fbpx
5.4 C
New Zealand
Thursday, May 9, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පොෂ් වීමට ගොස් පුස් වන්නෝ : ස්මාර්ට් නොවී ස්මාර්ට් වීමට යාම | දහම් බාලසූරිය | හැමිල්ටන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

බුද්ධිමත් හැසිරීම, විවිධ අරුත් ඇති ස්මාර්ට් යන ඉංග්‍රීසි වදනේ එක් අරුතකි. පිරිසිදු, පිළිවෙලක් ඇති, ජේත්තුකාර පෙනුම යන අරුත් ද ඒ ඒ අවස්ථාව සඳහා උචිත ලෙස ගත හැක. තවත් ලෙසකින් SMART යන්න විශේෂීකරණයට ලක්කරන්නේ මෙසේය. SMART is an acronym for the 5 elements of specific, measurable, achievable, relevant, and time-based goals. මෙලෙසින් ස්මාර්ට් යන්න බහු අරුත් නංවන අතර ඊට ගැළපෙන ලෙස නවීන උපාංගද ඇස්පිල්ලන් ගසන විගසින් වෙළඳපලෙන් කළ එළි බසී. උපකරණ ස්මාර්ට් වීම හා අප ස්මාර්ට් වීම සමාන්තරව නොවුවහොත් යාදෙක නොරත රත වී යම් මන්ද බුද්ධික බවක් පෙනෙනු ඇත.

දශක කිහිපයකට පෙර උගත්කම වටිනා ආභරණයක් වුවද වත්මනෙහි නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් අතැතිව සිටීමෙන් වත්පොහොසත්කම පෙන්නීමට හැකි වටපිටාවක් නිර්මාණය වී ඇත. පිට කසා ගැනීමට නියපොත්තක්වත් නොමැති වුවද වත්මන් තරුණ පරපුරේ මූලිකම අපේක්ෂාවක් වන්නේ ද වෙළඳ නෑයන් හඳුන්වාදෙන සුපිරිතම ස්මාර්ට් දුරකථනයක හිමිකරු වීමටය. උපකරණයේ වහලා ලෙස යනයන තැන එය රැගෙන යමින් නැති කාර්ය බහුලත්වයක් ඇති කරගනිමින් එය ආරක්ෂා කොට රැක බලා ගැනීම ප්‍රමුඛතම කාර්යය වී ඇත.

බහුජාතික වෙළඳ සමාගම් තරගයට මෙන් ලෝකයේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නාක් මෙන් හුස්ම ඉහළ පහල දමන වේගයෙන් නවතම උපාංග එළි දක්වන්නේ පවතින උපාංග යල් පැනීමටවත් කාලයක් නොතබමිණි. වයසක අප කසාද බැඳගත් බිරිඳ අත නොරිහන්නාක් මෙන් දුකසේ මිලට ගත් දුරකථනය පවා අතනොහරින ගමේ බයියන් ලෙස දකින තරුණයන්ට අපේ පැවැත්මද යල්පැන ගිය එකක් සේ දැනෙන බව ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් දැනේ.

මේ නිසා වත්මනෙහි ක්‍රියාව කෙසේ වුවද පෙනුම ඔප් නංවාලන ප්‍රධාන සාධකයක්ව පැවතීමේ ගුණය ස්මාර්ට් උපකරණවලට හිමිවේ. උපකරණ හා තාක්ෂණය අළුත් වන වේගයෙන් අපගේ ඔළුව, මනස හා පොකට්ටුව අලුත් නොවන බැවින් ඇස් බැන්දුම් ස්මාර්ට් ලෝකයේ කය, මනස හා වචනය සමබර හා සංවර නොවන රෝගී ජනගහණය නම් වැඩිවන බව පෙනේ.

උපකරණ ස්මාර්ට් වන්නේ ක්‍රමිකවය. ඒවායින් ගතහැකි ප්‍රයෝජන ප්‍රමාණය, දත්ත හුවමාරු වන වේගය, පෙනුම ආදී දේ අනුව ඒවායේ මිල තීරණය වේ. ජංගම දුරකථනය කියා නම් කළ ද කතා කිරීම හැරුණු විට අන්තර්ජාල සේවා ලබා ගැනීම, ඡායාරුප ගැනීම, ගීත ශ්‍රවණය, වීඩියෝ නැරඹීම ආදී බොහෝ පහසුකම් ඉන් ලබා ගත හැක. මේ සියලු පහසුකම්වලින් සපිරි දුරකථනයක් ගත්තද බොහෝ දෙනා එය යොදා ගන්නේ නම් සීමිත අවශ්‍යතාවයන් කිහිපයකට පමණි. මෙවන් බහුකාර්ය උපකරණයක් භාවිතයෙන් අපගේ පෞද්ගලික දිවිය හෝ රාජකාරී දිවිය සැපවත් වී ඇත්ද? නැවතිල්ලේ සිතා බලන්න. බොහෝ තරුණ තරුණියන්ගේ වටිනා කාලයෙන් වැඩිමනත් සෙල්ෆි ගැනීම, ෆේස් බුකියේ සැරිසැරීම, ලිංගික වෙබ් අඩවිවල සැරිසැරීම හා කෙටි පණිවිඩ යැවීම සඳහා වැයවේ. නොදන්නා මිතුරු මිතුරියන් ඇසුරට පවා ගොස් ජීවිතයම අඳුරේ දමාගන්නා අවස්ථා සුලභය.

