රථය නතර කළ පොලිස් නිලධාරියා රියැදුරාට සුබ පැතුවේය.
‘ඔයා හයි ස්පීඩ් ආවෙත් නෑ. සීට් බෙල්ට් දාගෙනත් ඉන්නවා. ‘ඒ ඒ’ එකෙන් දෙන $10,000 තෑග්ග ඔයාට ඇදිලා තියෙනවා.’
‘ෂා…’ විමතිය පල කළ රියැදුරා කටපුරා සිනාසුනේය.
‘මොකක්ද මේ සල්ලිවලින් කරන්නෙ? ඩොලර් 10,000 ක්!’ පොලිස් නිලධාරියා ඇසුවේ ය.
‘මම ඩ්රයිවිං ලයිසන් එක ගන්නවා.’ රියැදුරා උත්තර දුන්නේය.
‘ඔය මනුස්සයා කියන ඒව ගණන් ගන්න එපා. ටිකක් වැඩි වුණාම ඔහොම තමා.’ යාබද මගී අසුනේ වූ තැනැත්තා කීවේය.
පිටුපස අසුනේ නිදා සිටි පුද්ගලා හිස එසවීය. ‘මං කිව්වේ නැද්ද? හොරකං කරපු කාර් එකක වැඩි දුර යන්න බෑ කියලා.’ ඔහු ඉදිරිපස සිටි දෙනොටම චෝදනා කළේ ය.
ඒ අතර ඩිකිය පැත්තෙන් ශබ්දයක් ආවේය.
‘ඇයි නැවැත්තුවේ? ’ ඔහු ඩිකියේ දොරට වැරෙන් පහර දුන්නේය. ‘චෙක් පොයින්ට් එක පහු කළාද? බල්ලෙකුටවත් ඉන්න බෑ මේක අස්සේ.’ ඔහු කෑගැසුවේ ය.