fbpx
17.1 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අපි නොදන්න කතාවක් – 01 – තෑගි පාර්සලෙන් උපන් ‘Transco NZ’

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

හේ,

2013 නවසීලන්ත ශ්‍රී ලංකා පදනම සංගම‌ෙයේ  සභාපති වරයාය.

ටෙලිකොම් ඉංජිනේරු වරයෙකි.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ නවසීලන්ත ශාඛාවේ සභාපති වරයාය.

ඩොලර් තිස් එකේ චොකලට් පැකට්ටුව ඩොලර් හැටට ලංකාවට යැවූ යුගයේ එය විසඳන්නට Transco NZ පටන්ගත් රේණුක අන්තෝනි ය.

***

ඕක්ලන්ඩ්වල ආරම්භ වූ  ‘New Zealand Sri Lanka  Foundation’  (නවසීලන්ත ශ්‍රී ලංකා පදනම)  ප්‍රජා සංවිධානය එකළ සියලුම ලාංකිකයින් අතර ජනප්‍රිය වෙමින් තිබුණි. 2013 වසරේ එහි සභාපති තනතුරට පත්වූයේ තරුණ ටෙලිකොම් ඉංජිනේරු වරයෙකි.  නිතරම ඔහුගේ මුවගෙහි රැඳුණු සිනහවත් කතා විලාශයත් ප්‍රජාවගේ සිත් ඇද ගැනීමට සමත් විය. ඒ රේණුක අන්තෝනි ය.

සමාජසේවා කටයුතුවලට ඇබ්බැහි වූ ඔහුගේ සිතට කාලයක් තිස්සේ වදදුන් තවත් සමාජයීය ප්‍රශ්නයක් මේ කාලයේ වඩාත් තදින් ඉස්මතුව ආවේය.

‘ලාංකාවේ ඉන්නකොට අපි ලංකාවේ අම්මලා තාත්තලාට පවුලේ සහොදර සහොදරියන්ට සලකනවා. අවුරුද්දට, උපන්දිනේට, මඟුලට නැත්නම් වැදගත් උත්සව වලට තෑගි බෝග අරගෙන යනවා. ඒත් ලංකාවෙන් සැතපුම් දාස් ගානක් ඈත ඉන්න අපිට අද ඒ චාරිත්‍ර වාරිත්‍ර මග හැරිලා. ඒක අපේ කට්ටියට ලොකු ප්‍රශ්නයක්.’ ඔහු කල්පනා කළේ ය.

‘සමහරු ඒ නිසාම අමාරුවෙන් නිවාඩුත් අරන් නවසීලන්තයේ ඉඳලා ලංකාවට යන්නේ තමන්නෙ උපන් ගමේ රටේ තිබුණු සංස්කෘතික බැඳීම් හද පතුලේ කැකෑරෙන නිසා. දෙමව්පියන්ට වැඩිහිටියන්ට වැඳ වැටිලා මොනව මොනවා හෝ තෑගි භෝගයකුත් දෙන්න. මේකට පහසු ක්‍රමයක් නැද්ද?’ ඔහු පිළිතුරු සෙව්වේය.

‘ඕස්ට්‍රේලියාවේ මම ඉගෙන ගන්න කාලයේ ලංකාවට පාර්සල් ඇරියා. ඇයි නවසීලන්තයේ නැත්තෙ?’ ඔහු තමාගෙන්ම ප්‍රශ්න කර සිටියේය.

‘ලෝකය පුරාම පාර්සල් බෙදාහරින සමාගම් කොච්චරක් තියනවද? ‘ඒත් ඒවයෙ ගාන! මෙහෙන් යවන භාණ්ඩවල මිල වගේ හත් අට ගුණයක්. ලංකාවෙන් ගන්න එක ඊට හොඳයි.  අපිට හදාගන්න බැරිද ඊට වඩා ලාභ  ලේසි ක්‍රමයක්?’  ඔහු දිගින් දිගටම කල්පනා කළේය.