පොෂ් වීමට ගොස් පුස් වීම
දැන් උද්‍යානයකට ගොස් නිසංසලේ සිටීම, ගංගාවක හෝ මුහුදේ නෑමට යාම, සිනමා පටයක් නැරඹීම, ගීතයක් රස විඳීම, පොතක් පතක් කියවීම, නිවසේ අය හා දොඩමළුවීම, වත්තේ පිටියේ වැඩක් කිරීම වැනි විනෝදාස්වාද යල් පැන ගොස් ඇත. සමාජ මාධ්‍ය ජාලාවල ඕපාදූපයේ යෙදෙමින්, අන්තර්ජාලයේ සැරිසරමින් ස්මාර්ට් උපකරණයක් අතැතිව නැති කාර්ය බහුලත්වයක් පෙන්වීම අද විලාසිතාවකි. පොෂ් වීමට ගොස් පුස් වී යාවීදෝ යන බයක් දැනෙන තරමට මුළු දවස පුරා උන්මාදයකින් මෙන් මේවාට ඇබ්බැහි වූ විට රාජකාරී, අධ්‍යාපන හා ගෘහ ජීවිත අවුල් වී සියල්ල අඩාල වනු ඇත. කාර්යාල සේවය තුළත් දේවත්වයේ ලා සැලකිය යුතු වෛද්‍යවරු මෙන්ම ගුරුවරුද රාජකාරී වේලාවේදී මෙකී ස්මාර්ට් වීමට හසුවී තම කාරිය අපහරණය කරන අවස්ථා බොහෝය. කලියුගය ඇරඹී ඇති බව සනිටුහන් කරමින් මතුපිට පමණක් බලන හුරුවකට ගොස් ඇති වැසියන්ගේ පසිඳුරන් හිරිවැටී ඇත්දැයි සැක සිතේ. මේ සියල්ල අපේ අධ්‍යාත්මය ස්මාර්ට් නොවීමේ කරුමයමය. අවශ්‍යම දෙයට පමණක් උපකරණ යොදාගැනීම සිදුවන්නේ නම් මෙලෙස සිදුනොවනු ඇත. අද නිවසක සාමාජිකයන් අතර සතුටු සාමීචි කථාබහ අඩුවී අනවශ්‍ය කාර්ය බහුල බවක් ඇති වී ඇත. නමුත් මේ සියල්ලෙන් අප ලබා ගන්නා වාසියක් නම් නොපෙනේ. නොදැනේ.
අපගේ වැඩ පහසු කරගන්නා උපකරණ හා උපක්‍රම තාක්ෂණය ලෙස සැලකුවද අද වන විට උපක්‍රම පසෙකලා උපකරණ සරණං ගච්ඡාමී වීමට තරම් අපේ ඇත්තන් ස්මාර්ට් වෙමින් සිටී. නිවැරදිව කළු ලෑල්ල පරිහරණයවත් නොදැන ස්මාර්ට් උපකරණ ඔස්සේ සෙල්ෆි හා ෆේස් බුකියේ සැරිසරනා ගුරු සමාජයක් බිහිවෙමින් පවතී. ගුරුවරුන්ගේ හසුරු කුසලතා (තාක්ෂණික උපක්‍රම) හැකියාව මොට වෙමින් උපකරණ නොමැතිව ඉගැන්විය නොහැකි මට්ටමට පැමිණෙමින් සිටී. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් මනස වෙනස් වෙමින් පවතින අතර ඒ සඳහා ජනමාධ්‍ය, වෙළෙන්දන් ආදීන්ගේ සූක්ෂම ක්‍රියාකාරකම් බලපා ඇත. කොම්පියුටරයක් ලබාදීමේ හා ලබා ගැනීමේ දොලකින් දෙමාපියෝ හා දරුවෝ පෙලෙති. පරිගණකයක් තිබූ පමණින් අධ්‍යාපන වැඩකටයුතු කරගත නොහේ.
උපක්‍රම අතහැර උපකරණ පසුපස දිව ගොස් එය භාවිත කිරීම වත්මන් තාක්ෂණය ද?

By Daham Balasooriya – Hamilton
nenasilu@gmail.com

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.