fbpx
12 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සමාජ මාධ්‍යය සමාජය බවට පත්වීම අලුත් තත්වයක් – රසික ජයකොඩි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

~~ පිළිසඳරක් with Rasika Jayakodi ~~

කියවීම මිනිසා සම්පූර්ණ කරයි,කියලා කියමනක් තියනවා. ඉතින් අපි අද ඒ වගේ පුද්ගලයෙකු හා දොඩමළු වන්නෙමු. ඒ ජනමාධ්‍ය කරුවෙක්, දේශපාලන ක්‍රියකාරීවරයෙක්, පුවත් පත් කතුවරයෙක්, සන්නිවේදන උපදේශක වරයෙක්  වූ ශ්‍රී ලංකාවේ රසික ජයකොඩිය.

බොහොම ස්තූතියි ඔබගේ වටිනා කාලයෙන් බිඳක් අද දවසේ අප වෙනුවෙන් ලබාදීම පිළිබඳව. මුලින්ම මම කැමතියි ඔබගේ පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න.

පළමුවෙන්ම, මාත් ස්තූති කරනවා ඔබටත් ශ්‍රී ලංකන්ස් පත්තරේටත්. මම පාසල් ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට. පාසල් ජීවිතයෙන් පස්සෙඉරිදා සංග්‍රහය’ කියන පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස මම මාධ්‍ය කලාවට අවතීර්ණ වෙනවා. ඒ අතර ඩිජිටල් මාධ්‍ය හදාරන්න ගත්ත. ඊට පස්සේ නියෝජ්‍ය කර්තෘවරයෙක් විදිහට ලේක්හවුස් ආයතනයට  සම්බන්ධ වෙලා ඩේලි නිව්ස් පුවත්පතේ කර්තෘ වරයා වෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මාධ්‍ය හා සන්නිවේදන උපදේශකවරයා විදිහට කටයුතු කරගෙන යනවා. 2006 අවුරුද්දේ සිට අවුරුදු දහතුනක් මම මාධ්‍ය ක්ෂේත්‍රයේ ගත කරනවා. දේශපාලනයට සම්බන්ධව සමගි තරුණ ජන බලවේගයේ  ලේකම්වරයා හැටියට කටයුතු කරනවා. දැනටදවසක් දා හැන්දෑවටකියලා පොතක් පළකරලා තියනවා.

ඔබගේ ජීවිතයේ අත්දැකීම් බහුලයි. මේ තීරු ලිපි, සෝෂල් මීඩියාවලට ලිපි ලියන්න වෙන ආභාෂයක් අරන් ආව ගමනක් තියෙනවා. එතකොට අද තරුණයන් විශාල ප්‍රමාණයක් ලේඛන කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ නෑ, නැත්නම් ලේඛන කලාවට නැඹුරුවීමේ  අඩුවීමක් දකිනවාද? එහෙම නම් ඒ ඇයි? 

සමාජ මාධ්‍යයේ අපි ඒ වෙනුවෙන් යොමු කරනකාලය’( attention span) අඩුයි. සමාජ මාධ්‍ය නැති කාලේ පොතක් කියවන්න පුරුදු වුණ කෙනෙක් නම්දැන් සමාජ මාධ්‍ය තුළ ඉන්නකොට පොත කියවන්නට දීර්ඝ කාලයක් වැය කරන්න අමාරුයි. සමාජ මාධ්‍ය තුළ ඒ ඒ කාලපරිච්ඡේදවල (in the  timeline)උඩ පහල යන රටාවට පුරුදු වෙලා ඉන්නවා. නිසා කියවීම අඩු වෙලා. එතනින් එහාට අපි හිතන්න ඕනේ කියවීම කියන එක  අන්තර්ගතයක් (intersperse) ලෙස. කියවීම අඩු කරන තරුණ පරම්පරාව  ඉතිරි වෙන කාලය තුළ වෙන දෙයක් කරන්න ඕනේ. එතකොට මොකක්ද ඔවුන් ග්‍රහණය කර ගන්නා අවකාශය, නැත්නම් අන්තර්ගතය. එවැන්නක් සමාජ මාධ්‍ය ඇතුළේ නිර්මාණය වෙනවද? 

කියවීම අඩුවෙන එක ලෝකේ පුරාම කියන දෙයක්. අනාගතයේ දී මෙය ඊට වඩා වැඩි වෙනවා. තව අවුරුදු දහයක් පහළොවක් ගිහාම කියවන පුරුද්ද සෑහෙන දුරට අඩු වෙලා එක්කෝ වීඩියෝ එකකින් හරි වෙනත් මාධ්‍යයවලින්මේ කියන අන්තර්ගතයත් එක්ක ගනුදෙනු කරන්න මිනිස්සු පුරුදු වෙයි. එතකොට අපිට දැනගන්නට ඕනේ මොන වගේ අන්තර්ගතයක් සමාජ මාධ්‍යයට, ඩිජිටල් මාධ්‍යයට මුදාහරින්න ඕනේ කියලා. ඒ විදිහට ඒ අය දිගටම මාධ්‍ය ජාලය පාවිච්චිකිරීම ගැන යම් ඇගයීමක් කරන්න පුළුවන්.

