග්ලෙන් ඉනස්, පකුරංගා හා  ඔටාහු වැනි යාබද  ප්‍රදේශ හා ඒ අවට දරු දැරියෝ දැනට පුහුණුව සඳහා මෙම ස්ථානයට පැමිණෙති. පුහුණුව ලැබූ දැරියන් දොළොස් දෙනාගේ කණ්ඩායම සමග ඇය, ශ්‍රී ලාංකික, ෆිජි හා ඉන්දියන් වැනි ප්‍රජාවන්ගේ ඉල්ලීම පිට නර්තන ප්‍රසංගවලට සහභාගි වන්නීය.

‘Ecans New Zealand Dancing Academy’යෙන් ලබා ගන්නා පුහුණුව හා දක්ෂතා  ඔප්නැංවීමට  ඉදිරි කාලයේත් ‘Bollywood Factor Talent Asia Pacific Competition’ හා ‘Dance Pe Chance Competition’ වැනි විවිධ තරග හා ප්‍රසංගවලට තම ශිෂ්‍යයන් ඉදිරිපත් කිරීමට ඇය බලා පොරොත්තු වන්නීය. එවැනි අවස්ථා ලබා දීම මගින් එම දූ දරුවන්ගේ දක්ෂතා ඇගයීමක් හා පෞරුෂ වර්ධනයක්ද සිදුවේ.

තම රටෙහි අනන්‍යතාවය රකින වටිනා කලාවක්,  විදේශ රටක සිටින දූ දරුවන් අතට පත් කිරීමට ගන්නා උත්සාහයට ශ්‍රී ලංකන්ස්හි අපි ඇයට සුබ පතමු.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.