ළඟින් ඉඳ මුහුණ සිඹ සුභ පැතුම්ගෙන එන්න
මුහුණ අතගා නුඹගේ
ආදරෙ යි පවසන්න
දිගුකාලෙකින්මට
හැකිවුණා පුතේ අද
නුඹේ උපන්දිනය දා
නුඹ ළඟට වීඉන්න.
දුරුකතර ගෙවාගෙන
නිල්අහසේ පියාඹා
නුඹ සො යා පැමිණිරට
නවසීලන්තයට…
නුඹ අපව ගෙන ඇවිත්
සතුටුසයුරේ ගිල්වමින්
රටේ විසිතුරුපෙන්වමින්
සීත මීදුම්අතරේ වෙළෙමින්
සීත සුළඟේ පහස විඳිමින්
සො ඳුරු දිවියක්දුන්
ලො කු පුතේ නුඹට
පතන්නම්ආසිරි
සුභ උපන්දිනයකට.
ශ්‍රියාලතා මල්ලව ආරච්චි- රො ලස්ටන්, ක්රයිස්ට්චර්ච්
(රුචිර සුපුන්ගේ අම්මා)