ඒ වගේම ලේඛන කලාවේ දී, කවරෙකු තුළ හෝ විද්‍යමාන වූ චරිතාංගයන්,   නැත්නම් මාධ්‍යයයේ දී  එවැන්නෙකු  තුළ දක්නට වූ හැසිරීම් රටාවන් පිළිපැදිය යුතු පරමාදර්ශයන් විදිහටත් අනුගමනය කරනවාද ? 

නෑ. හේතුව, මට මෙයා වගේ වෙන්න ඕනෑ, මෙයා කරන විදිහට කරන්න ඕනේ වගේ මානසික තත්ත්වයට ආපු ගමන්, අලුත් දෙයක් ලෝකෙට දෙන්න බැරි වෙනවා. ඊට පස්සේ හැමතිස්සෙම ඔය ආදර්ශයට ගත්ත (role model) පුද්ගලයාට සාපේක්ෂව තමා මම වැඩ කරන්නේ. ඒ වෙනුවට ඉන් ලැබෙන බලපෑම සිත තුළ කළමනාකරණය ගන්න ඕනෑ.

අද පරමාදර්ශ ලෙස තබා ගන්නා පුද්ගලයෙකු තව අවුරුදු දහයකින් මොනවද කරන්න කියලා මම දන්නේ නෑ. අතීතයේ පරමාදර්ශය වූවාය කියන අය දැන් කරන දේ දැක්කහම ගොඩක් අයට අර්බුදය ඇති වෙලා තියෙනවා.

කෙනෙක් මාව පරමාදර්ශයක් කරගත්තා නම් තව අවුරුදු පහකින් දේශපාලනයට ගිහින් මොනවා කරයි ද කියලා මමවත් අයවත් දන්නෙත් නෑ. මම ඔවුන් අකමැති දෙයක් කළොත් පස්සේ ඔවුන්ගේ ඔළුව ඇතුලේ අර්බුදයකට යනවා. නිසා වඩා හොඳයි, කිසි දෙයක් පරමාදර්ශය කරනොගෙන තමන් මුහුණ දෙන දේවල්වලින් උත්තේජනයක් ලබා ගන්න එක. අවශ්‍ය නම් තමන්ව පරමාදර්ශයක් කරගන්නඑතකොට තමන් තමන්ටම අවංකව දේ කරගන්න පුළුවන්

ඔබගේ පරමාදර්ශය ඔබම නම්, ලියන රටාව, ලිපි ලේඛන වගේ දේවල් මොනවගේ ආරයකට යන්නේ?

ලේඛනය කියන දේ ගත්තාම සියයට අසූවක් තමන් හිතෙන විදිය. සියයට විස්සක් වචන. මම අලුතින් වචන නිර්මාණය කරන්නේ නෑනේ. මම ලියන හැම වචනයක්ම මෙච්චර කල් පොත පතේ භාවිතා වුණ ඒවා. මම  වචන අරගෙන වෙනස් ආකාරයකට සකස් කරනවා. ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් ලියනකොට කරන්නේ, මේ ලෝකෙ තියෙන වචන, තමන් දන්න වචන, තමන් ඉගෙන ගත් වචන එක එක අනුපිළිවෙලට සකස් කරන එක.

ලේඛනයේ දී මොකක් හරි සංකල්පයක් සරලව තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ලියන මනුස්සයට සංකල්පය තේරෙනවා. කියන්නේ මම යම්කිසි සංකල්පයක් හරියටම තේරෙනවා විතරයි මට ඒක සරලව කියලා දෙන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි කරන්න වෙනත් පාරිභාෂික වචන අවශ්‍ය නම් ඔබට එක තේරුම් කරන්න සෑහෙන  පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒ කියන්නේ මටත් සංකල්පය තේරෙන්නෙ නෑ.

යම්කිසි කෙනෙකුට අවශ්‍ය නම් මම කරන දේ ඉගෙන ගන්න නිරවුල්ව හිතන එක තුළ තමා සියයට අසූවක්ම ලේඛණය ද සන්නිවේදනය කියන දේ තියෙන්නේ.   වගේම කථනයේ දී නිරවුල්ව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. නිරවුල්ව හිතන එක සියයට විස්සක්. නිසා නිරවුල්ව හිතන වැඩේට මූලික අවධානයක් දෙන එක තමා සන්නිවේදනයේ කරන වැදගත්ම දේ.

