ලැයිම කෙළවර
කටරොළු පඳුර ළඟ
ලැයිම් කාමරයෙ
නීලමනී,
සිහින සිතුවම් දකින
සිත්තරාවිය ඈ
බලා සිටියාය
කටරොළු පඳුර
විකසිතව මල් බරව දිලෙන තුරු
සිතුවමක් මවන්නට.
අනේ ඈ
ගියා දීගෙක
මල් බර වන්න පෙර
කටරොළු පඳුර.
සිතන්නී සිහිනෙන් දකින්නී
මලින් පිරී ගිය කටරොළු පඳුර
පතන්නී ඈ
සිය දියණියකවත්
නිම කරාවියැයි
සිතුවම
ඇය නිම නොකළ