නවසීලන්තයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ රටේ තනිව, මගපෙන්නන්නෙකු නොමැතිව නිදහසේ ඇවිදීමට, කඳු නැගීමට සහ දිගු දුර කඳු තරනය කිරීමට (Tramping) බොහෝ පහසුකම් (facilities) සහ මාර්ග (tracks) ඉඳිකර තිබෙනවා. ඒවා දෙස් විදෙස් සංචාරකයන් අතරේ හරිම ප්රසිද්ධයි. එවන් මාර්ග දහස් සංඛාවකට අමතරව, ඉතාම සිත්ගනා සුළු නමුත් ලකුණු නොකෙරුණු (unmarked) හෝ සංවර්ධනය නොකෙරුනු (unimproved) මාර්ග ද බොහෝමයක් තිබෙනව. උස් කඳුකර ප්රදේශ (Alpine) සහ දුරස්ථ වනාන්තර ප්රදේශ (Backcountry areas) වල මෙවැනි විශ්මයජනක තැන් සැඟවිලා තියනවා.
අද මේ සටහන ලියවෙනේ අන්න එවැනි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සළකුණු නොකළ / වැඩිදියුණු නොකළ – නමුත් පහසුවෙන් පැය තුනක් වගේ කාලයකින් සොබාදහම උපරිමයෙන්ම විඳින්න පුලුවන් හරිම ලස්සන day hike එකක් ගැන.

Mt Lyndon Track පිහිටා තිබෙන්නේ ක්රයිස්චර්ච් සිට පැය එක හමාරක පමණ දුරින්. ඔබ නවසීලන්තයේ ආකර්ශනීයම මාර්ගයක් වන State Highway 73 ඔස්සේ නිතර ගමන් ගන්නේ නැති කෙනෙක්නම්, මේ ගමනට ඊට වඩා වෙලාවක් යනවාමයි. ඒකට හේතුව වෙන මොකුත්ම නෙවෙයි – මගදිගට හමුවෙන ඇස පිනවන, හිත නතර කරන, මනස සතුටු කරවන සුන්දර දසුන්. පොඩි බඩගින්නක් ආවොත් ලෝකප්රසිද්ධ Sheffield Pies – Sheffield store එකේ නවත්තන්නත් අමතක කරන්න එපා. තවත් පුංචි දෙයක්. නවසීලන්තයේ වේගෙන්ම දියුණු වෙමින් පවතින ප්රදේශයවන Selwyn District එකේ ඉතා සුලබ මාර්ග සහ අනෙකුත් ඉඳිකිරීම් පවතින නිසා, windscreen damage cover වෙන insurance එකක් තිබීම වටිනව.
Mt Lyndon සහ Lake Lyndon පිහිටා තියෙන්නෙ Torlesse Tussocklands Park කියන සංරක්ෂණ ප්රදේශයේ. ඒ නම වැටිල තියෙන්නෙ මෙම පලාතම Tussock නමින් හඳුන්වන පොකුරු වශයෙන් කඳුකර ප්රදේශවල වැවෙන තණ පඳුරු විශේෂයකින් සමන්විත නිසා. ග්රිෂ්ම කාලයට (summer) මේ තණ පඳුරු රන්-තැඹිලි පැහැයක් ගන්න නිසා බොහොම ආකර්ශනීය දසුනක් මවනවා.

State Highway 73හි Lake Lyndon නැවතුම අසලින් පටන් ගන්න බොරළු පාර දිගේ Lyndon Lodge වෙත පැමිණ, එහි වාහන නවතා තබා ගමන අරඹන්න පුලුවන්. මෙම ස්ථානයෙන් පසු toilet හමුනොවන බව සඳහන් කරන්න ඕන. මේ ගමනෙ විශේෂත්වය තමයි අපි විසින් අඩි පාර්වල් දිගේ පාර හොයාගෙන යන්න වෙන එක. ඒක නිසා ඉර බහින්න අඩුම තරමින් පැය 5කටවත් කලින් ගමන පටන් ගන්න ඕන. කන්ද මුදුනට ඇති කිලෝමීටර් තුනක දුරේදී මීටර් හයසීයකට වැඩි නැග්මක් තියනව. හතිවැටෙන ගමනක් නිසා ප්රමාණවත් වතුර, liquid සහ snack අරගෙන යන්න.
Tussock සහ shrubs වලට අමතරව matagouri නම් වූ නවසීලන්තයට ආවේනික කටු සහිත ශාක බොහොමයක් මේ පරිසර පද්ධතියෙ තියනව. ඒක නිසා කොට කලිසම් සහ අත්කොට ඇඳුම් ඇඳගෙන ඇවිදින්න අමාරුයි. කටු වලට සීරුනොත් hike එක ඉවර උනාම ගාන්න Kawakawa balm එකක් අරන් යන එක නුවණට හුරුයි. ඒ වගේම පිහිටි පොලොවේ ඇවිදින්න hiking boots සහ hiking poles තිබීම උදව් වෙනව. මගේ මතය අනුව වසන්ත කාලය තමයි ගමනට සුදුසුම. Spring මාස වලදි කන්ද මුදුනෙදි හිම අතට ගන්න ඔයාලට පුලුවන්.

හැම මිනිත්තු පහකටම වෙනස්ම විදියෙ දසුන් සහ, Lyndon විලේ විවිද පැතිකඩ පෙනෙන නිසා, අඩියෙන් අඩිය ඡායාරූප ගන්න හිතෙන එක බොහොම සාමාන්යයි. සළකුණු නොකළ පාරක් නිසා ඉර බහින වෙලාව ගැන සැලකිලිමත් වෙන්න.
ගමන අවසානයේ මගේ highlight එක උනේ Lyndon Lodge එක ඉස්සරහ තියන Lyndon Lake එකට බැහැපු එක. කකුල් වෙහෙසල ඇවිත් ඒ පළිඟු වගේ පැහැදිලි, සුපිරිසිදු, සීතල වතුරට බහින්න ලැබීම ඔයාලටත් අමතක නොවෙන අත්දැකීමක් වේවි. සොබාදහම අගය කරන්න, ඒ ශක්තියෙන් ජීවිතයට ආශිර්වාදයක් ලබාගන්න, මේ පරිසරයේ ලස්සන ජීවිතයට එකතු කරගන්න, ඔබත් අද හෙටම දවසක් වෙන් කරගන්න.
උදාර වික්රමසිංහ – ක්රයිස්චර්ච්