ඔබගේතීරු ලිපි සංග්‍රහය’ කියන පොත ගැන වැඩිදුරටත් සඳහන් කළොත්?

තීරු ලිපි නිශ්චිත මාතෘකා යටතේ ලියලා තියන ඒවා නෙවෙයි. 2006 වර්ෂයේ දී තමා මේ තීරු ලිපි සංග්‍රහය මුලින්ම ලියන්න පටන් ගත්තේ. 2011 වසර වනතුරු මම මේ තීරු ලිපි අඛණ්ඩව ලිව්වා. අවුරුදු  ගාණක් ලියපු ඒවගෙන් තෝරාගත් ලිපි කිහිපයක් විවිධාකාර විෂයන් රාශියක් නියෝජනය වන විදිහට තමා මේ පොත එළිදැක් වුණේ. සරල භාෂාව. ගැඹුරු දර්ශන නැහැ. ඒකෙ තියෙන්නේ එදිනෙදා අපි දකින දේවල් කොහොමද අපි ටිකක් වෙනස් විදියට ග්‍රහණය කරගන්න කියලා. හැමදාම මිනිස්සුන්ට තියන අවුලක් තමයි එකාකාරී බව. පවුල් ජීවිතේ, රස්සාව, ඒකාකාරී වෙනකොට තමා මිනිස්සු වෙනස් දෙයක් හොයාගෙන යන්න පටන් ගන්නේ. ඒකාකාරී බව කියන එක,ගැටලුවක් ලෙස හඳුනා නොගන්න ගැටලුවක්’. ඒකාකාරී බව නැති කරගන්න අපි මේ දකින ජීවිතේ, වෙන ඇහැකින් දකින්නේ කොහොමද කියන එක තමා මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ.

ඔබ හිතනවද අලුත්  පරම්පරාව තුළින් හොඳ කර්තෘවරු බිහි වෙයි කියලා. ඒකට යම්කිසි හේතු දකිනවා නම් මොනවාද? හොඳ කතුවරු බිහිවෙන්න නම් අපේ රටේ සිදුවිය යුතු දේ මොනවාද?

හැම පරම්පරාවක්ම හිතනවා තමන්ගෙන් පස්සේ ලෝකේ විනාශ වෙනවා කියලා. නමුත් එහෙම කවදාවත් ලෝකෙ විනාශ වෙන්නේ නැහැ. හැටේ දශකයේ කාගෙන් හරි ඔය ප්‍රශ්නය ඇහුවොත් කියයි ඉස්සර නම් තිබ්බා සාහිත්‍ය කලාව දැන් මොනවද මේ කියන්නේ කියලා. 70 – 80 දශකයේ කාගෙන් හරි ඇහුවොත් ඔය උත්තරේම තමා හම්බවෙන්න.  90 සිට 2020 යන කාල පරාසයක කාගෙන් හරි ඇහුවොත් ඔය කතන්දරය තමා. හැමදාම අපි හිතනවා අතීතයේ තිබ්බ ඒවා නම් මරු, දැන් තියෙන ඒවා නම් අවුල්. එහෙම වෙන්නේ අපිට මේ වෙනස්වීම  කියන සාධකය හරියට විග්‍රහ කරගන්න බැරි වෙනකොට

එතකොට මේ වෙද්දි සාහිත්‍ය කලාව,  සමාජ මාධ්‍ය කියන අවකාශය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිනවා. එක ඇතුලේ අලුත් ගතිකයන් ( සාධක) එකතු වෙනවා. ගතිකයන් අපිට දිරවගන්න අමාරුයි. උදාහරණයක් වශයෙන් දැන් තරුණ අය කියවන්නෙ නැති එක මේ වෙලාවේ සාහිත්‍යයේ ඉන්න අයට දිරවගන්න අමාරුයි. නිසා තමයි අර්බුදයක් කියලා අපිට තේරෙන්නේ

දැනට ලංකාවේ සමාජ සංස්කෘතිය අවුලක් වෙලා.  සමාජ සංස්කෘතික ජීවිතය පටු වෙලා තියෙනවා. නිදර්ශනයක් විදිහට හැත්තෑව දශකයේ ලංකාවේ මිනිස්සු චිත්‍රපට, නාට්‍යයක් බලලා නොමැති එක, පොතක් කියවලා නොමැති එක තිබ්බා. චිත්‍රපට ඉවර වෙලා රෑ යන්න බස් තිබ්බෙ නෑ. එතකොට අවන්හල්වල මිනිස්සු එක්රොක් වෙලා සාහිත්‍යය, සිනමාව වගේ දේවල් ගැන කතා කරා. වගේ පොඩි පොඩි කල්ලි ගොල්ලන්ගේ සමාජ සංස්කෘතික ජීවිතය රස විඳින්න කාලවේලාව හොයාගත්තා. ලංකාවේ එහෙම  උප සංස්කෘතියක් තිබ්බා

