fbpx
8.9 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්ත ජාතික පක්ෂයට නව නායකත්වයක්..

Must read

ජුඩිත් කොලින්ස් ගේ  මතභේදාත්මක ඉවත්වීමෙන් පසු ක්‍රිස්ටෝපර් ලක්සන් ජාතික පක්ෂයේ නායකත්වයටත් නිකෝලා විල්ස් නියෝජ්‍ය නායකත්වයටත් පසුගිය අඟහරුවාදා පත් කරන ලදී. 51 වන වියේ පසුවන ඔහු වසර හතක් Air New Zealand හි ප්‍රධාන විධායක නිලධාරියා විය. එමෙන්ම ජුඩිත් කොලින්ස්ගේ shadow cabinet හි පළාත් පාලන, පර්යේෂණ, විද්‍යාව, නිෂ්පාදන සහ ඉඩම් තොරතුරු ප්‍රකාශක හා ප්‍රවාහන සහකාර ප්‍රකාශක ලෙස ද කටයුතු කළේය.

මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ පක්ෂය ශක්තිමත් ගොඩනංවන බවයි. ඔහුගේ වැඩි අවධානය යොමු වූයේ දියුණු ආර්ථික සංවර්ධනයක්   නවසීලන්තය තුළ  ඇති කිරීමටය. “අපට ප්‍රමාණවත් තරම් නිෂ්පාදන ආර්ථිකයක් නොමැත, වෙහෙස මහන්සි වී ජනතාව වැඩ කළත් ප්‍රමාණවත් තරම් ඉහළ ආදායමක් ඔවුන් උපයන්නේ නැහැ” යන්න ඔහුගේ අදහසයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙරට අධ්‍යාපනය තව තවත් ඉහළ  තලයකට රැගෙන යා යුතු බවත් කුසලතා ගොඩනැංවීමේ මාධ්‍ය ලෙස අධ්‍යාපනය සඳහා ආයෝජනය කළ යුතු බවත් ය. එවිට අපට ඉහළ වැටුප් සහිත රැකියාවලට ප්‍රවේශ විමට හැකියාව ලැබෙන අතර  ඉහල වැටුපක් ලබා ගැනීමටත් මිනිසුන්ට රැකියා තෝරා ගැනීමේ අවස්ථාවන් වැඩි කිරීමටද හැකියාව ලැබෙන බවත් ලක්සන් පවසා සිටියේය. මානසික සෞඛ්‍ය, යටිතල පහසුකම් ගොඩනැංවීම සහ සංවර්ධනය  කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.