ශ්‍රී ලංකන්ස් පුවත්පතේ නිර්මාතෘ හර්ෂ වීරකෝන් මහතා හා මාධ්‍ය සම්බන්ධීක්රණ ලේකම් අනු වීරකෝන් දෙපල පසු ගියදා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා කොළඹ පිහිට කාර්යාලයයේදී මුණගැසුණහ. මෙහිදී නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට අදාළ වැදගත් කරුණු හා එම ප්‍රජාව ශ්‍රී ලකාව යථා තත්ත්වයට පත්විම සම්බන්ධයෙන් දක්වන උනන්දුව හා එයට ලබා දෙන අනුග්‍රහ ආදිය ගැන අදහස් හුවමාරු කර ගත්හ.
ඊට අමතරව, තානාපති කාර්යාලයයට යන කවරෙකට වුව කියවීමට හැකි වන පරිදි ශ්‍රී ලංකන්ස් මුද්‍රිත පුවත්පතෙහි පිටපතක් තානාපති කාර්යාලය පරිශ්‍රයේ තැබීමටද එකග වනු ලැබී ය.
නවසීලන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් පළවන එකම ප්රජාපුවත්පත වන මෙය අප මව් බිමෙහි සිටින, මෙතෙක් අන්තර්ජාල පිටපත් පමණක් කියවූ, කියවන්නන්ටද සමීප කරවීමට හැකි වීම ගැන අපි බෙහෙවින් සතුටට පත් වෙමු.
මෙය නවසීලන්තයෙන් පිටත අපගේ මුදිත පිටපත කියවන සංඛ්‍යාව වැඩි කරවිමට අවස්ථාවකි. දෙරට අතර සමාජ, වෙළද, අධ්‍යාපන වැනි අංශ වල තොරතුරු හුවමාරු කර ගැණීමට ද මෙයින් අනුබලයක් ලැබෙනු ඇත.
~ ශ්‍රී ලංකන්ස් ~