1970 යුද්දෙ කාලෙත් ගොඩක් දේවල් තිබ්බා. නමුත් යුද්ධයෙන් එළියට එනකොට අපිට අලුත් අභියෝගවලට මුහුණ දෙන්න, අලුත් සමාජයක් නිර්මාණය වෙලා තිබ්බා. මේ ඩිජිටල් අවකාශය සහ සමාජ මාධ්‍ය ජාලය දැන්  සමාජය කියලා අපි හඳුන්වනවා. නිදර්ශනයක් විදියට ළඟ ඉන්න මනුස්සයත් එක්ක කතා කරනවා. කතාව ඇසුරෙන් තමා මිනිස්සු, සමාජය කියන එක අඳුරගත්තේ. මිනිස්සු මොනවද කරන්නේ කියන්නේ, සංකල්ප, මොනවාද වටිනාකම්, ඔය වගේ දේවල්වල අවබෝධයක් ලැබෙන්නේ සමාජයෙන්.

ඒත් අද, බස් එකේ යනකොට ඔයා  ළඟ ඉන්න කෙනා එක්ක කතා කරන්නේ නැහැනමුත් ෆේස්බුක් එකේ උඩ පහළ යනවා. බස් එකේ පහළොස් දෙනෙක් ඉන්නවා නම් ඔක්කෝම තමන්ගේ ෆෝන් එකේ තමා ඉන්නේ. සමහර වෙලාවට මම ළඟ ඉන්නේ ඔයා වුණත්, කතා නොකර ඔයා ෆේස්බුක් එකේ දැම්ම දෙයක් වෙලාවේ මම බලමින් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට මේ සමාජ මාධ්‍ය තමා දැන් සමාජය බවට පෙරලිලා තියෙන්නේ

දැන් ගොඩක් අය ප්‍රවෘත්ති බලන්නේ, පත්තර කියවන්නේ නැහැ. නමුත් ප්‍රවෘත්තිවල යන වැදගත්ම දෙයක්, සිද්ධියක ක්ලිප් එකක්  සමාජ මාධ්‍ය තුළ යනවා නම් ඒක බලනවා. ඒකෙන් දැනුවත් වෙනවා. එතකොට ඒකත් ප්‍රවෘත්තියක්

මාධ්‍ය පරිහරණය කිරීම තමා එතකොට සමාජ මාධ්‍ය තුළිනුත් වෙන්නේ. මෙතන දී සමාජය කියන එකත්  මාධ්‍ය කියන එකත් එක තැනකට ඇවිල්ලා සමාජ මාධ්‍ය එක්ක අපි එකිනෙක ගනුදෙනු කරනවා. එතකොට මෙය අලුත් සමාජ තත්ත්වය එක්ක බිහිවෙච්චි ගතිකයක් (සාධකයක්) තියෙනවා.

එතකොට සාහිත්‍ය කීවත් කලාව කීවත් අපි ඒක තේරුම් ගන්න ඕනැ කොහොමද මේ අලුත් මාධ්‍යත් එක්ක. මං මේ ලියන රටාව විදියට හසුරුවා ගන්නේ කියන එක. පාවිච්චි කරන භාෂාව මොකක්ද මම ඒකට දාන අන්තර්ගතය මොකක් ද මම ඒකට සමාජ මාධ්‍ය ජාලයට ගැළපෙන්නේ නැති අන්තර්ගතයක් පාවිච්චි කරන්නේ නම්, උදාහරණයක් ලෙස දර්ශනවාදය දැම්මොත් මිනිස්සුන්ට ඒකත් එක්ක ගනුදෙනු කරන්න වෙලාවක් නැහැ. බුද්ධිමය අභ්‍යාසය කරන්නේ නැහැ. නමුත් ගොල්ලො කරන්න සූදානම් බුද්ධිමය අභ්‍යාසයක් මෙතන දී තියෙනවා. බුද්ධිමය අභ්‍යාසයක් එක්ක ඒක තේරුම් අරන් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. එහෙම නැත්නම් මම ලියන කියන කිහිපදෙනා එක්ක ගනුදෙනු කරන්න ඕනේ. 

ඔබ කියන විදිහට තමන් ලියන කරුණු, අලුත් විදිහට ඒවා ප්‍රකාශ කරන මාධ්‍යයක පළකර ගන්න  පුළුවන් නම් එකේ මොකක් හරි බලපෑමක් තියෙනවද?

