fbpx
9 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Kisa Bhoomi – කිසා භූමි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මව්බිමේ ඒකීයත්වය උදෙසා දිවි දුන් විරුවා නුබයි. මීට වසර 12 කට පෙර ලක්වැසියන් වෙලා සිටි යුද්ධයේ නපුරු සිහිනය බිඳ දමා සාමයේ සුබ සිහින දකින්නට හැකි වූයේ ඔබගේ ජීවිතය පවා මව්බිමේ නාමයෙන් කැප කළ නිසාවෙනි. මහ ඝන වනන්තරේ අව් වැසි නොතකා කුසට නිසි අහරක් නොලැබ අනේක විධ දුක් දොම්නස් මැදින් සාමයෙන් මිණි කිරුළ ලක් මව් හිස පැළඳු අභීත විරුවා නුබයි. තම ආදරණීයයන් ගේ උණුසුමින් මිදී කටු ලැබේ මැසි මදුරුවන් සමග තම තාරුණ්‍යය ගෙවා දමමින් අනාගත දරුවන්ට යුද බිය නොදැනෙන රටක් තැනූ විරුවා නුබයි. මව්බිම වෙනුවෙන් කකියන ලේ රුදුරු ත්‍රස්තවාදය මැඩලීම සඳහා පූජා කළ උදාරතර විරුවා නුබයි.

වර්තමානය වන විට රණවිරුවන් මවුබිම වෙනුවෙන් කළ කැපකිරීම් අමතක වෙමින් යනවාදෝ යැයි විටෙක සිතේ. තම අතපය මව්බිම වෙනුවෙන්  අහිමිකරගත් රණවිරුවන්ට දක්වන සැලකිල්ල, තම ජීවිතය මව්බිම උදෙසා පරිත්‍යාග විරුවන්ගේ පවුල්වලට දක්වන අවධානය මෙන්ම ගෞරවය කෙමෙන් කෙමෙන් ක්ෂය වී යන්නාක් සේ දැනේ. ලක්වැසියන්ට රණවිරුවන් වැඩි වශයෙන් මතකයට නැගෙන්නේ ව්‍යසනයක් වූ විටදී දැයි ද සිතේ. එසේ වුවද නවසීලන්තවාසීන් අදටත් දෙවන ලෝක යුද්ධයට සහභාගි වූ සොල්දාදුවන් මහත් අභිමානයෙන් සමරයි. බොහෝ නිවෙස්වල පොපි මල් ප්‍රදර්ශනය කර ඔවුන්ට උපහාර දක්වයි. ඔවුන් එසේ කරනු ලබන්නේ යුද්ධයෙන් අත්දැකීමක්වත් නොලබයි.නමුත් ශ්‍රී ලාංකිකයන් වසර තිහක් පුරාවට යුද්ධයේ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දී ඇත. එම නිසාවෙන් රණවිරුවන්ගේ වටිනාකම තව තවත් අප සිත් තුළට දැනිය යුතුමයි. 

උදාර රණවිරුවන් උදෙසා පිදෙන ශ්‍රීLankaNZ පුවත්පතේ සහ නවසිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ උපහාරයයි මේ…

Lyrics – Gavithri Yatigammana
Music and Artiste – Dihan Hettiarachchi

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.