fbpx
13.6 C
New Zealand
Tuesday, November 5, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලාංකීය නාමය බැබළවූ හිරාන්!

Must read

“සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා

එනම් සියලු සත්ත්වයන් සුවපත් කිරීමයි. පිරිසක් හිංසනයට පත්කර තවකෙනකුට ආශිර්වාද කළ නොහැකි ය.

එක් අතකින් ජාතිය සුවපත් කිරීමට එක සිතින් මානුෂීය අරගලයක දිවා රෑ නොබලා ඇප කැප වන ශ්‍රී ලාංකික ඔබ, තව අතකින්  “ මචන්ලා මම උබට ආදරෙයි , ජයවේවා” යනුවෙන් ජාත්‍යන්තර වේදිකාවක තම හිස කෙලින් කරගෙන ශ්‍රී ලාංකීය නාමය ගිනි පෙත්තටම අරං ගිය ඔහුය.  නමින්, හිරාන් අබේසේකර.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන මොහු ලංකා ළමා හා යොවුන් රඟහල පදනම හරහා රංගනය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරා, බ්‍රිතාන්‍යයේ නිර්මාණ කර්තව්‍යයක් වූ Peter Shaffer විසින්  නිෂ්පාදන කළ” Equus” නමින් හැඳින්වූ  වූ වේදිකානාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමේ භාග්‍යය ද හිමි කර ගත්තේය.

මෙවර “Olivier” සම්මාන උළෙලේ  “Life of Pi” වේදිකා නාට්‍යයේ අනුවර්තනය වෙනුවෙන්  හොඳම නළුවාට හිමි සම්මානය 2022 අප්‍රේල් දහ වෙනි දින මොහු විසින් හිමිකර ගත් අතර එය වේදිකානාට්‍ය කලාවේ නලුවෙකුට ලැබිය හැකි උසස්ම, ගෞරවනීයම සම්මානය ලෙස පිළිගනු ලැබේ. එංගලන්තයේ ලන්ඩන් නුවර Royal Albert hall හි පැවති මෙම සම්මාන උළෙල සඳහා සහභාගී වූ හිරාන් එංගලන්තයේ රාජකීය නාට්‍යය කලා ඇකඩමියට ඇතුළත් වීමේ භාග්‍ය හිමිකර ගත් දෙවන ශ්‍රී ලාංකිකයා ද වේ.

මීට අමතරව එක්සත් රාජධානියේ නාට්‍ය පාසල්වලට ඇතුලත් වීමට සුදුසුකම් ලද මොහු තම රංගන කුසලතාවන් තුළින් ඔහුගේ හැකියාවන් තව තවත් ඔප්නංවා ඇත. උදාහරණයක් ලෙස 2018 – 2019 වසරවල් හිදී “Find Me in Paris” නම් කතා මාලාවේ  ඔහුගේ රංගන කුසලතාවය පෙන්විය හැක.

 

 

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.