අනිවාර්යෙන්ම තියනවා. එතන දි එක එක මාධ්‍ය පරිහරණය කරන අය වෙන වෙනම හඳුනා ගෙනත් එය කරන්න  පුළුවන්. ගොඩක් තරුණ අය Facebook, Twitterවල නැහැ. නමුත් instagram එකෙන් හැමතිස්සෙම ගනුදෙනුව කරනවා. එතකොට ඒඅය, ගොඩක් ලියන දේවල් කියවන්නෙ නැහැ. ෆොටෝ එකකින් දෙන්න පුළුවන් පණිවිඩය instagram එක හරහා දෙනවා. Twitter එකේ මං හිතන්නේ අකුරු (characters)  140 ඇතුලේ ඉතාම කෙටියෙන් පණිවිඩයක් දෙන්න ඕන. Twitter පරිහරණ-තීරුව ලංකාවේ බොහොම කුඩායි. නමුත් සමාජ තීරුව තුළ ඉන්නවා නම් කිසියම් තීරණ ගැනීමේ බලයක් තියෙන පිරිසක්, එකට අනන්‍ය වෙච්ච යම්කිසි සමාජ බලවේගයක් හැදිලා තියෙනවා. ෆේස්බුක් එක විවිධාකාරයි. පුළුල් අවකාශයක්. අපි දෙන්න එකම වෙලාවට Timeline බැලුවොත් ඒක එකිනෙකාගේ රුචි අරුචිකම්, අන්තර්ජාල හැසිරීම් එක්ක එකින් එකට වෙනස් වෙනවා.

ලංකාවේ මිනිසුන්ගේ තියෙන මතයක් තමා සමාජ මාධ්‍ය තුළින් ලොකු දේවල් කරන්න බැහැ කියන එක. නමුත් මම ඒකට විරුද්ධයි. සමාජ මාධ්‍ය තුළින් ගොඩක් දේවල් කරන්න පුලුවන්. මම දේශපාලනය කරන කෙනෙක් නම් මම ලියනවා නම් යම් කිසියම් දෙයක් මම ලියන දේ සහ මගේ Timeline එක තියෙන්නේ මගේ යාලුවෝ සහ මා වටා සමාජය තුළ මගේ Timeline එක ප්‍රතිනිර්මාණය වෙලා තියෙන්නේ.  ඉතින් ඔයා මට වඩා වෙනස් සමාජ තීරුවකින් එනවා නම් ඔයා හා මගේ  Facebook  හැසිරීම් රටාව තුළ විශාල පරතරයක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට පුළුවන් මටගේ ලෝකෙට සහ ඔයාගේ ලෝකයට එකවර ඇතුල්වෙන අන්තර්ගතයක් නිර්මාණය කරන සමාජ මාධ්‍ය තුළ විශාල පෙරළියක් කරන්න පුළුවන්. අවශ්‍යවන්නේ සමාජ මාධ්‍ය  ජාලය හරියට කියවා ගෙන කොහොමද වෙනස් අවකාශ තුළ අපි භාවිතා කරන්නේ කියන එක ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම පමණකි. තමන්ට සමාජ මාධ්‍ය  ගිණුමක් තියනවා නම්, එයාට පුළුවන් එයාගෙ කරුණු දාලා සමාජ මාධ්‍ය  ඇතුළෙ පළ කරන්න. හැමෝම ප්‍රකාශකයෝ.

 

ඔබ කොහොමද දේශපාලනයට එන්නෙ? සමගි බලවේගය සමග අත්වැල් බැඳගන්නේ?

මම මාධ්‍ය  ක්ෂේත්‍රයේ වැඩ කරන කාලේ ඉඳන් මට දේශපාලනයත් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තිබ්බා. මම හා සම්බන්ධව ලිව්ව, කතා කළා ඒ  නිසා දේශපාලන  ක්ෂේත්‍රයට අලුත් දෙයක් වුණේ නැහැ. නමුත් මාධ්‍යවේදියෙක් විදිහට කරන දේශපාලන කටයුතු සහ දේශපාලනය ඇතුලේ ඉඳගෙන කරන දේශපාලනය මේ කටයුතු කියන්නේ පැහැදිලිවම දෙකක්. 