‘නැව් මගින් භාණ්ඩ ප්‍රවාහනය තමයි ලාභ. නමුත් කන්ටෙනර් එකක් වත් යවන්න ඕන. නැත්නම් අඩුවට බඩු යවන්න බැහැ.’  තීරණාත්මක හෝරාවට ඔහු පැමිණියේය. ඊට පසු දිනම ඔහු ලෝකය පුරාවටම  දුරකතනයෙන් කතා කළේය.

ජ්‍යාත්‍යන්තර ව්‍යාපාරික ආයතනයක් වන Transco Cargo Services. (Sri Lanka Custom Bonded Warehouse) වල නවසීලන්ත නියෝජිතයා වෙන්නට ඔහුට හැකිවන්නේ එම මහන්සියේ ප්‍රතිඵල ලෙසය. රේගු නිලධාරීන් ඒ සමාගමේ ගුදම්වලට ඇවිල්ලා අවසර දුන්නම බෙදා හැරීම ඔවුන්ම කරන නිසා සේවය ඉක්මන් හා විශ්වාසවන්තයි .

‘සහෝදරයා, මේ පාර නත්තලටයි අලුත් අවුරුද්දටයි මම තෑගි යවනවා අපේ ගෙවල්වලට, පෙට්ටියක්ම ඩොලර් 50 යි,’ රේණුක තම මිතුරන්ට කීවේය.

‘ඩොලර් පනහක්? හිතන්නත් බෑ. හරි පුදුමයි. අපිටත් යවන්න ඕන,’ සමහරු කීවෝය.

‘එහෙම නං මං මේ ගමන අප්පච්චිලාට හෙම නවසීලන්තෙ තෑගි පෙට්ටි දෙකක්ම යවනව. ඕන්,’  තවත් කෙනෙකුගේ පිළිතුර වීය.

‘ඔයාට කියන්න, මම ගියපාර යැව්වෙ පොඩි චොක්ලට් පාර්සලයක්.  ඒකටත් ඩොලර් හැටක් ගියා නෙව. චොකලට් ටික තිස් එකයි,’  තවත් කාන්තාවක් තම අත්දැකීමි කියා සිටියාය.

ප්‍රථම වතාවට, 2009 නොවැම්බර් 03 වන දා, කන්ටේනරයක් වෙන් කර ගත් මෙම තරුණයාට මිතුරන් ගම්රටවල්වලට යවන්න සූදානම් කර තිබූ තෑගි භෝග පෙට්ටි හා පාර්සල්වලින් එම කන්ටේනරය පුරවා ගත හැකි විය.

නවසීලන්තයේ ලාංකික මිතුරන්ට  පහසු ලාභ ‘Transco NZ’ ආයතනය බිහිවූයේ එලෙසින්ය. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ මවුන්ට් වෙලින්ටන්වල පිහිටි ජනප්‍රිය Dil Takeaway ලාංකික ආහාර ඇසුරුම් සහිත රෙස්ටුරන්ට් ආයතනය ඔහුගේ තවත් ලාංකිකයින් වෙනුවෙන් පැවැත්වෙන සේවාවකි. ඉංජිනේරුවරුන්ගේ නවසීලන්ත IESL ශාඛාවේ සභාපති ලෙස 2021- 2022 කටයුතු කළ රේණුක ලාංකික ප්‍රජාව වෙනුවෙන් කෙරෙන බොහෝ පරිත්‍යාගවලටද දායක වූයේය.

Transco NZ නවසීලන්ත සම්බන්ධතා-

LTDTransco International (NZ) LTD
3,2 Commissariat Road,
Mt. Wellington, Auckland, New Zealand,
Telephone: +6495712013, Mob: +64225712013
​Hamilton – 0225966911   Christchurch – 0221945257​
Nelson – 021 02211012   Dunedin – 0223400933
info@transcointernational.co.nz, www.transcointernational.co.nz

***

Tell us your story: Harsha -0210577257, Prathap- 021 889 283 (Sri LankaNZ)

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.