fbpx
9.3 C
New Zealand
Thursday, April 24, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

Frozen Shoulder (අවබාහුක): ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ලෙහෙසියෙන්ම සුව කර ගනිමු | වෛද්‍ය නිලක්ෂි ලෙනෝරා

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අද බොහෝ දෙනෙකු පීඩා විඳින නමුත් රෝගයේ මූලික අවස්ථාවලදීම නොසලකා හැරීම නිසා අධික වේදනාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වී ඇති රෝගයක් පිළිබඳවයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

මුලින්ම අපි දැනගමු මොකක්ද මේ කියන Frozen Shoulder රෝගී ලක්ෂණය කියලා. ආයුර්වේදයේ මේ හා සමාන ලක්ෂණ සහිත තත්ත්වය අවබාහුක නමින් හඳුන්වයි. එනම් තමන්ගේ එක් අතක් හෝ අත් දෙකම උරහිස් සන්ධියෙන් චලනය කිරීමට අපහසු වීම සහ චලනය කළ හැකි ප්‍රමාණය සීමා වීමයි.

මෙම අවබාහුක තත්ත්වය ඇතිවිය හැකි හේතු කිහිපයක් ඇත.

  1. උරහිස් සන්ධිය අධික ලෙස චලනයන් සඳහා භාවිතා කිරීම.
  2. උරහිස් සන්ධිය චලනයන් සඳහා භාවිතා නොකර සිටීම. බොහෝවිට සිදුවනුයේ යම් පහරක් වැදීමෙන් හෝ අධික බරක් එසවීමෙන් හෝ වැරදි ඉරියව්වකින් යම් ක්‍රියාවක් කිරීමට තැත් කිරීමෙන් හෝ උරහිස් සන්ධියට හානියක්, ඇඳීමක් සිදුවීමෙන් පසුව ඇතිවන වේදනාකාරී තත්ත්වය නිසා උරහිස් සන්ධිය අක්‍රියතාවයකින් තබා ගැනීමයි.
  3. ඒකාකාරී හා සීමාකාරී චලනයන් නිතර නිතර සිදු කිරීම.

ඉහත හේතුකාරී සාධක දිගු කාලයක් පැවතීම නිසා Frozen Shoulder තත්ත්වයට  පත්විය හැක.

මේ Frozen Shoulder කියන තත්ත්වය මුලදී නිසියාකාරව හඳුනා නොගැනීම නිසා හා එය නොසලකා හැරීම නිසා වේදනාකාරීන් ඉතා පීඩාකාරී රෝගී තත්ත්වයක් බවට පත් විය හැක.

එදිනෙදා වැඩකටයුතු නිසියාකාරව කර ගැනීමට නොහැකි වීම නිසාම මානසික පීඩාකාරී තත්ත්වයකටද මුහුණ දීමට සිදුවේ.

එබැවින් මේ තත්ත්වයන් මුල් අවස්ථාවේදීම නිවැරදිව හඳුනාගැනීමේ  ක්‍රමයන් පහත සඳහන් වේ .

පහත රූපවල සඳහන් චලනයන් සිදු කිරීමේදී ඔබට;

  • චලනයන් සීමා වීමක්
  • මස් පිඬු වේදනාවක්
  • මස් පිඬු තදවීමක්
  • අතේ ඇඟිලිවල හිරිවැටීමක් හෝ වේදනාවක්
  • බෙල්ල දෙපැත්තේ මස්පිඬු තෙරපීමක් හෝ වේදනාවක් දැනෙනවා නම් ඔබ අවබාහුක යන රෝගී තත්ත්වයේ යම් අවධියක් පසු කරමින් සිටිනු ඇත.

Image Courtesy www.buoyhealth.comlearnfrozen-shoulder#symptoms

 

වේදනාවන් දැනෙන ස්ථාන පහත රූපවල සඳහන් වෙයි.

සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර

අවබාහුක  කියන තත්ත්වයට ඉතා කෙටි කාලීන සාර්ථක ප්‍රතිඵලබා දිය හැකි විශිෂ්ට ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතින බව විශ්වාසනීයව මුලින්ම සඳහන් කළ යුතුය.

