කුසයේ හොවා ලෙයකට උණුහුම දුන්නා
ඇකයේ දරා සෙනෙහස කිරි කර දුන්නා
සුවයේ සතුට හැකි විලසට මම දුන්නා
දිවියේ සවිය නුඹලාටම දන් දුන්නා
ඇසුනේ නැතත් බහ තෝරන කතාවන්
දුටුවේ නැතත් හුරතල් වෙන ලතාවන්
උන්ගේ දරුවො මවනව ඇති සිනාවන්
දන්නේ මමයි දරු සුරතල් ඉනාවන්
හිරුගේ කිරණ සමගින් සුව සෙත පැතුවා
දිනයේ හැමට කලියෙන් සුබ පල පැතුවා
උන්ගේ සතුට වෙනුවෙන් හිත හඬ නැඟුවා
මුදුනේ දෝත දී බුදු සරණම පැතුවා
By Sandya Kumudini Lekamge – Auckland