fbpx
10.3 C
New Zealand
Thursday, May 2, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සුපවේදී හිරන්ත හෙන්දහේවා මහතා සමග ශ්‍රීLankaNZ පිළිසදර

Must read

~~ පිළිසඳරක් with Hirantha Hendaheva ~~

2023 නව වසරේ පළමු  පිළිසදර වැඩසටහනට නවසීලන්ත පාර්ලිමේන්තුවේ ප්‍රධාන සුපවේදී හිරන්ත හෙන්ද හේවා මහතා අප හා එක් වෙනවා. අපගේ  ආරාධනය පිළිගෙන ශ්‍රිLankaNZ පුවත්පත හා සම්බන්ධ වීම පිළිබඳ අපගේ ස්තුතිය පිරිනමමි.

හිරන්ත, අපේ පාඨකයන්ගේ දැනගැණීමට ඔබ ගැන කෙවි හැඳින්වීමක් කරන්න පුළුවනිද?

ඔව්. මුලින්ම මටත් ශ්‍රීලංකන්ස් සමග එක් වෙන්න අවස්ථාවක් ලබා දුන්නාට ස්තුතිකරන්න ඕනෑ. මගේ නම හිරන්ත හෙන්ද හේවා. දැනට නවසිලන්ත පාර්ලිමේන්තුවේ ප්‍රධාන සුපවේදී ලෙස කටයුතු කරනවා.

ලංකාවෙ සිට ඔබ නවසීලන්තයට පැමිණීමට හේතු වූ කරුණු මොන වගේද?

මම හොටෙල් ක්ෂේත්‍රයේ  ඉගෙන ගනිද්දී විශාල රැකියාමය අවස්ථාවන් තිබුණා. වගේම තමා මට වෙන රටකට ගිහින් ඉගෙන ගෙන වැඩ කරන්න ලොකු ආසාවකුත් තිබුණා. 2003 වසරේ දී ශිෂ්‍ය වීසා අරගෙන නවසීලන්තයට ඇවිත්  මැසේ (Massey ) විශ්ව විද්‍යාලයේ ‘Hospitality and Catering Diploma‘  පාඨමාලාවක් හදාරන්න මට පුළුවන් වුණා.

ඔබ වගේ තරුණයෙකුට ලංකාවේත් මේ වගේ රටවලත් ඉදිරියට යන්න පුළුවන් ක්ෂේත්‍ර රාශියක් තියනවා. ඒ අතරින් ඔබ සුපවේදියෙක් වීමට සිතුවේ ඇයි ?

වැඩිපුර අධ්‍යාපනය හදාරන්න සහ අනාගත වෘත්තියක් පිළිබද අවධානය යොමු කරන කාලයේ  හෝටල් පාසල ගැන මට  දැනගන්න ලැබුණා. මාගේ නිර්මාණශීලී අදහස් ක්‍රියාත්මක කිරීමට සහ අනාගතයේ ජාත්‍යන්තර ලෙස පිළිගැනීමක් ලබා ගැනීමට මෙම ක්ෂේත්‍රය තුළ සුපර්වේදියෙක් ලෙස වැඩ කිරීමට ලැබීම මහත් රුකුලක් වන බව මට තේරුණා.

හෝටල් ක්ෂේත්‍රයේ සිට නවසීලන්තයේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන  සුපෙර්වේදියා දක්වා ඔබේ ගමන කෙබදුද?

මම මැසේ විශ්ව විද්‍යාලයේ  ඉගෙනීම් කටයුතු කරන අතරතුර රෙස්ටෝරන්ට් කිහිපයක අර්ධ කාලීන රැකියාවල නිරත වුණා.ඉගෙනීම් කටයුතු අවසන් විමෙන් පසු අවුරුදු පහළොවක් විතර හොටෙල් කිහිපයක වැඩ කිරීමට මට අවස්ථාවක් ලැබුණා. අතරතුර පියවරෙන් පියවර ප්‍රධාන සුපවේදීයකු දක්වාම එන්න මා ගත් අත්දැකීම් උපකාර වුණා

මම නිතරම තව කෙනෙක් වැඩක් කරනකම් බලන් ඉන්නේ නැතුව වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කරන්න වගබලා ගත්තා. ඒවාගේම ප්‍රශ්නයක් හෝ වැරැද්දක් වුණොත්  ඒක වැඩිදියුණු කරගන්න අවස්ථාවක් සොයා ගනිමින් ප්‍රශ්නය විසදන්න ක්‍රමයක් සෙවුවා. මම හිතන විදිහට ගතිගුණය මාගේ මේ ගමනට මහත් රුකුලක් වෙන්න ඇති.

අපි ඔබගේ  “Signature Dish“  වගෙ දෙයක් තියනවාද  කියලත් අපි ගැන දැනගන්න කැමතීයි.

