2024 දී පසුගිය තෙවසරේ ලොව වෙළාගත් ආර්ථික හා සමාජ පරිහානියෙන් ගොඩ එන වර්ෂයයැයි බොහෝ රටවල් බලාපොරොත්තු තබා තිබුණි. එහෙත්, ඒ සදහා ගමන් කළ යුතු වන්නේ 2023 දුර්ග මාර්ගය හරහා යයි ජාත්‍යන්තර මූල්‍ය (ජා.මූ.අ.) ප්‍රකාශ කරයි. භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම, දියුණූ රටවල ශ්‍රමික හිඟතාවය, රට රටවල අධික ණය බර, බැංකු හා මූල්‍ය ආයකන වල ගොඩගැසුණ නොගෙවන ණය හා ණය-තැන්පතු අනුපාතය යහපත් තත්ත්වයක ගෙන යාමේ ගැටළුව, අයහපත් වාතාවරණය නිසා වන ආයෝජන අඩුව, ඇතැම් රටවල ඇති අතිරික්ත අරමුදල් ආරක්ෂාකාරී මධ්‍යස්ථාන කරා විතැන්වීම හේතුවෙන් දියුණූවන රටවල ඇතිවිය හැකි ප්‍රාග්ධන ගැටලුව ලෝකයේ ඇති සෑම ආර්ථික කලාපයකටම පොදු වූ ප්‍රශ්නයන් ය.
ඒ අතර, යුක්රේන රුසියා ගැටුම වැනි බාධක මැද වුව, චීනය ලෝක ආර්ථිකයට විවෘත වීම හා ඉන්දියාව බලගතු ආරථීකයක් ලෙස ඉස්මතු වීම වැනි කරුණූ නිසා ආසියා-පැසිපික් කලාපයේ සතුටුදායක පිබිදීමක් පෙන්නුම් කරන බවත් ඉදිරි කාලයේ එය ලෝක ආර්ථික වර්ධනයට 70% ක දායකත්වයක් ලබා දෙන බවත් ජා.මූ.අ. ප්‍රකාශ කරයි. එම කලාපයේ සංවර්ධිත රටක් වන නවසීලන්තය වසංගතය ආශ්‍රිත ගැටළු සාර්ථකව විසඳා ගත් අතර, දේශ සීමාවන් විවෘත කෙරුණි. ශ්‍රමික සංක්‍රමණ නිති ලිහිල් වීය. සංවාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර පියවි තත්ත්වයට පැමිණෙන්නට පටන් ගත්තේ ය. ධනාත්මක ව්‍යවසායික බලාපොරොත්තු ඇති වීය.
එහෙත් මේ වනවිට රටෙහි ණය සදහා අය කෙරෙන ඉහළ පොලී අනුපාතය, භාණ්ඩ හා සේවා මිල අධිකව ඉහළ යාම, නිවාස ගැටලුව, වැඩි වැටුප් ඉල්ලීමේ ප්‍රවණතාවය ආදියෙන් පෙන්වන්නේ රටෙහි පවතින අධික උද්ධමන ප්‍රවණතාවය ය. 2023 වසර අග රටෙහි ආර්ථිකය අවපාතයකට පුරෝකථනය වුවද මේ වනවිටත් එම තත්ත්වය මතුව ඇතැයි ඇතැම් අය පවසති. ‘උද්ධමනයට ප්‍රභවයන් තුනක් ඇත. එකක් වැඩි කළ රාජ්‍ය වියදම් හා කලින් වූ අඩු පොලී අනුපාතය නිසා වැඩි වූ ඉල්ලුමය. දෙවැන්න විදේශයෙන් වූ අධි-සැපයුමය. තෙවැන්න නොදන්නා මාර්ගයකිනි,’යි නවසීලන්ත භාංඩාගාරය පැවසූ බව ද සඳහන් වේ.
රටෙහි දේශීය දළ නිෂ්පාදන වර්ධන අනුපාතය, 2023 අගදී 1.1% කටත් 2024 අගදී කලාපයේ පහළම සංඛ්‍යාව වන .8% කටත් ඇස්තමේන්තු කර ඇත. 2024 කිවි දේශයේ වැසියනට ආර්ථික අවපාතයේ පීඩනය හොඳින් දැනෙන වසරක් වියහැකි බව පොදු පුරෝකථනය වේ.