මේ මොහොතේ අපේ රටේ තියෙන ප්‍රධානම ගැටලුව තමා දේශපාලනයට එන ගොඩක් අයට තමන්ගේ පුද්ගලික සීමාවෙන් ඔබ්බට ගිය දැක්මක් නැහැ. ඉතින් මේ දේශපාලනය තුළ  දෘෂ්ටිවාදයේ ප්‍රශ්නය තමා දැනට තියෙන්නෙ. දේශපාලනයට අනන්‍යතාවයක් නෑ. ඉතින් ලංකාවේ දේශපාලනය බොහෝ පටු අරමුණක් ඔස්සේ තමයි යන්නෙ. ඉතින් මේක වෙනස් කරන්න පුළුවන් පෙළඹවීමක් ඇති කරන්න ඕන. විශේෂයෙන්ම තරුණ පරම්පරාව දේශපාලනයටඅවතීර්ණ වන විදිය වෙනස් කරන්න වෙනවා. ඉතින් ඕක නිසා තමයි මම මේ දේශපාලනය කරන්නේ. එහෙම නැතිනම් කොයි ආණ්ඩුව ආවත් මේ දේශපාලනයේ ලොකු වෙනසක් දකින්න වෙන්නේ නැහැ. මේ දෘෂ්ටිවාදය වෙනස් කළේ නැත්තම්.

ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී යම් කිසි කෙනෙක් පිටරටක ප්‍රතිපත්තියක් ගෙනල්ලා ලංකාවට ඕනැ විදිහට වෙනස් කරලා ක්‍රියාත්මක කරන්න හදද්දි, කවුරුහරි කෙනෙක් ඒක ලංකාවට ගැළපෙන්නෙ නෑ, ඒක සංස්කෘතික නෑ, කියලා කීවොත් එය ලංකාවට සුදුසු විදිහට සම්පාදනය කරගන්නේ කොහොමද?

ජනතාව හා ප්‍රතිපත්ති සම්පාදකයන් අතර සන්නිවේදනය කියන දේ සිදුවිය යුතුමයි. ලංකාවේ මෑත ඉතිහාසයේ ජනතාව හා ප්‍රතිපත්ති සම්පාදකයන් අතර පැහැදිලි සංවාදයක් ගොඩනැගිලා නැහැ. මිනිස්සු දන්නේ නැහැ මේ කරන දේවල්වල අරමුණ මොකක්ද කියලා. ඔවුන් දකින්නේ අහසින් පාත් වෙනවා වගේ එදිනෙදා සිද්ධ වෙන දේවල් විතරයි. ව්‍යවස්ථා සම්පාදනයේ වුණත්  එහෙමයි.

දැන් ව්‍යවස්ථා සංශෝධනය අධිකරකරණයේ දී අභියෝගයට ලක් කරන්න කරන්න පුළුවන් කාල සීමාවන් අඩු කරල තියෙනවා. එතකොට සිවිල් සමාජ මැදිහත්වීම සීමා වෙනවාඑතකොට සිවිල් සමාජය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර ඕනෑම ප්‍රශ්නයක් නිරාකරණය කරන්න ගිහාම ගැටුමක් ඇතිවෙනවා. එතකොට අපි ගැටලුව හා ගැටෙනවා. මෙතන තියෙන පිළිතුර තමයි පුළුවන් තරම් අපි මේ විනිවිදභාවය පවත්වාගෙන යාම.
කොහොමද ප්‍රතිපත්ති සම්පාදකයින් තමන්ගේ අරමුණ සම්බන්ධයෙන් විවෘත වෙන්නේඒක කරන්න බෑ  ප්‍රතිපත්ති සම්පාදනයට යටි අරමුණු තියෙනවා නම්. ඒකට හරියන මිනිස්සු ඉන්න ඕනි. ප්‍රශ්නෙට උත්තරේ : එක විනිවිදභාවය. දෙක සන්නිවේදනය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සමාජ හා සංස්කෘතික පරිසර තත්ත්වයන් මොනවගේ තැනකද තියෙන්නේ? තරුණ පරම්පරාව දේශපාලනයට පිවිසෙනවා නම් ඕන මොනවගේ ක්‍රියාමාර්ග දේශපාලනය පිවිසීම සඳහා ගත යුත්තේ?

