නෙත් යුගල දුටුව මැයි
ලෙන්ගතුව පෙර ලෙසට…
දුටුවෙ නැත නෙත් දෙකක්
රූප ගත් දොරටුව මිසක…
හඩ ඇසෙයි ආදරය
මුසු වදන් කී ලෙසට …
ඇසුනෙ නැහැ වදන් එහි
පිටව ගිය හඩ මිසක…
දැනුන මුත් ගත සිතම
වෙලෙන උණුහුම ලෙසට…
දැනුනේ නෑ හැගුම් මට
හිතලුවක වග මිසක…
දොරටු දුටු විට ඇරෙන
රුවක් නැත ඔහු ලෙසට…
බැදුනේ කිම නමක් නැති
කෙලෙස් පිරි කඳකට…
By Anu Weerakoon – Wellington