fbpx
16 C
New Zealand
Friday, May 17, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මානුෂීය අගයන් තුළින් ජනතා සේවයට කැපවූ වෘත්තිකයින් බිහි කරමු | ආචාර්ය රෝහන උල්ලුවිස්හේවා

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මානුෂීය අගයන් යනු කුමක්ද?

බොහෝ දේවලට අප දෙන  අගයන්  කාලය අනුවත් තැනින් තැනටත් වෙනස් වෙනවා සංස්කෘතියේ වෙනස්වීම් අනුව. ළමා කාලයේ දි අපි ලොකු    අගයක්   දුන් බොහෝ දේවල් අපට දැන් වටින්නෙ නැහැ වැඩිහිටියන් වූ පසු. වගේම එක සංස්කෘතියක ලොකු    අගයක්  දෙන දෙන දෙයක් තවත් සංස්කෘතියක කිසිම   අගයක්  නොලබන්න පුළුවන්. නමුත් කාලය හා ස්ථානය අනුව වෙනස් නොවී සෑම මනුෂ්‍යයෙක්ම  එක හා සමානව අගය කරනවා  මනුස්සකම් කියන දේ. ආදරය එක උදාහරණයක්. හැම කෙනෙක්ම කැමතියි ආදරය ලබන්න. නිසා සෑම මනුෂ්යයෙක්ම ආදරය අගය කරනවා. ලොකු වටිනකමක් දෙනවා

වගේම හැම විටම බෙරු කියන අන්‍යයන් බොරුවෙන් රවටන කෙනෙක් වුවත් සත්‍යය අගය කරනවා. සාමයට සෑම මනුෂ්‍යයෙක්ම කැමතියි. තමා තුළ සාමය හා සැනසීම පවත්වා ගැනීමට හැම කෙනෙක්ම කැමතියි. ඒකට ලොකු  වටිනකමක් දෙනවා. වගේම කවුරුවත් කැමති නැහැ නින්දා ලබන්න. කවුරුත්  කැමතියි තමාට අන්‍යයන් ගරු කරනවා නම්. කවුරුවත් කැමති නැහැ තවත් කෙනෙක් තමාට හිංසා කරනවට. නිසා අවිහිංසාව කවුරුත් අගය කරනවා. සෑම සංස්කෘතියකම සෑම කාලයකම  නිවැරදි දේ  වශයෙන් පිළිගන්න දේ තියනවා. දේවල් කිරීම අගය කරනවා හැම කෙනෙක්ම. නිසා මේ සියල්ලම සෑම මනුෂ්‍යයෙක්ම අගය කරන මනුෂ්‍ය වර්ගයාටම පොදු වූ මානුෂීය  අගයන්  වශයෙන් සලසකන්න පුළුවන්

සාර්ථක වෘත්තීය ජීවිතයක් සඳහා මානුෂීය අගයන්ගේ වැදගත්කම

පරිපූර්ණ වෘත්තිකයෙක් තම වෘත්තියට අදාළ වෘත්තීයමය දැනුම  සහ පුහුණුවට අමතරව එම දැනුම සහ පුහුණුව පරාර්ථකාමීව පොදු යහපත සඳහා යෙදවීමට අවශ්‍ය මානුෂීය අගයන්ගෙන් ද සන්නද්ධ විය යුතු බව  බොහෝ විද්වතුන් පිළිගන්නා කරුණක්. මේ මානුෂීය  අගයන්  පරිපූර්ණ වෘතිකයෙතු සන්නද්ධව සිටිය යුතු යයි විද්වතුන් විසින් සළකනු ලබන  අගයන් සමහරක් නම් අවංක බව, අව්‍යාජ බව, සත්‍යගරුක බව, නීතිගරුක බව, විනයගරුක බව, නම්‍යශීලී බව, පරාර්ථකාමිත්වය, අන්‍යයන්ට (මිතුරු හා සතුරු) නොමසුරුව උදව් කිරීමෙහි කැමැත්ත, සියල්ලන් (මිතුරු හා සතුරු) කෙරෙහි දක්වන කරුණාව සහ තම වගකීම් මනාව ඉටුකිරීම, තම සේවයට කැපවීම් ආදි යයි. 

