fbpx
10.3 C
New Zealand
Thursday, May 2, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ක්‍රිකට් ජය වාර්තාව දිගු වලාකුල් භූමියේ සිට සේද දේශයට

Must read

ශ්‍රී ලාංකීය ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර අප්‍රේල් දෙවන ඉරිදා දින ඕක්ලන්ඩ් හි පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයන් සමත් විය. ඔවුන්  නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක්  දැවි ලකුණු196  ලබා ගනිමින් ශ්රී ලංකා ඉනිම ක්‍රීඩා කළ අතර නවසීලන්ත පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු අටකට ලංකා පිල හා සමානව ලකුණු ලබා ගැනීම හේතුවෙන් තරගය සුපර්  පන්දුවාර එකට සීමා කිරීමට සිදුවිය. සුපර් ඕවරයේ සිට තම දස්කම් මනා ලෙස විදහා පාමින් නවසීලන්ත සංචාරයේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් කණ්ඩායම සමත් වීම සුබ ලකුණකි.

ඕක්ලන්ඩ් නගරයේ ඊඩන් පාක් ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේ සජීවී විකාශය අතරතුර එක්තරා සුවිශේෂී සිදුවීමක් විය. එනම් නවසීලන්තයේ ආදිවාසීන් භාවිතා කරන මෞරි භාෂාවෙන් රටවල් දෙකෙහිම නාමයන් සජීවී තිර ඔස්සේ දිස්වීමයි. නවසීලන්ත මෞරි භාෂාව ජාත්‍යන්තරයට ගෙන යාමේ සහ අභාවයට යමින් පවතින නවසීලන්ත ආදි වැසියන්ගේ මෞරි භාෂාව තවදුරටත් එසේ නොවී පවත්වාගෙන යාමේ අරමුණු පෙරදැරි කරගෙන ගත් උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැක.

දිගු වළාකුල් භූමිය : AOTEAROA නවසීලන්තය  සඳහාද ,  සේද දේශය , HÍRAKA ශ්‍රී ලංකාව  සඳහාද,  ලකුණු පුවරු වල රටවල් දෙකේම නාමයන් මෞරි භාෂාවට හරවා තිබීම  විශේෂිත වන අතර විස්සයි- විස්ස ක්‍රිකට් තරගයකදී නවසීලන්තය විසින් තරගයන් සදහා සහභාගී වන රටවල් වල නිළ නාමයන් තම භාෂාවෙන් වෙනස් කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එකතු වී හමාරය.

 

 

 

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.