අපට මිස් වුණ
බොහෝ දේවල්
හද පතුලේ
නිම්නාද දේ
ජීවිතේ හිස් තැන්
හැදෙන්නේ
මගහැරෙන
යුතුකම්
තුළයි.
තව ටිකක් මට
දරුවා වෙනුවෙන්
කැපකරන්නට
කාලයක්
සිතන මව්වරු
කොතෙක් ඇතිදෝ
සිත යටින්
ගිනි උහුලමින්
දෙමාපියනට
සළකන්නට
සිතේ හැටියට
බැරි වුණා
අනේ අද උන්නනම්
ඒ අය
කරම් උවටැන්
ළග තබා.
ලබන්නට
ලැබදෙන්න
සෙනෙහස
අපට අප
දුර වැඩි වුණා
ළගින් ඉද
විදගන්න
සෙනෙහස
අපට කළ
පිං මදි වුණා
රකින්නට
රැකගන්න
ළග අය
අපට අගයක්
නැති වුණා
වියෝ වු දා
දැනෙන
දුක් ගිනි
බුර බුරා හද
ඇවිළුවා
සොහොන්
කොතකට
මැරුණු
ගතකට
මල් කළඹවල්
ඕනෙ නෑ
හුස්ම ගන්නා
හදවතට
නැති සෙනෙහසින්
කිසි පලක් නෑ.
යමුනා පලිහවඩන – හැමිල්ටන්