ටුයි ගී
වැසි තද සුළං රැළි ගස් වැල් සලන විට
ටුයි ගී ඇසෙයි ඒ හඬ පරදවා මට
-ඩෙනිස් ග්ලෝවර්-
***
වසන්තය
සයුරෙහි රුවල් ඇස් මානෙට පැමිණ නැත
මුහුදේ පිපෙන මල් නොපෙනී ගොසින් ඇත
හිනැහෙන පොහුටුකාවා කිසි තැන අඩුව නැත
වෙරලේ ඉමම රත්පැහැයෙන් වසා ඇත
-ඩෙනිස් ග්ලෝවර්–
ෆොටො – දුශී තෙන්නකෝන් හැමිල්ටන්
***
මිනිත්තු පහක්
‘යන්තම් ෆයි මිනිස්ට් අද බ්‍රෝ’ කියාගෙන
අපි ඉඳ ගතිමු බී.බී.කිවු මේසෙ ළඟ
අව්-වැසි දේශපාලන හා රග්බි බිබී
පාළොස් පැයේ නිම විය අපෙ රෑ කෑම
-කවියා සදහන් නොවේ-
(මුල් කවි ආභාෂයෙන් සකස් කළේ ශ්‍රී ලන්කන්ස්)