අපි  ‘Signature Dish’ කියා එකක් තියාගෙන ඉන්නේ නෑ. මොකද අපේ රෙස්ටෝරන්ට් එක ස්ථාන කිහිපයකම මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. අපි විවිධ අත්හදාබැලීම් කරමින් කෑම වට්ටෝරුවල වෙනස්කම් කරනවා. මූලික ලෙසම අපේ කණ්ඩායමේ අනිකුත් අය සමඟ සාකච්ඡා කරමින් වෙනස් විදිහේ dishes නිර්මාණය කරනවා. තුළින් සියලු දෙනාටම අලුත් දෙයක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා සහ අපේ පාරිභෝගිකයින්ටත් අලුත් ආහාරයක් රස විඳින්න අවස්ථාව ලැබෙනවා.

සුපවේදය සොයා බලා අත්දැකීම් අරගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් නොවේ. නිසා අපි සෑම අවස්ථාවකදීම අපේ හැකියාවන් අලුත් දෙයක් වෙනුවෙන් යොදා ගැනීමට සූදානමින් ඉන්න ඕනේ.

මෙම ක්ෂේත්‍රය ලංකාවේත් දියුණූ මට්ටමක තියනවා. අපේ රටේ  සිටියදී  මෙම ශාස්ත්‍රය සඳහා ඔබ ලබා ගත්  සුදුසුකම්  කෙබඳු ද?

මම 1999 වසරේ දී  ‘ලංකා හොටෙල් කළමණාකරණ ආයතනය‘ ට ඇතුළත් වුණා. ලංකාවේ සිංහලෙන් ඉගෙන ගත්ත අපි හොටෙල් ස්කූල් එකේදී සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න සිද්ධ වුණා. ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගන්න ඒක මට ලොකු උදව්වක් වුණා. මම හොටෙල් ස්කූල් එකේ අවුරුදු හතරක් ඉගෙන ගත්තා. හැම අවුරුද්දෙම පළවෙනි මාස හය න්‍යාය හා මූලධර්ම ඉගෙන ගත්තා වගේම ඉතිරි මාස හය ආධුනිකයෙක් ලෙස ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා යෙදෙව්වා.

කාලේ හොටෙල් පාසලේ  විනය ඉතා ඉහළ මට්ටමක තිබ්බා. අපිට කළමනාකරණය වාගේම හොඳ ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳවත් ඉගෙන ගන්න ලැබුණා.(Ethics).

ක්ෂේත්‍රයේ ඇති විනය හා ප්‍රායෝගික බුද්ධිය පිළිබඳ ඔබගේ අදහස. 

මෙම ක්ෂේත්‍රයට අලුතින් එන කෙනෙකුට මූලික අධ්‍යාපනය, විනය හා අවබෝධය ලබා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. පසුව ක්ෂේත්‍රයේ වැඩ කිරීමත් සමගම ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කර ගැනීමට එය රුකුලක් වෙනවා වගේම තමන්ගෙ දියුණුව කරා යෑමට ද මෙය හොඳ අවස්ථාවක් ලෙස හඳුන්වන පුළුවන්. තවද ක්ෂේත්‍රයට තියෙන ආසාව සහ අවධානය යොමු කිරීම ඉතා වැදගත්පසුකාලීනව මේ ක්ෂේත්‍රයේ වැඩ කරන විට කළමනාකාරීත්වය සහ යහපැවැත්මඑහි රඳා පැවැත්ම පිළිබඳ හොඳ අවබෝධයක් සහ අවධානයක් යොමු කරන්න වෙනවා.

සුපවේදි ශාස්ත්‍රීය පිළිබඳ ඔබ ලබා ගත් අත්දැකීම් ඇසුරෙන් ශ්‍රි ලංකාවේ සහ නවසීලන්තයේ මේ ක්ෂේත්‍රයේ පවතින වෙනස්කම් මොනවාද?

2003 වසරේ සිට  මේ දක්වාම මම රැකියාව කළේ නවසීලන්තයේ විතරයි. ලංකාවේ මේ ක්ෂේත්‍රයේ තියන වෙනස්කම් ගැන කියන්න මට අමාරුයි. ඒත් මම ලංකාවේ 2000 වසරේ වැඩ කරනකොට මුලුතැන්ගේ කණ්ඩායමේ  විශාල පිරිසක් හිටියා. එක ක්ෂේත්‍රයක් සඳහා පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති එක් පුද්ගලයකු බැගින් හිටියා. උදාහරණයක් ලෙස මම ආධුනිකයෙකු ලෙස වැඩ කරන කාලයේ දී සුපවේදින් එකසිය දහයක් පමණ එම හෝටලයේ වැඩ කරා. එයින් එක සූපවේදියකු එක ක්ෂේත්‍රයක් භාරව හිටියා මතකයි. නමුත් නවසීලන්තෙ ඉන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි. සියලු දෙනාටම එක ක්ෂේත්‍රයක වැඩ කිරීමට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් සහ අත්දැකීම් තිබීම අනිවාර්ය වේ.

ඔබගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබට බොහොම ස්තූතියි හිරන්ත, ශ්‍රී ලන්කන්ස් හා සම්බන්ධ වීම පිළිබඳව.

*** *** ***

සැකසුම ගවිත්‍රී යටිගම්මන.
Written By Gavitri Yatigammana

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.