නවසීලන්තයේ ජාතික දිනය සහ එරට ඉතිහාසයේ වැදගත්ම සලකුණ ලෙස හැඳින්වෙන Waitangi දිනය 1840 වර්ෂයේ පෙබරවාරි 6 වැනි දින පිළිගැනීමටලක් කළ අතරම ආරම්භක ලේඛනයට ප්‍රථම අත්සන තැබීම හා මේ ඓතිහාසික දිනය සැමරීම සඳහා සියලුම ප්‍රජාවන් Waitangi හී රැස්වීම විශේෂයෙන්ම සිදුවන්නකි.
අතීතය, වර්තමානය සහ අනාගතය යාකොට ප්‍රකාශයට පත්වූ ගිවිසුමක් ලෙස මෙය හැඳින්විය හැකි අතර ගිවිසුම අත්සන් කළ ස්ථානය Waitangi ලෙස හැඳින් වුණි.Waitangi දිනයේ පළමු නිල උත්සවය ජාතික භාරකාර මණ්ඩලයක සහභාගිත්වයෙන් පැවතුන අතර රටපුරා සිටින මඔරිවරුන් දහදාහක් සහභාගි වීම ද විශේෂත්වයකි.
1973 වසරේ සිට සෑම වසරකම පෙබරවාරි 6 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමට නීති සම්පාදනය කරන ලදී. එතැන් සිට නවසීලන්ත වැසියන් දිගු සති අන්තයකට හිමිකම් කී අතර මේ දිනය තුළ ඇති අර්ථය එහි ගිවිසුම හා බැඳුන එකක් වීම ද ඒ පාර්ලිමේන්තුව තුළ නීතියට පත් කිරීම එරට මඔරි සම්බන්ධතා වැඩි දියුණු කිරීමට ඉවහල් විය.
1975 වසරේ සිට Waitangi විනිශ්චය සභාව පිහිටු වන විට එම ගිවිසුම නීතිගත කිරීමට පාර්ලිමේන්තුව මැදිහත්වීම ඔවුන් ලද සුවිශාල ජයග්‍රහණයකි.