එකම අසුනේ එක
ළඟින් හිඳ
වසර ගණනක්
අප ගියේ
දන්න හඳුනන
බොහෝ නෙත්වල
විමතියයි
අද පළවුණේ
ඔබ නැතිව අද
මෙමා පමණයි
හිස් අසුන තවමත් තියේ.
අපේ දිවියේ
බොහෝ සුන්දර
මතක මේ සුළඟේ තියේ
ඔබේ මිමිනුම්
ඒ සිනාවන්
තවම දෙසවන
රැව් නැඟේ
ඔබෙන් ගිලිහුනු
කෙස් රොදක් හෝ
රැඳී ඇතිදැයි
සොයමි මං.
මසිත පෙළනා
වේදනාවද,
තනිකමද දුක
සඟවමි
මිරිඟුවක් දැක
මුළා වූ බව
කෙලෙස
පවසන්නද
තතූ
මාව එපා නුඹ
හූ කියන්නට
අදින් සමුගමි
ඈ වගේ.
යමුනා පලිහවඩන – හැමිල්ටන්