2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය 7.8% කින් සංකෝචනය වූ අතර 2023 අගදී මෙම සංඛ්‍යාව 3% ක් වෙතැයි අපේක්ෂා කිරීම බෙහෙවින්ම සුබදායක බලාපොරොත්තුවකි. ජා. මූ. අ . ලෙහි ණය පහසුකම් ප්‍රධානයත් සමග ආසියා සංවර්ධන බැංකුව හා ලෝක බැංකුවෙන් ලබා ගතහැකි තවත් බිලියන හතක මූල්‍ය පහසුකම් ප්‍රධානයකට රට සුදුසුකම් ලැබීම ජයග්‍රහණයකි. ණ්‍යය ප්‍රතිව්‍යුහ ගතකිරීම, ගොඩගැසී ඇති දේශීය ණය විසඳා බැංකු ක්‍රමය බේරා ගැණීම, ඉහළ රාජ්‍ය ආදායම ඉලක්ක කරගත් රාජ්‍ය මූල්‍යය, බදු ගෙවන්නන්නට බරක් වී ඇති රාජ්‍ය ආයතන වල ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම වැනි දැවැන්ත කාර්ය භාරයක් සාර්ථකව ඉටුකරගැණීමේ වගකිම ශ්‍රීලංකාව සතු වී ඇත.
නිෂ්පාදනය හා නිර්යාතය ඉලක්ක කරගත් ව්‍යාපාර හා ව්‍යාපෘතීන් ක්‍රමවත් කරගත යුතුය. බෙංගාල බොක්කෙන් හා අරාබියානු මුහුදෙන් වටවී ඇති ශ්‍රී ලංකාවේ වසර 2000 පුරා භාවිතා කළ කොාළඔ වරාය වඩාත් හොද කලාපීය වාණිජ මධ්‍යස්ථානයක ලෙස දියුණූ කිරීමට ශක්‍යතාවය ඇතැයි කියැවේ. මේ අදහසින් ඇරඹූ ‘කොළඹ පෝට්සිටි ව්‍යාපෘතිය ‘ ශ්‍රී ලංකාව ලෝකයේ නවීන ආනයනන අපනයන හා ව්‍යපාර කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරියට ගෙන යාමේ දැවැන්ත නිද්‍රාගත යෝධයෙකැ,’ යි පැවසේ. ඉදිරියේදී වඩාත් විවෘත වන චීන හා ඉන්දීය ආර්ථියන්ගේ ආශ්‍රිතමය ප්‍රථිඵල (ripple effect) ප්‍රයෝජනයට ගැණීමට මෙම ව්‍යාපෘතිය උපකාර කර ගත හැකිය.
ශ් රීලංකාව ගැන මෙම සුබවාදී ආර්ථික බලපාපොරොත්තු පළ කරන්නේ නවසීලන්ත රජයේ විදේශ හා වෙළඳ කටයුතු අමාත්‍යංශය ය. එහෙත් සෑම ව්‍යාපෘතියකටම විරුද්ධ වන දේශපාලන සංස්තෘතියක් ඇති ශ්‍රී ලංකාවේ රාජ්‍යය, සම්ප්‍රදායික සුබසාධක පිළිවෙතින් ඉවත් වීමේදී ඇති වන ජන-විරෝධතා වලට ඉදිරි රජයනට මුහුණ දීමට සිදුවනු ඇත. වටිනා දේශීය සම්පත් හා දියුණු නවින ‘වරාය නගර’ කිහිපයකටම ශක්‍යතාවය සහිත මුහුදු සම්පතක් ඇති ශ්‍රී ලංකාව ‘වංශක්කාර ස්විස් ජාතික වලව්වක් මෙනැ,’යි ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ කරති. රට තුළ හා වටපිටාවේ අගනා සම්පත් ඇතත් ප්‍රයෝජනයට ගන්නා කවර පියවරකට වුව විරෝධතාවයන් එල්ලවීමට අයිතිකරුවෝ කොටසක් ද පෙළගැසී සිටීම එයට හේතුවය.