මේ කාලේ රාජ්‍ය  දේශපාලනය, සිවිල් සමාජය බරපතළ ලෙස ජරාජීර්ණ වීමකට ලක් වෙලා තියෙනවා. 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලංකාවේ සිදු කරපු සමහර වෙනස්කම්වල ප්‍රතිඵලයක් විදිහට. ලංකාවේ දේශපාලනඥයින් ජනතාවගේ බලය බරපතළ විදිහට අවභාවිතා කර ගෙන තියෙනවා. මහජන බලය, මුදල් හිතුමතේ කොල්ල කනවා. ඒ නිසා සමාජ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. රජයේ ඉහළ ස්ථරය මේ විදිහට දූෂණය වෙනකොට පහළ ස්ථරය කොහොමත් ඉතිරි වෙන්නේ නැහැ. මේක වෙනස් කිරීම බරපතළ සමාජ අභියෝගයක්.
හැබැයි රටක් ලෙස ඉදිරියට යන්න මිනිස්සු එකතුවෙලා කොහොමහරි මේක වෙනස් කරන්න වෙනවා. මේ මඩ ගොහොරුවට වැටෙනවා නම් මිනිස්සු ඒක තේරුම් ගන්න ඕනිසාමාන්‍ය මිනිසුන්ගේ පොදු ලක්ෂණය තමයි ගොල්ල මේක එක්ක හැප්පෙන්න කැමති නෑ. එහෙම නැත්නම් මේ රට අතහැරල දාල යනවා. ගොඩක් අය හිතන්නේ මේ දෙක තමා අපිට කරන්න පුළුවන් කියලා. නමුත් විදියට හිතුවත් කවදාවත් මේක නිවැරදි වෙන්නේ නැහැතවමත් මේක ගොඩගත හැකි මට්ටමක තමා තියෙන්නේ. ගොඩ එන්න බැරි අගාධයකට ගියාට පස්සේ අපිට කතා කරන්න දෙයක් ඉතිරි  වෙන්නේ නැහැ. නිසා තමයි මේ වෙලාවේ දේශපාලනයට එන අයට මේ අර්බුදයේ පරිමාණය තේරුම් ගන්න ඕනේ. වගේම අයට තමන්ගේන් එහාට ගිය අරමුණක් තියෙන්නම ඕනේ. මේ මඩ වලේ වැටිච්ච පණුවො වගේ, වලේම වැටෙමින්  මඩවල පෝෂණය කරමින් ඉන්න එක තමා කරන්නේ. කවදාවත් ප්‍රශ්නෙ කොටසක් වෙනවා මිසක් විසඳුමේ කොටසක් වෙන්නේ නැහැ. විසඳුමේ කොටසක් වෙන්න නම් ඔවුන්ට පුළුල්  අනන්‍යතාවයක්, අවබෝධයක් තියෙන්න ඕනේ.

ලාංකික පාරිසරික බලපෑම්වලට ඔබගේ දේශපාලනය හා කලාවේ මැදිහත්වීම කුමක්ද?

සමාජ ප්‍රතිරෝධය ගොඩනැංවීම කරන එක. උදාහරණයක් ලෙස ‘Express Pearl’  නෞකාවේ සිද්ධිය ගන්න. අද  කීයෙන් කී දෙනෙක් මේ ගැන කතා කරන්නේ. නමුත් පාරේ හම්බෙන කී දෙනෙකුට ඒක ඇත්තටම ප්‍රශ්නයක් ? ඇත්තටම ඒගොල්ලො පාරිසරික විපර්යාස ප්‍රශ්නයක් විදිහට දකිනවා ? මේ ගොඩක් දේවල් මිනිස්සු ප්‍රශ්න විදිහට දකින්නෙ නෑ. ලංකාවේ ක්‍රියාවිරහිත පුරවැසියන් ඉන්නේ ක්‍රියාකාරි පුරවැසියන් නෙවේ.

ඒක නිසා තමා දේශපාලනිකයාට මේක ඇතුලේ පිනුම් ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැම තැනම කොතන හරි දේශපාලන හස්තයක් තියෙනවා. එතකොට කවුද  දේශපාලනඥයො පත් කරලා තියෙන්නෙමිනිසුන්ම  නේද? මිනිස්සුන්ට මේක බරපතළ ප්‍රශ්නයක් ලෙස තියෙනවා නම් පත් කරලා යවන්නේ නෑනේ තමන් වෙනුවෙන් තීරණ ගන්නඑතකොට ඔතන අවුල දේශපාලනඥයන්ට විනාශ කිරීම සඳහා වන යතුර දෙන මිනිසුන් ගේමිනිස්සුන්ගේ අර්බුදය විසඳන්න පුළුවන් එකම විදිය තමා මිනිස්සු තුළ මේවට විරුද්ධව ප්‍රතිරෝධ ගොඩනංවන එක. දැන් තියෙන්නේ ප්‍රතික්‍රියා නමුත් ප්‍රතිචාරයක් නැහැ.

ඔබ මිනිසුන්ගේ දැක්ම නිවැරදි අතකට යොමු කිරීමට කලාව යොදා ගන්නවා කීවා. අවසාන වශයෙන් මම දැනගන්නට කැමැතියි මීට වඩා බැරෑරුම් ලෙස දේශපාලනයට පිවිසීමට අදහසක් තියෙනවද කියලා?

