ළමා ලියෝ ගවසා මල් වරල පිට
දමා කරට මුතුපොට අත වළලු වට
පෙමා වඩන ලෙස සරසා ඔසරි පොට
පමා නොව රගති කුලු ගෙන සබේ පිට
එකවරම වේදිකාවට ආ සිගිති දැරියෝ පහළොවක් විස්සක් ප්‍රේකෂකයන්ගේ අවධානය ග්‍රහණය කර ගත්හ. ලංකාවේ ජන ගී සාහිත්‍යයේ ඉතා ජනප්‍රිය ඒ කුලු නැටුම් රංගනය බෙහෙවින් සිත් ඇද ගන්නා සුළු වීය.
රංගනය, අත් පා සුරුවම, නාදයට පා තැබීම වැනි සියල්ලම පරයා වඩාත්ම සිත් ගත්තේ ඔවුන්ගේ අහිංසක සුරතල් බව ය. ඒ හැමිල්ටන් මිත්‍රත්ව සංගමයේ මූලිකත්වයෙන්, පෙබරවාරි 18 වැනි දින හැමිල්ටන් නිව් ලයිෆ් දේවස්ථාන ශාලාවේ දී පැවැත් වූ ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින උත්සවයයි.
දෙරට ජාතික ගී වාදනයට අනතුරුව සභාපති ශාමාල් ප්‍රනාන්දු මහතා අමුත්තන් පිළිගත්තේය. චාරිත්රානුගත පොල්තෙල් පහන දැල්වීමෙන් පසු, රාවණ සමය හා විදේශකයනගේ පැමිණීම සාරාංශ කරන කථනයක් රෝහිත කරුණාරත්න මහතා ඉදිරිපත් කළේ ය. ඊට සමගාමීව ගුරුතුමියක ලෙස සිටි ප්‍රියංකා ජයවර්ධන මහත්මිය ඇසූ පුශ්නවලට පාසැල් දරු දැරියෝ අපේ ඉතිහාස කතාව ගැන පිළිතුරු දුන්හ. රෝහිත නැවත සදුන් සමරතුංග හා එක්ව කළ ගුරුන්නාන්සේ ගෝලයා දෙබස මගින් පැරණි හෙළ ගී සම්ප්‍රදායන් ඉදරිපත් කෙරුණි. දූ දරුවෝ කිහිප දෙනෙක්ම අපේ ජාතික වීරයක් ගැන තොරතුරු ඉදිරිපත් කළහ. ශාශිත් ප්‍රනාන්දු මහතා බෙර වාදනයක් ඉදිරිපත් කළේ ය.මිත්‍රත්ව සංගමයේ සාමාජික සාමාජිකාවෝ ජාතිකාභිමානී ගී පෙළක් ගායනය කළහ. සංගමයේ ලේකම් සදුන් සමරතුංග මහතාගේ ස්තුති කතාව හා ඉන් පසු පැවැත් වූ තේ පැන් සංග්‍රහයෙන් පසු උත්සවයේ කටයුතු නිම වීය.
මෙම උත්සවය සාර්ථක කර ගැනිමට නන් අයුරින් සහභාගි වූ පාසල් හා තරුණ දූ දරුවන්, කමිටු සාමාජික මහත්ම මහත්මීන් හා අනෙකුත් හිතවතුන්ට මිත්‍රත්ව සංගමය ප්‍රශංසා කර සිටී.