fbpx
17.1 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

දෙසැම්බර් 30-වයිකාතෝ යහළුවෝ…

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

වයිකතෝ  ශ්‍රී ලංකා මිත්‍ර සංගමය තම වර්ෂාවසාන සුහද හමුව  හැමිල්ටන් නගරයේ ර්ච්මන්ඩ් වීදියේ ෆීනික්ස් ශාලාවේදී 2023 දෙසැම්බර් මස 30 දා සවස් කාලයේ පවත්වන්නට යෙදුනි. රාත්‍රී අට ආසන්නයේ පිළිගැනීමේ සංග්‍රහය පවතින අතරම ඇරඹි උත්සවයට මුල සිටම ජනප්‍රිය සංගීතවේදී  බුද්ධික මධුසංඛගේ සංගීතයෙන් ද පූජා මල්ලවආරච්චි  හා  දේවින්ද මහවිතාන කථනයෙන්ද දායක වූහ. ශාලාවට ඇතුලුවන පවුලේ අයට මැකී යන වසර මතක් කරවන සිහි වටන ඡායාරූපයක් ගැනීමට ඉඩ කඩ සලසා තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකික උත්සවවල සම්ප්‍රදායිකව මෙන් නිතරම දකින්නට ලැබෙන ගැඹුරු දේශන, උඩරට පහතරට සම්භාවනීය නර්තන වෙනුවට නව තරුණ පරපුරට විනෝදයෙන් සහභාගි විය හැකි අලුත් තාලයේ ගී හා නැටුම් ගැයුම් ලට ශාලාව විවෘතව තිබීම අලුත් වෙනසකි. ඊට සහභාගි වූ අනුරාධා කුමාරි කණ්ඩායමත් තවත් දරු දැරියෝත්  ගීතවලට පා තබන නර්තන කිහිපයක්ම ඉදිරිපත් කළහ. බීම වර්ග හා නත්තල් තෑගි පාර්සල් සහිත ලොතරැයි ඇදීම තවත් විනෝද ජනක අංකයක් වීය.

හැමිල්ටන්  ආරෝග්‍ය ශාලාවේ විශේෂඥ වෛද්‍ය උදයංගනී  සමරක්කොඩි මහත්මිය වයිකතෝ ශ්‍රී ලාංකික පමණක් නොව සෑම ප්‍රජාවකටම වටිනා සේවයක් සලසන කෙනෙකි. ඇයගේ  සංවිධානත්වයෙන් වයිකාතෝ  රෝහල් පරිශ්‍රයේ ප්‍රදර්ශනය කෙරුණ  ශ්‍රී ලාංකීයමය  ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් පළමු ස්ථානය දිනාගෙන ඇත. එය ඇගයීමක් වශයෙන් මිත්‍රත්ව සංගමය විසින් ඇය ප්‍රමූඛ කණ්ඩායමට  OIA and HDC Complaints Resolution  හි ප්‍රධාන උපදේශිකා මීරා බාලා මහත්මියගේ සහභාගිත්වයෙන්  යුතුව  ඔස්කා ප්‍රදානය පිරිනැමීම  සියලු දෙනාගේම ප්‍රසාදය දිනාගත් වසරේ විශේෂ සිහිවටනයක් වීය. ඇය තමා අධ්‍යාපනයේ දී  හා වෘත්තීයේදී  ලැබුණ අවස්ථාවන් පැහැර නොහැර ප්‍රයෝජනයට ගැනීම අද සිටින තත්ත්වයට පත්වීමට හේතුවක් බව පැවසීම තරුණ කොටස්වලට දුන්  වටනා අවවාදයකි.

සංගමයේ මුල්සිටම ක්‍රියාකාරී සාමාජිකයෙකුවන රුවන් ප්‍රනාන්දු මහතාද මේ අවස්ථාවට සහභාගි වීය. සංගමයේ මෙම උත්සවයට ඉදිරි වර්ෂ දෙකක් සදහා ද  ෂෙහාන් සපරමාදු රක්ෂණ ආයතනය  ආයතනය අනුග්‍රහය  දක්වයි.

ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවය 2024, පෙබරවාරි 10 දිනට පැවැත්වීමට වයිකතෝ ශ්‍රි ලංකා මිත්‍ර සංගමය බලාපොරොත්තු වේ.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.