fbpx
11.2 C
New Zealand
Sunday, May 5, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සංක්‍රමණිකයාගේ තීරුව | යසසි ගුණරත්න | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මේ දිනවල සංක්‍රමණිකයා සිටින්නේ උදාවන ගිම්හානය ගැන දැඩි උද්දාමයකිනි. සීතළට කොළ හැලී තිබූ ගස් වැල් ද මල් කොළ වලින් පිරී ඉතිරී සිටින්නේ දැඩි සතුටකින් බව සංක්‍රමණිකයාට සිතේ. ජීවිතයේ වැඩි  කාලයක් සමක ආසන්න රටවල ජීවත් වූ සංක්‍රමණිකයා හිරු එළියේ උණුසුම ගැන වඩා කෘතවේදී වන්නට කිවීදේශයට සංක්‍රමණය වන්ටම සිදුවිය. පහසුවෙන් ලැබෙනා දේවල් ගැන කෘතවෙදී වන්නේ ඒ දේවල් නොලැබෙන විට හෝ සීමාසහිත වන විටය. නිතර දෙවේලේ ළඟ සිටින නෑදෑ හිතමිතුරන්ගේ අගය දැනෙන්නේ ඔවුන් දුරස් වූ විටය. සාමයේ අගය දැනෙන්නේ ගැටුම්වලට පැටලුන පසුය.

කිවීදේශය මේ වන විට ඡන්ද ප්‍රතිඵල උණුසුමින්ද වෙලිලාය.  ජාතික පක්ෂය හා කම්කරු පක්ෂය නියෝජනය කරමින් ක්‍රිස්ලා දෙදෙනෙක් කරට කර සිටි අතර 14 වනදා ජන්ද විමසුමින් පසු ජාතික පක්ෂය බහුතරයක් සහිතව ඉදියෙන් සිටින නමුත් නොවැම්බර් 3 වනදා වන විට ගණනය කර අවසන් වූ විශේෂ ජන්ද ගණනයෙන් පසුව ජාතික පක්ෂය හා ACT සහයෝගීතාවයට ගැනීමට හැකිවන්නේ ආසන 59 ක් පමණි. ආණ්ඩුවක් පිහිටුවීමට නම් 62%ක බහුතරයක් අවශ්‍ය වන අතර මෙවරත් රජුන් තනන්නා වනුයේ වින්සන් පීටර්ස්‍ ය.  2017 දී ජසින්තා ආර්ඩන් පුටුවට ගෙනාවේද මෙම වින්ස්ටන්මය. රටේ ආර්ථික උද්ධමනය හේතුවෙන් ජීවන වියදම ඉහල යාම, වැඩිවන අපරාධ, නිවාස ප්‍රශ්නය, අත්‍යවශ්‍ය වෘත්තිකයන්ගේ හිඟකම වැනි ප්‍රශ්න රාශියකින් මේ වන විට කිවිදේශය උණුසුම් වී හමාරය. ඉදිරියේ පත්වන 42 වන අගමැතිවරයාට ඇත්තේ කටු අකුලින් පිරි මාවතක්‍ ය.

කිවීදේශයේ තත්ත්වය මෙසේ වන විට මැදපෙරදිග නැවතත් යුධ ගිනිවලින් උණුසුම් වී ඇත්තේය. පසුගිය ඔක්තෝබර් 7 වනදා  ගාසා තීරය පාලනය කරන පලස්තීන සටන්කාමී කන්ඩායමක් වන හමාස් ඊශ්‍රාලයට  පෙර නොවූ විරූ ප්‍රහාරය  දියත් කළ  අතර ඔවුහු ගාසා තීරය අසල වෙසෙන සිය ගණනක් මරා දමා දුසිම් ගණනක්  ප්‍රාණ ඇපයට ගත්තෝය. මෙයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාර දහස් ගණන් සිවිල් වැසියන්ගෙ  එදිනෙදා ජීව්ත දවා හළු කිරීමට සමත්ව ඇත. ගාසා ප්‍රවෘත්ති වලින් පවසන අන්දමට මේ ලිපිය ලියන නොවැම්බර් 3 වනදා වන විට  පලස්තීන වැසියන්  9061 ක් ඊශ්‍රායල් ප්‍රහාර වලින් මියගොස් ඇත. ඊශ්‍රායලය මේ වන විටත් දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින අතර අවි බිම තැබීම තමන් හට ඇති තෝරාගැනීමක් නොවන බව පවසා සිටියි. හමාස් මේ වනවිට අනෙකුත් කණ්ඩායම් වලින් තමන් හට සහය වන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටින අතර හිස්බුල්ලා සටන්කාමී නායකයා අද දින සිය මතය ප්‍රකාශ කිරීමට නියමිතය.

By Yasasi Gunarathna – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.