තමන් සිටින අවධිය අනුව දින 3 , 5, 7, හෝ 10 පරිදි ක්‍රමානුකූලව ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝගය පහසුවෙන්ම සුව කර ගත හැක.

එහෙමනම් අපි බලමු මොනවද මේ ආයුර්වේද ප්‍රතිකාර කියලා.

මුලින්ම අවබාහුක රෝගය  ඇතිවීමට බලපා ඇති හේතුව එහෙමත් නැත්නම්  නිදානය සොයා ගැනීම වෛද්‍යවරයා විසින් සිදුකරයි.

දෙවනුව තත්ත්වය නිසා වේදනාවට පත් වී ඇති ඛණ්ඩරා සහ තද වී ඇති මස් පිඬු වගේම ඉරීමකට ලක්වී ඇති මස්පිඬු තිබේදැයි වෛද්‍යවරයා විසින් නිගමනය කරයි.

තෙවනුව මේ හා සම්බන්ධව රහිස් සන්ධිය ආශ්‍රිතවත් සහ ශරීරයේ ඇති  දෝෂ ප්‍රකෘතිය සලකා බලයි.

ඉන්පසුව රෝගියාගේ තත්ත්වය අනුව;

  • පොට්ටනි තැවිල්ල
  • ස්නේහනය
  • අභ්‍යන්ගය
  • ස්වේදනය
  • ඖෂධ ආලේපනය
  • ප්‍රතිකාර අතරතුර් සිදු කරන ව්‍යායාම.

මෙලෙස ප්‍රතිකාර කිරීමෙන් සුව වූ පසු වූවද එම සුවතාවය දිගටම පවත්වා ගැනීමටත් නැවතත් අවබාහුක තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමටත් අවශ්‍ය කරන සුදුසු ව්‍යායාම  කියා දීම සිදු කරනු ලබනවා.

ඉහත ප්‍රතිකාර මගින් ;

  • ආසාදනයට ලක්වී ඇති මාංශ පේශී ඛණ්ඩරා නැවත් ප්‍රතිස්ථානගත කිරීම
  • තද භාවයට පත් වී ඇති මාංශ පේශි ලිහිල් කිරීම
  • මාංශ පේශී තදවීම නිසා අකර්මණ්‍යතාවයට පත්වී ඇති   ස්නායු රුධිරවාහිනීම නැවතත් කාර්යක්ෂම කිරීම
  • උරහිස් සන්ධියත්  අත් ඇඟිලි  වල  රුධිර සංසරණය නැවත ක්‍රමවත් කිරීම මගින් ඉතා හොඳ රුධිර සැපයුමක් වගේම ශක්ති ජනකයන් සැපයීම
  • ව්‍යායාම මගින් අතේ නියමිත චලනයන් නිසියාකාරව සිදුකිරීමට පුරුදු කිරීමෙන් සීමාකාරී වී තිබූ චලනයන්ගෙන් අත්මිදීම
  • දුර්වල වී තිබූ මාංශපේෂි නැවත යථා තත්ත්වයට පත්වීම
  • උරහිස් සන්ධිය සහ දෙයක් ඇඟිලි ඉතා හොඳින් ශක්තිමත් වීම
  • ව්‍යායාම මඟින් නැවත අවබාහුක තත්ත්වයන් ඇතිවීමෙන් වැළකීම

එහෙමනම් දැන් අපිට පැහැදිලියි මොකක්ද මේ අවබාහුකින රෝගී තත්ත්වය කියන්න කියලා ඒ වගේම මේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද රෝගී තත්ත්වය ඇති රෝග ලක්‍ෂණ මොනවාද ඒවගේම මෙම රෝගී තත්ත්වයෙන් මිදී නැවත ත් යථා තත්ත්වයට පත්වීම සඳහා අපි මොනවාද කළ යුත්තේ කියන කරුණු කාරණා.

මේ වගේම සෞඛ්‍යමත් ජීවිතයකට මග කියන තවත් ලිපියකින් නැවත හමුවෙමු. සුවදායි ජීවිතයක්.

වෛද්‍ය නිලක්ෂි ලෙනෝරා

BAMS(Hon’s)University of Colombo
CEYLON AYURVEDA MEDICAL & WELLNESS CENTRE
Guest Lecturer in University of Canterbury

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.