වෘත්තිකයින් වශයෙන් තම සේවා ස්ථානවලට නායකත්වය දීමටත්, අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව කණ්ඩායම් තුළ වැඩ කිරීමටත්  අවශ්‍ය පරාර්ථකාමී චින්තනය ලැබෙනවා මානුෂීය අගයන්ගෙන් සන්නද්ධ වීම මගින්. Adam Grant (2013)  අමෙරිකා එක්සත්  ජනපදයේ කරන ලද පුළුල් අධ්‍යයනයක් පදනම් කරගෙන ලියන ලද “Give and Take: A Revolutionary Approach to Success” පොතෙන් පෙන්වා දෙනවා පරාර්ථකාමී චර්යාවන්ගෙන් යුත් වෘත්තිකයින් ආත්මාර්ථකාමී වෘත්තිකයින්ට වඩා සාර්ථක වන බවත් සතුටින් ජීවත් වන බවත්. වෘත්තිකයන් අතර බහුල වූ මානසික ආතතිය, අධික රුධිර පීඩනය. හදවත්  රෝග සහ දියවැඩියාව  වැනි රෝගවලින් වැළකී සිටීමට මානුෂීය අගයන්ගෙන් සන්නද්ධ වීම උදව් වන බව පෙන්වා දී තිබෙනවා. ඒ වගේම අමෙරිකා එක්සත් ජනපදයේ කරන ලද දීර්ඝ කාලීන පර්යේෂණ පදනම් කරගෙන “Stephen Post”   සහ Jill Neimark විසින් ලියන ලද “Why Good Things Happen to Good People” පොතෙන් පෙන්වා දෙනවා මානුෂීය වටිනාකම්වලින් සන්නද්ධ වූ පරාර්ථකාමී පුද්ගලයින් අන් අයට වඩා නිරෝගී බවත්, අන් අයට වඩා සතුටින් සිටින බවත්, අන් අයට වඩා දීර්ඝ කාලයක් ජීවත්චන බවත්.

මානුෂීය අගයන් සහ මානුෂීය පූර්ණත්වය

 මෙම මානුෂීය අගයන්  සෑම මනුෂ්‍යයෙක්  තුළම විභව වශයෙන්  පවතින බවත් ඒවා නිරායාසයෙන් අප සිතිවිලි සහ හැසිරීම් තුළින් මතු වන්නේ  අපි පූර්ණ   මනුෂ්‍යත්වයට පත් වූ විට පමණක් බවත් විද්‍යාත්මක අධ්‍යනවලින් පෙන්වා දී තිබෙනවා අනුව මානුෂීය  අගයන්  පූර්ණ මනුෂ්‍යත්වයට පත් වූවන්ට ලැබෙන දායාදයක් ලෙස සළකන්න පුළුවන්. මනෝවිද්‍යාව තුළ මෑතක දී බිහි වුණු අංශයක් තමයි “Transpersonal Psychology”. මෙම විෂය ක්ෂේත්‍රයේ විද්වතුන්ට අනුව අපි පූර්ණ මනුෂ්‍යයින් නොවේ. පූර්ණ මනුෂ්‍යයින් බවට පත් වීමට අපි තවදුරටත් පරිනාමය වියයු තුව තියෙනවා. අපි සම්පූර්ණ කරලා තියෙන්නෙ පරිනාමයේ ජීව විද්‍යාත්මක කොටස පමණයි. ඒ කියන්නේ ශාරීරිකව පමණයි. අපි තව දුරටත් පරිනාමය විය යුතුව තියනවා මානසිකව. මේ කොටසට “Psycho-spiritual evolution” කියලා කියනවා. 

