fbpx
13.5 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පුහුණු කරවූ ශ්‍රී ලාංකිකයා – අයිවන් තිසේරා සමඟ ශ්‍රීLankaNZ පිළිසඳර

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

~~ පිළිසඳරක් with Ivan Tissera ~~

“ක්‍රීඩාව හා අධ්‍යාපනය දෙකම බොහොම වැදගත්.  ක්‍රීඩාවෙන්  අධ්‍යාපනයට සෑහෙන උදව් ලැබෙනවා. හොඳ පුරවැසියෙක් වන්නේ කොහොමද, අමාරු තැන්වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඉවසීමකණ්ඩායම් හැගීම වාගේ දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙනවා. ළමයින්ට ක්‍රීඩාව අත්දකින්න ඉඩ දෙන්න.”

Full video: https://youtu.be/ZJjjNrrxYRo

දැනට ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස සේවය කරන, නවසීලන්ත කාන්තා  ක්‍රිකට් කණ්ඩායමේ හිටපු  ප්‍රධාන පුහුණුකරුවකු වන අයිවන් තිසේරා මහතාවSrilankaNZ’‘වෙනුවෙන් මම සාදරයෙන් පිළිගන්නවා.

ආයුබෝවන් අයිවන් මහත්මයා. ආරම්භයක් විදිහට ඔබ ගැන කෙටි විස්තරයක් දැන ගන්න කැමතියි.

ආයුබෝවන්,  මුලින්ම මෙම සාකච්ඡාවට මා සහභාගි කරවා ගැනීම ගැන ස්තූතිවන්ත වෙනවා. මා ගැන කියනවා නම්, මම අවුරුදු පහළොවක කාලයක් “ක්‍රිකට් වෙලිංටන්” සමඟ වෙලිංටන්  නගරයේ වැඩ කළා. මේ මාසයේ සිට මම  වෙලිංටන් ස්කොට් විද්‍යාලයයේ (Scott College)  ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කරනවා.

ආනන්ද විද්‍යාලය හරහා ක්‍රිකට්  ක්‍රීඩාවට සම්බන්ධ වන ඔබට ලැබුණ දායකත්වය මොන වගේද?

මම තාත්තාත් එක්ක ක්‍රිකට්වලට යන්න පටන් ගත්තා. පාසලේ  මූලික තෝරා ගැනීම් වලින් මම ක්‍රීඩා කිරීමට තේරුණා. පසුව අවුරුදු 12,14,16 න් පහළ ක්‍රිකට් කණ්ඩායම්වල මම ක්‍රීඩා කළා.

පුහුණුකරුවකු විදිහට කටයුතු කිරීමට ඔබට හේතු වූ කරුණු මොනවාද?

ක්‍රිකට් පුහුණුකරුවකු විදිහට වැඩ කිරීම ආරම්භ කළේ නවසීලන්තයට ආවාට පස්සෙයි. ඊට ප්‍රධාන හේතුව මගේ පුතාගේ පුහුණුවීම් කටයුතු මමම කරවීමයි. එතන දී ඇති කර ගත් හැඳුනුම්කම් මත මට මේ තනතුර ලබා ගන්න පුළුවන් වුණා. එමගින් තවදුරටත් මේ ක්ෂේත්‍රය හා ඉගෙනීම් කටයුතුවල නිරත වන්නට මට අවස්ථාව උදා වුණා.

නවසීලන්තයට එන්න හේතු වූ කරුණු මොනවාද?

මගේ බිරිඳගේ රැකියාව නිසා තමා මම මෙහෙ ආවේ. මුලින්ම අපි ගියේස්ට්‍රේලියාවට. 1999 දී එම රැකියාවෙන් වෙලිංටන්  නගරයට එන්න සිද්ධ වුණා. තාවකාලිකව ඉන්නම් කියලා ආවත් පස්සෙ කාලෙක දී නවසීලන්තයෙ ජීවත් වෙන්න අපි තීරණය කළා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තයේ ක්‍රිකට් අතර ඔබ දකින වෙනස මොනවාද?

