අනුන්ගේ දුකේදී උණුවෙනා සිතක් ඇති
අනුන්ගේ සැපතේදී ඉතසිතින් සතුටු වෙති
අනුන් සතු දෙයක් ගැන කෙලෙසවත් සිතන්නැති
වරකතක් වනු දියණි ගුණ දහම් වඩා නිති
දෙමාපිය, සොයුරු පෙම නිතින් සුරකින්නීය
හිමියන්ට, දරුවන්ට සදෙව් ලොව මවන්නිය
අනුන් සිත් නොතලාම තමා දුක් ගන්නීය
දෙව් බඹුන් සුරකිණා වරකතක් වන්නීය
(මිහිර සිරිතිලක මහතාගේ “වරකත” නාට්‍යය නැරඹීමේදී පහළ වූ සංකල්පනා කවියට නැගුවෙමි)
වත්සලා ලියනගේ – වෙලින්ටන්






