මා මියගිය දිනේ
ගුණකථන, කවිකතා මට එපා
දහසකුත් නොතිත් පැසසුම් මට එපා
මල්වඩම්, මල්පොකුරු මට එපා
මිලමුදල්, යානවාහන මට එපා …
හුස්ම ටික යන්න
මොහොතකට පෙර හෝ
එන්න සබදේ දොඩනු මැනැවි
එක වදනක් හෝ සෙනෙහෙ සිතින්
ඔබේ නිකැළැල් හසරැල් මට වටී
මට වටී රන්මිණිමුතු වලට වඩා …
මා මියගිය දිනේ
මා දෙස බලා නොහෙලන්න කදුළක්
මා ජීවත්ව සිටියදී
මා හට පුදන්න සිනහවක්
මට වටී මට වටී මට වටී
By Priyanthi Adihetti – Auckland