fbpx
18.2 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරයා විශ්‍රාම යයි

Must read

ශ්‍රි ලංකන් ගුවන් සේවය ආරම්භ කළ දා සිටම ගුවන් නියමුවෙකු ලෙස සේවයට බැඳුණු උත්පල කුමාරසිංහ මහතා පසුගිය මාර්තු 31 වන දින තම අවසන් ගුවන් මෙහෙයුම සිදු කළේය. ජ්‍යෙෂ්ඨ  ගුවන් නියමු උත්පල කුමාරසිංහ මහතා තම දශක හතරක සේවා කාලය අවසන් කළේ ඉන්දියාවේ මදුරාසියේ සිට කටුනායක ගුවන් තොටුපොළට ළඟා UL 138 ගුවන් ගමනත් සමඟයි. ඒ මහතාගේ අවසන් ගුවන් ගමන වෙනුවෙන් විශේෂ හරසරයක් ලෙසින් කටුනායක ජත්‍යන්තර ගුවන්තොටුපළේ දී  චාරිත්‍රානුකූලව ගුවන් ජල ආචාරයක් සිදු කළේය.

කුමාරසිංහ මහතාගේ අවසන් ගුවන් ගමන සඳහා සහාය ගුවන් නියමුවරයා ලෙස කටයුතු  කළේ ඔහුගේ පුත් රහල් කුමාරසිංහ මහතා වීමද සුවිශේෂී වූ සිදුවීමකි.

රත්මලාන ගුවන් තොටුපලින් තම පුහුණු වීම් ආරම්භ කළ උත්පල කුමාරසිංහ මහතා 1979 දී ශ්‍රී ලංකන්  ගුවන් සමාගමට ගුවන් නියමුවෙකු ලෙසින් සේවයට බැඳුණේය. 1991දී කපිතාන්වරයකු ලෙස  තනතුරෙන් උසස්වීමක් ලද ඔහු විශ්‍රාම ලබන තෙක්ම එම තනතුරේ කටයුතු නොපිරිහෙලා ඉටු කළ කීර්තිමත් පුද්ගලයෙකි. ඔහු තම රැකියා දිවියට ආයුබෝවන් කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරයා ලෙසින්ය.

වසර හතළිහක් පුරා මව් රටේ අභිමානය සුරකිමින් ඔබ කළ සේවයට අපගේ උත්තමාචාරය

දිමුතු විජේසූරිය
Dimuthu Wijesooriya

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.