ඇමෙරිකානු ජාතික ‘ජේ’ අපායට වැටුණේය. එහිදී ඔහුට ධනවාදී අපාය හෝ සමාජවාදී අපාය තෝරා ගන්නට සිදු වීය. කොයිකටත් ගිහින්ම බලනවායැයි සිතූ ඔහු පළමුව ධනවාදී අපායේ ගේට්ටු පාලක යමයා හමු විය.
‘මට මෙහේ වැඩ කෙරෙන හැටි දැනගන්න ඕනැ,’ ඔහු කීවේය.
ඇල් මැරුණ තාලෙන් ජේ දෙස බැලූ ඔහු, ‘ඉස්සෙල්ලම මෙහේ උඹේ ඇඟිලි කපලා දානවා. ඊට පස්සෙ උඹව උණු තෙල් ටැංකියේ දාල කකාරවනවා. එළියට අරන් දම්වැලකින් ගහක බැඳලා උඹේ පපුව එළියට ගන්නවා. ඊ ගාවට උඹව කෑලි කෑලිවලට පිහියකින් කපනවා,’ කියමින් විස්තර කළේය.
‘අපෝ. හරිම වැඩියි,’ කියා සුසුම් හෙළූ ජේ, සමාජවාදී අපායේ මුරයමයා හමු වී කලින් පරිදිම විස්තර අසා සිටියේය. එහි විශාල පෝලිමක් ද වීය.
‘ඉස්සෙල්ලම මෙහේ උඹේ ඇගිලි කපලා දානවා. ඊට පස්සෙ උඹව උණු තෙල් ටැංකියේ දාලා කකාරවනවා. එළියට අරන් දම්වැලකින් ගහක බැඳලා උඹේ පපුව එළියට ගන්නවා. ඊ ගාවට උඹව කෑලි කෑලිවලට පිහියකින් කපනවා,’ කියමින් යමයා විස්තර කළේය.
‘එතකොටෙ අරහෙ ධනවාදී අපායෙත් එහෙමම නෙව,’ ජේ ප්‍රශ්න කර සිටියේය.
‘ඒක හරි,’ මුර යමයා සැරවුණේය. ‘ඒත් වෙලාවකට මෙහේ ටැංකියෙ තෙල් නැති වෙනවා. පිහි නැති වෙනවා. මේ දවස්වල අර උණු තෙල් ටැංකියෙන් එළියට ගන්න තැන සේවකයො ස්ට්‍රයික්.’ ඔහු විස්තර කර දුන්නේය.
——————————————