එහෙම විශේෂත්වයක් නැහැ. නවසීලන්තයේ ක්‍රීඩකයන්  ප්‍රමාණය හරිම සීමිතයිපොඩි කාලේ ඉඳන්ම දරුවාව  ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීම මෙහි හරිම විශේෂිතයි. මෙහි ඇති සීමිත  ක්‍රීඩකයන් සංඛ්‍යාව  බලන කොට කළමනාකරණය කිරීම ඉතාම පහසුයි. දැනට ජාත්‍යන්තර  මට්ටම හා සමානවම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවද වැඩි දියුණුවෙමින් තියනවා. තව අවුරුදු පහකින් ‘Black Caps Team’ එකේ සිදුවිය යුතු වෙනස  පිළිබදව  මේ වෙනකොට නවසීලන්තයේ සෑම දිස්ත්‍රික්කයකම වාගේ පුහුණුකරුවන් අතර අදහසක් තියනවාමෙහි ක්‍රමය එයයි. ලංකාවේ බැලුවොත්  සෑම ප්‍රදේශයක්ම ආවරණය වෙන  විදිහට  ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා

පුහුණුකරුවකු ලෙස ලංකාවේ හා නවසීලන්තය අතර දකින තාක්ෂණිකමය වෙනස්වීම් මොනවාද?

ඒ අතින් නම්  රටවල් දෙකම එක හා සමානයි. ඒත්  නවසීලන්තයේ පහසුකම් අතින් වැඩියි. දේශගුණයට ගැළපෙන ආකාරයට මාස හයක් ගෘහස්ථ  ක්‍රීඩාවේ යෙදෙනවා. අනිත් මාස හය එළිමහන්  ක්‍රීඩාවේ යෙදීමට ඉඩ සලස්වා තියනවා. තාක්ෂණිකමය  අතින් සමහරක් වෙලාවට අපේ රටවල් මීට වඩා දියුණු වෙන්නත් පුළුවන්.

ආසියානු කුසලාන අවසාන මහා තරගය  සඳහා පැය  කිහිපයකට පවත්වන මෙම සාකච්ඡාව තුළ මතක් කළ යුතු දෙයක් වන්නේ ලංකාව මේ වන විට හොඳම තත්ත්වයේ ඉන්නවා කියන එකයිඒක තමා  කණ්ඩායම්  මානසිකත්වය. ඉතින් ඔබ  පුහුණුකරුවෙකු ලෙස  ක්‍රිකට්  ක්‍රීඩාවේ කණ්ඩායම් මානසිකත්වය දකින්නේ කෙසේද?

විශේෂයෙන්ම ක්‍රිකට්  ක්‍රීඩාවේ ධනාත්මක පැත්ත  පොඩ්ඩක් තියෙන ගමන්ම සෘණාත්මක පැත්ත තමා  ගොඩක් තියෙන්නෙ. හැම  වෙලාවකදීම හොඳ මානසික තත්ත්වයකින් ඉන්න ඕනේ.  ක්‍රීඩාවක් විදිහට ගත්තොත්  ක්‍රිකට්  කියන්නේ දිගු ක්‍රීඩාවක්

පන්දු වාර පනහක් ගහන අවස්ථා තියෙනවා, දවස් පහක් ගහන ටෙස්ට් අවස්ථාත් තියෙනවා. හැම ක්‍රීඩකයෙක්ම බලාගෙන ඉන්නේ කවදා හරි දවසක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. ඒක තමා මේ  ක්‍රීඩාවේ තියෙන ලොකුම අරමුණ. ඒක කරන එක ලේසි දෙයක් නෙවෙයි