Ken Wilber (2001) පූර්ණත්වය දක්වා වූ පුද්ගලයකුගේ සංවර්ධනය  අවධි තුනකින් දක්වනවා  –  (1) පූර්ව-පුද්ගල (Pre-Personal), (2) පුද්ගල (Personal) සහ (3) අතික්‍රමණ පුද්ගල (Transpersonal) වශයෙන්මව් කුසේ සිටින කාලය සහ ළදරු අවධිය පූර්ව-පුද්ගල අවස්ථාවයිමේ අවධියේ දී පුද්ගලයා තුළ මමත්වය වර්ධනය වී නැහැ. නිසා පුද්ගලයා තුළ පවතින්නේ සමස්තයෙන් වෙන් නොවුණු, සමස්තයට අයිති, සමස්තයේම කොටසක් ලෙස දැනෙන  චින්තනයක්. මේ නිසා තමයි කුඩා දරුවන් තුළ  වැඩිහිටියන්ට වඩා පරාර්ථකාමී චර්යාවන් දකින්න  පුළුවන් වෙන්නේ. 

නමුත් වැඩිහිටියන් වන විට මමත්වය වර්ධනය වීම සමඟ තමා සමස්තයෙන් වෙන් වූ ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් දකින චින්තනයක් ඇති වෙනවා. එවිට ආත්මාර්ථකාමී වෙනවා. එතකොට ජීවත් වන්නෙ තමන් වෙනුවෙන්. ඔවුන් අගය කරන්නේ   මානුෂීය අගයන්ට වඩා තම මමත්වය පෝෂණය කිරීමට අවශ්‍ය  දේ කියන්නේ මුදල්, බලය, දේපල, සමාජ තත්ත්වය, නම්බුව සහ කීර්තිය වැනි දේවල්.   මෙම පුද්ගලකේන්ද්‍රගත චින්තනය හෙවත් මමත්වය  අතික්‍රමණය කරන්න ඕන ඊළග අවස්ථාවට ඇතුල් වී පූර්ණ මනුෂ්‍යයෙක් බවට පත්වෙන්නඑතකොට තමයි මානුෂීය අගයන් පුද්ගලයා තුළින් නිරුත්සාහයෙන් මතුවෙන්න  පටන් ගන්නෙ. තමා වෙනුවෙන් එතෙක් ජීවත් වූ ජීවිතය වෙනස් වී වෙනුවට පොදු යහපත වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා.

කළ යුත්තේ කුමක්ද ?

වෘත්තිකයින්ගේ වෘත්තීයමය ජීවිතයේ සාර්ථකත්වයත්  සතුට සහ නිරෝගි බවත් සඳහා මානුෂීය අගයන්ගෙන් සන්නද්ධ යුතු බවත් ඒ සඳහා කෙටිම මාර්ගය වන්නේ මමත්වය අතික්‍රමණය කොට මනුෂ්‍යයන් වශයෙන් පූර්ණත්වයට පත් වීම බවත් දැන් පැහැදිලියි. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සෑම ආගමක්ම විවිධ ක්‍රමවේද හඳුන්වා දීලා තියෙනවා. වගේම ආගමික නොවන, නවීන විද්‍යාව මත පදනම් වන ක්‍රමවේද රාශියකුත් තියෙනවා. ඒවා අතරින් තමාට වඩාත් ගැළපෙන, තම වෘත්තියෙහි යෙදී සිටින අතරම වෘත්තියට බාධා නොවන අයුරින්  ප්‍රගුණ කළ හැකි ක්‍රමවේදයක් තෝරගන්න පුළුවන්.    මෙවැනි   ක්‍රමවේද උසස් අධ්‍යාපනයට එකතු කිරීමෙන් පූර්ණත්වයට පත් වූ මානුෂීය අගයන්ගෙන් සන්නද්ධ වූ වෘත්තිකයින් බිහි කරන්න පුළුවන්.  

…නිමි…

By Dr. Rohana Ulluvisheva

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.