මං කරමින් ඉන්න වැඩේ මම කරනවා. මීට වඩා පුළුල් මැදිහත්වීමක් කරන්න අවස්ථාව ලැබුණොත් ඒකත් කරනවා. නමුත් මට පාර්ලිමේන්තුවට යන්න වුණෝත් මට තනියම පාර්ලිමේන්තුවට යන්න බෑ. එතකොට මිනිස්සුන්ට මම මේ කියන දේවල් තේරෙන්න ඕන. මම වැඩේ කරන්නේ එක්තරා බුද්ධිමය තලයක ඉඳගෙන. වගේ ප්‍රවේශයකට ලංකාවේ මිනිස්සු සූදානම් විය යුතුයි. නමුත් ලංකාවෙ මිනිස්සු මම කියන දේට ඇහුම්කන් දෙන්න සූදානම් නැතිනම් මට මීට වඩා දෙයක් කරන්න බැරි වෙයි. නැතත් ලියන එක මට දිගටම කරන්න පුළුවන්. කතා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක මම විතරක් කරන දෙයක්.  

නමුත් ඔබ කියන පාර්ලිමේන්තු නියෝජනය කරන්න නම් ජනාධිපතිවරණය කරන්න නම් ඒක මගේ අතේ තියෙන දෙයක් නෙවෙයි . අවසානයේ මං මගේ සාර්ථකත්වය මනින්නේ මට වෙන්නේ මොකක්ද කියන එක මත නෙවෙයි මේ මොහොතේ මගේ උපරිමයෙන් කරන්න පුළුවන් දේ මතයි.

ලංකාවේ අධ්‍යාපනය නිම කරලා පිටරට ගිහින් ඉන්න පිරිසක් ඉන්නවා. අය අපේ ලංකාවට මොකක්ද මේ වෙන්නේ කියලා බලාගෙන ඉන්නනේඔවුන් මේ දේශපාලන හැලහැප්පීම් ගැන කලකිරිලා ඉන්නේලංකාවේ දේශපාලනයට මැදිහත් වීමට බලාපොරොත්තුවෙන් විදේශ රටවල ඉන්න අයට ඔබ දෙන උපදෙස කුමක්ද?


ලංකාවේ දේශපාලන පක්ෂ පිටරටවල විවිධාකාර ශාඛා පවත්වාගෙන යනවා. ඒවායින් කරන්නේ බොහෝ සම්ප්‍රදායික දේවල්. විශ්වාසයක් නැති නිසානේ කලකිරීමක් ඇති වෙලා තියෙන්නේගොඩක්දෙනාට තියන මානසික බාධාව තමා දේශපාලන ගැන විශ්වාසය නැති වෙලා තියෙන එකඋදාහරණ ලෙස මේක බලන කෙනෙක් මෙයා මොනව කිව්වත් මෙයත් බලයට ආවට පස්සේ මේ කියන ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි නේද කියලා සැකය හා අවිශ්වාසය මත පදනම් වෙලා ජීවත් වෙන තාක්කල් මනුස්සයාට කවදාවත් ජීවිතේ ඵලදායි දෙයක් කරන්න බැහැ.
විශ්වාස කරන්න දිගෙන් දිගටම ප්‍රශ්න කරන්නලංකාවෙ මිනිස්සු විශ්වාස කරන්නේ අන්ධ භක්තියෙන්එහෙම නැත්නම් කිසිම දෙයක් විශ්වාස නොකර සමාජ මාධ්‍යවලට පාටිවල බැණ බැණ හිටිය කියල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ.
නොනවත්වා ප්‍රශ්න. එතනින් එහාට තමන්ගේ ප්‍රශ්නවලට උත්තර හම්බ වෙන්නේ නෑ කියලා තේරෙනවනම්, එතනින් එහාට ආපහු හැරෙන්න බයවෙන්න එපා. මේ මානසික බාධකය නිරාවරණය කරගත හොත්  තමන්ගේ ඇතුළතින් මම හිතනවා දේශපාලනයට සම්බන්ධ වෙන එක ලොකු ගැටලුවක් නෙවෙයි.
සමාජ මාධ්‍යතාක්ෂණය එක්ක දේශපාලනයට සම්බන්ධ වීම සුළු දෙයක්ගැටලුව මානසික බාධකය නිරාකරණය කරගන්න,  අනුගමණය කරන්න ඕනැ පළවන රීතිය, ‘ ඔබ විශ්වාස කරනවා නම්  මේකෙනා මේ රටට යහපතක් කරයි කියලා මුලින් විශ්වාස කරන්නනොනවත්වා ප්‍රශ්න කරන්නඑතකොට ඔය  කියන කාරණය ඉබේම විසඳෙයි’.

ඔබගේ වටිනා කාලය කැප කර අප හා සම්බන්ධ වීම් පිළිබඳව ශ්‍රී ලන්කන්ස් පුවත්පත වෙනුවෙන් ස්තුතිවන්ත වන අතරම ඔබගේ අදහස් සාර්ථක වේවා කියලා අපි ප්‍රර්ථනා කරමු.

පිළිසඳර: ඕෂද යොහාන්
සැකසුම: ගවිත්‍රි යටිගම්මන

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.