දැන් Sport Psychology හඳුන්වා දීලා තියෙනවා. තුළින් එකිනෙකාට ආවේණික වූ ප්‍රශ්න කතා කරනවා. ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම හොඳ තත්ත්වයක පවත්වා ගැනීම අරමුණු කරගෙන ක්‍රිකට් සම්මේලනයෙන්  අත්තිකාරම්  මුදලක්  ක්‍රීඩකයන්ට ගෙවනවා. ක්‍රීඩාව තුළ  විවිධ ස්වරූපවලින් බාධක එන්න  පුළුවන්. හැම එකක් එක්කම තමන් ඉස්සරහට එන පන්දුවට මුහුණ දෙන එක තමා මෙතැන දී වැදගත් වන්නේ.  ‘Try to stay in that moment, ‘ කියලා තමයි ක්‍රීඩාවේදී කියන්නේ.

ක්‍රීඩකයකු නිර්මාණය කිරීමට පුහුණුකරුවකු දරන වෙහෙස  අප්‍රමාණයි. පුහුණුකරුවකු  සඳහා වෘත්තීමය වශයෙන් දෙන වටිනාකම  කුමක්ද  ?

වැටුප් අතින් බැලුවොත් ක්‍රීඩකයෙකුට හම්බවෙන තරම් පුහුණුකරුට මෙහෙ මුදල් ලැබෙන්නේ නැහැ. නවසීලන්තයේ  Crickets Players’ Association එකෙන් ලොකු සහයෝගයක්  ක්‍රීඩකයන්ට ලැබෙනවායම් අවස්ථාවක් නොලැබී යන ක්‍රීඩකයන්ට අවශ්‍යතාවය අනුව ඔවුන් අතර තියෙන වෙනත් සංවිධානවල ක්‍රීඩාවලට  ඉඩ කඩ ලබා දෙනවා. නවසීලන්තයේ  ඉහළ තලයේ  පුහුණුකරුවන් අතර නවීන ලෝකයට හැඩගැසිය යුතු ආකාරය ගැන මග පෙන්වීම් කරනවා. ඒවාට අවශ්‍ය මාසික පාඨමාලා පවා සංවිධානය වනවා

පුහුණුකරුවන්ට  යම් ශ්‍රේණිගත කිරීමක් තියනවාද? එහෙම නම් ඔබ ලබා ගෙන තියන ඉහළම මට්ටම මොකක්ද?

New Zealand level 3, දැනට ලෝකයේ ක්‍රිකට් හා සම්බන්ධව තියෙන ඉහළම මට්ටමයි. ලංකාවේත් මේ වගේ එක, දෙක, තුන මට්ටම් ඒ ඒ පුහුණුකරුවන්ට ලබා දෙමින් පවතිනවා.  මට 2012 වසරේ දී එය  ලබාගන්න  පුළුවන් වුණා.

දරුවෙකුට අධ්‍යාපනය වගේම ක්‍රීඩාවද වැදගත්ඔබට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දිය හැකි පණිවිඩය කුමක්ද?

ක්‍රීඩාව හා අධ්‍යාපනය දෙකම බොහොම වැදගත්. ක්‍රීඩාවෙන් අධ්‍යාපනයට සෑහෙන උදව් ලැබෙනවා. හොඳ පුරවැසියෙක් වන්නේ කොහොමද, අමාරු අවස්ථාවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඉවසීමකණ්ඩායම් හැගීම වාගේ දේවල් පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙනවා

ඊළඟට ළමයින්ට ක්‍රීඩාව අත්දකින්න ඉඩ දෙන්න. අවුරුදු අට,නමය වයස් කාණ්ඩවල සිට  Black Caps දක්වාම  කණ්ඩායමක් තුළ තිබිය යුතු  අගයන්  (Values) බැලුවොත් ඒක Fun and Enjoyment ලෙස හඳුන්වන්න පුළුවන්. මානසික පීඩනයකින් තොරව දරුවාට සෙල්ලම් කිරීමට ඉඩ දිය යුතුයි. දිනුම මෙන්ම පැරදුමේදීත් දෙමව්පියන්ගේ සහයෝගය අත්‍යවශ්‍යමයි. අයගේ ගමන අයමයි. පරාජය  ගැන ඉගෙන ගන්න ක්‍රීඩාව හරිම වැදගත්.

