ඡන්දය පවත්වා දින 40කට පසු නොවැම්බර් 24 වැනි නිවේදනය කළ නවසීලන්තයේ නව කැබිනට් මණ්ඩය සමන්විත වන්නේ පක්ෂ තුනක ( ජාතික ACT, NZ First) පළපුරුදු සහ නවක දේශපාලනඥයන්ගේ එකතුවකිනි. පක්ෂ තුනක සාමුහික ආණ්ඩුවක් නවසීලන්තයේ මින් පෙර බල පැවැත් වී නැති අතර සාමූහිකත්වය බල පැවැත්වීමට ඉතා දීර්ඝ විස්තරාත්මක ගිවිසුම් දෙකක් ප්‍රකාශ අතර බලපැවැත් වී ඇත. දේශපාලන විචාරකයන් පවසන්නේ ගිවිසුම වඩාත් විශේෂිත වන තරමට අත්සන් කරන්නන් අතර විශ්වාසය ද අඩු බවය. එසේ නම් ජාතික පක්ෂය ගිවිසුම් දෙකක් සඳහා තෝරාගෙන තිබීම පුදුමයක් නොවේ. මේවා පාර්ශව තුනටම අනුගමනය කිරීමට පැහැදිලි මාර්ගොපදේශයක් ලබා දෙන නමුත් මාර්ගයේ බාධක ඇතිවීම නැවැත්විය නොහැක.
ජාතික පක්ෂය සිය ප්‍රධාන පොරොන්දුව වන බදු අඩු කිරීමට අනෙක් පක්ෂ දෙකෙහි සහයෝගය ලබා ගැනීමට සමත් වූවත් විදේශිකයන්ට නිවාස මිල දී ගැනීම සඳහා වූ තහනම වෙනස් නොවන්නේ NZ First හි දැඩි ස්ථාවරය සැලකිල්ලට ගෙනය. නවසීලන්තයේ දුම්-නිදහස් නීති සම්පාදනයේ සැලසුම්ගත වෙනස්කම් පිළිබඳ විවේචනයක් ද ඉක්මනින් මතු විය. එහෙත් නීතිය හා සාමය, රාජ්‍ය අංශයේ කප්පාදුව, සම්පත් කළමනාකරණ පනත (RMA) යළි පිහිටුවීම, රැකියා නීති, කිරීටය හා මඔරි සබඳතා පිළිබඳව සම-පාලක පාර්ශ්ව තුන අතර යම්තාක් සුමට එකඟතාවක් දැක හැකිය. වයිටැන්ගි මූලධර්ම ගිවිසුම, සිර දඬුවම් සහ සංචිත බැංකුවේ උද්ධමනය අවම කිරීම සඳහා ප්‍රතිපත්ති සංශෝධනය සඳහා පාර්ශව තුනම එකඟතාවයකට එලඹී ඇත.
නව කැබිනට් මණ්ඩලය සහ ඉදිරියේ ඇති අභියෝග.
ජාතික පක්ෂය (14), ACT (3) සහ NZ First (3) යන පක්ෂ සියල්ලටම කැබිනට් මණ්ඩලය තුළ ඇමතිවරු සිටිති. කැබිනට් මණ්ඩලයෙන් පිටත අමාත්‍යවරු අට දෙනෙක් සහ පාර්ලිමේන්තු උපලේකම්වරු දෙදෙනෙක් ද සිටිති.
නව කැබිනට් මණ්ඩලයට නායකත්වය දෙන්නේ අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් වන අතර නව නියෝජ්‍ය අගමැති (2025 මැයි දක්වා) වින්ස්ටන් පීටර්ස්ට වනු ඇත. 1978 දී ප්‍රථම වරට තේරී පත් වූ ඔහු නැවතත් දේශපාලන කරලියේ ප්‍රධාන භූමිකාවලට අවතීර්ණ වී ඇත. විදේශ කටයුතු අමත්‍යංශය නැවත ලබා ගැනීමට සමත් වූ ඔහු, ගියවර මෙන් විදේශ කටයුතුවල දී විශිෂ්ටත්වයට පත්වනු ඇතැයි බොහෝ දෙනා පිළිගෙන ඇත.
ACT පක්ෂයේ නායක ඩේවිඩ් සේමූර් 2025 මැයි 31 සිට නියෝජ්‍ය අගමැති බවට පත් වනු ඇත. එය පාර්ලිමේන්තු වාරයේ අර්ධ-මාර්ග ලක්ෂයක් වන අතර එය සහයෝගිතාව කෙතරම් සුමට ලෙස ගමන් කරන්නේ ද යන්න පිළිබඳ වැදගත් සලකුණක් සපයයි. මේ අතරතුර, සේමූර් ගේ වගකීම්වලට නියාමන අමාත්‍යාංශ (රෙගුලාසි ඉවත් කිරීම සහ රාජ්‍ය සේවා පුද්ගලයින් සහ වියදම් කප්පාදු කිරීම) මුදල් සහකාර ඇමතිකම සහ අධ්‍යාපන සහකාර ඇමතිකම අදාළ වෙයි.
සේමූර් ගේ සහයට ACT පක්ෂ සගයන් තිදෙනෙකු කැබිනට් මේසයේ සිටින අතර, ඉන් Brooke Van Velden අභ්‍යන්තර කටයුතු සහ සේවා ස්ථාන සබඳතා පිළිබඳ අමාත්‍ය ධූරය ද Nicole McKee අධිකරණ අමාත්‍ය ධූරය ද හොබවති.
සහයෝගීතාවේ ක්ෂණික වැඩ සැලැස්ම නිර්ණය වී ඇති අතර ඉදිරියේ අභියෝග ඇති වන බවට සැකයක් නැත. එසේම ඉදිරි කාලය තුළ නවසීලන්තයේ හා ගෝලීය ආර්ථිකයේ අභීයෝග පිළිබඳව මහාභාණ්ඩාගාරය විසින් මුදල් ඇමතිවරිය වන නිකොලා විල්ස්ව දැනටමත් දැනුවත් කර ඇත. ආර්ථිකය ශක්තිමත් කිරීමට හා යටිතල පහසුකම් සඳහා ආයෝජන කිරීමට ජාතික පක්ෂයට ඇති අභිලාෂය සාර්ථක කර ගැනීමට නම් NZ First සමඟ උපායමාර්ගික කටයුතු කිරීමට සිදුවනු ඇත. රටේ ආර්ථිකය ඉහළ නැවීමට විදේශ ආයෝජන වැදගත් වන අතර රට තුළ යටිතල පහසුකම් ඉහළ නැංවීමට දේශීය ආදයම් සෑහීමකට පත් නොවනු ඇත.