මෙහේ තත්ත්වය අනුව අධ්‍යාපනයෙන් පසුබෑමක් ආවත් ළමයෙකුට වෘත්තීයමය වශයෙන් ක්‍රීඩකයෙක් වෙලා ඒ පසුබෑම අභිබවා ජයග්‍රහණය කරන්න පුළුවන් නේද?

මෙහේ තියෙන ක්‍රම අනුව  ක්‍රිකට්  සෙල්ලම් කරලා උපාධියකුත් අරගෙන එන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ  පුහුණුකරුවන්  ක්‍රීඩා කරනවාත් සමඟම  අධ්‍යාපනික සුදුසුකම්  සපුරා ගත් අවස්ථා මම දන්නවා . නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද ක්‍රීඩාවන්හි නිරත වෙන ගමන් විශ්ව විද්‍යලයයේදී වැඩ කටයුතු කරගෙන යන අවස්ථා ද එමටයි

විශේෂයෙන්ම පාසල තුළ මේ සදහා හොඳ ක්‍රමවේදයන් සැකසිලා තියෙනවා. මම දැන් වැඩ කරන්නේ පාසලක නිසා පිළිබඳ හොඳින්ම දන්නවා. දැන් වෙද්දිත් ඔවුන්ගේ පාසල්  විභාග කාලසටහන් මට ලැබිලා තියෙනවා. එතකොට අපි දන්නවා පුහුණුකරු වශයෙන් කොහොමද දරුවාගේ පුහුණුවීම් තුලනය  කරන්නේ කියලා. අපිට තේරුණොත් ක්‍රීඩකයා ගොඩක් තෙහෙට්ටුවෙන් ඉන්නේ කියලා එතකොට අපි ඔහුට සති තුනක නිවාඩුවක් ලබා දෙනවා.

ක්‍රීඩකයෙකුට වාගේම පුහුණුකරුවකු වන ඔබටත් නිවාඩුවක් ඇති. ඔබට නිවාඩුවක් ලද විට ඔබ කරන්න කැමති මොනවාද?

මම  ගොඩක් සංචාරය කරන්න ආසයි. මගේ පවුලේ කට්ටියත් එක්ක කාලය ගත කරන්න වගේම උයන්නත් කැමතියි. ලංකාවේ ගීත අසමින් කාලය ගත කරන්න ගොඩක් කැමතියි.

අධ්‍යාපනයට වගේම  ක්‍රීඩාවට ද දරුවන් යොමු කිරීම හා සම්බන්ධව ලාංකීය දෙමාපියන්ට ඔබ දෙන අවවාදය කුමක්ද?

පළමුව පුළුවන් තරම්  ක්‍රීඩාවලට යොමු කරලා දරුවා ආස සහ දක්ෂ දේ තෝරා ගන්න. වැඩිහිටියන් කැමති දේ නොව දරුවා කැමැති දේ තෝරා ගෙන ඉදිරියට යාමට ඉඩ දෙන්න. ක්‍රීඩාවකට සම්බන්ධ වීමට නම් තමන් ඉන්න ප්‍රදේශයේ  ක්‍රීඩා සමාජයට හෝ  පුස්තකාලයකට ගිහින් විස්තර  දැනගන්න පුළුවන්. පාසල් පද්ධතිය තුළින් ද දරුවා කැමැති  ක්‍රීඩාවකට යොමු කර ගන්න පුළුවන්.

‘ශ්‍රී ලංකන්ස්’ (Si LankaNZ) සහ එකතු වීම සම්බන්ධව ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.

*** *** ***

සාකච්ඡාව මෙහෙය වූයේ ලක්සිරි උඩගේ ආරච්චි.
Interviewed by Laksiri Udage Arachchi

ලිපිය සකස් කළේ ගවිත්‍රී යටිගම්මන.
Written By Gavitri Yatigammana

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.